[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිතුවම් කලාවෙන් සිත් පහන් කළ ඇම්. සාර්ලිස් මාස්ටර්

බොදු සිතුවම් කලාවෙන් සිත් පහන් කළ ඇම්. සාර්ලිස් මාස්ටර්

වසර 138කට පෙර දකුණෙන් බිහි වූ හෙළයේ අග්‍රගණ්‍ය මහා චිත්‍රශිල්පියකු වූ ඇම්. සාර්ලිස් මාස්ටර් අඩසිය වසකට අධික කාලයක් පුරා බෞද්ධ චිත්‍ර කලාවේ ලක්ෂ සංඛ්‍යාත බොදු දනන්ගේ සිත්තුළ පී‍්‍රතිය තැන්පත් කළ මහා කලාකරුවෙකි. 1980 ජූනි 26 වැනි දා උපන් සාර්ලිස් මාස්ටර් කලා කරුවා කුඩා අවධියේ සිටම චිත්‍ර ශිල්පයට නැඹුරු විය.

එතුමාගේ පියා වෑයම් කළේ තම දරුවා සිංහල වෙද මහතෙකු කිරීමට ය. එහෙත් දෛවය වෙනස් විය. මාතර වැලිතර පුෂ්පාරාමාධිපති වැලිතර ඤාණතිලක හිමියන් වෙතින් පෙරදිග භාෂා හදාරන ලදී. ඡ්‍යොතිෂ හා වාස්තු විද්‍යාවේදියකු, කවියෙකු මෙන්ම ලිවීමේ අති දක්ෂ විය. චිත්‍රවලට ඇති ඇල්ම නිසාම ප්‍රදේශයේ පන්සල්වල චිත්‍ර ඇඳීමේ නිරත විය.

තරුණ වියට පා තබත් ම කොළඹට පැමිණ එවකට ටවර් හෝල්හි තිර ඇඳීමේ යෙදී සිටි සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වූ හෙන්රික්ස් ශූරීන්ගෙන් චිත්‍රකලාව වැඩිදුරටත් අධ්‍යයනය කරන ලදී. 1906 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන් විහාර ගෙයි චිත්‍ර අඳින ලදී. තිඹිරිගස්යාය අශෝකාරාමය, හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාමය, දෙමටගොඩ වේළුවනාරාමය, පොතුපිටියේ පූජාරාමය, ඊරියවැටියේ සුදර්ශනාරාමය, තිස්ස විහාරය, ඉඳුරුවේ යාලේගම මහ විහාරය, ඇතුළු විහාර විශාල ප්‍රමාණයක චිත්‍ර හා මූර්ති නිර්මාණය කරන ලදී. බස්නාහිර පළාතේ මහා කලාගාරයක් බඳු වූ බෙම්මුල්ලේ ශ්‍රී වර්ධන පිරිවෙන් මූල මහා විහාර ගෙයි 1918.07.15 දින අඳින ලද චිත්‍ර සහ මූර්ති මේ වන විට සංරක්ෂණය කිරීමට, හංචාපොල සීලවංශ නාහිමියන්ගේ උපදේශකත්වය පරිදි ශාස්ත්‍රාචාර්ය කුඩාගම සමිත ස්වාමීන් වහන්සේගේ දායකත්ව ය ඉතා අගනේ ය.

සාර්ලිස් මාස්ටර් විසින් අඳින ලද බෞද්ධ චිත්‍ර විශාල සංඛ්‍යාවක් එදා බෞද්ධ සැදැහැවතුන් අතර ප්‍රසාදයට පත් විය. නවනාරි කුංජරය, සප්ත නාරිපල්ලැක්කිය, නව චිත්‍ර නිර්මාණයන් ය.

විශේෂයෙන්ම එතුමා විසින් අඳින ලද සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රය අදත් බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. කැලණි විහාර චිත්‍ර අඳින ලද, මහා චිත්‍ර කලාවේ දී සෝලියස් මැන්දිස් ශූරීන්ගේ සම කාලීනයෙක් වූ මෙතුමා බටහිර පැත්තට නැඹුරු චිත්‍ර කලා ශෛලියක් අනුගමනය කළ බැව් පසක් වේ.

මෙතුමාගේ ප්‍රධාන පෙළේ ගෝලයන් වන්නේ ඇම්. නෝබට්, එස්. අකුරුගොඩ, ජී.ඒ. ප්‍රනාන්දු ජී.ඇල්. ගෞතමදාස (ලේකහවුස් පත්‍ර සමූහයේ චිත්‍ර ශිල්පි) (හෙන්රි ධර්මසේන දෙස් විදෙස් පතල කීර්තිමත් රාජ්‍ය සම්මානලාභි අමුණුගොඩ සී.ඇස්. ජයවර්ධන සහ මේ ලිපිය ලියන මම ද එතුමාගේ පා සෙවණේ හැදී වැඩුණු චිත්‍ර කලාවේදීන් ය.

බෞද්ධ චිත්‍ර කලාවට නව පණක් දුන් හෙළ මහා චිත්‍ර කලාවේදී ඇම්. සාර්ලිස් ගුරුදේවයාණන්ගේ ගුණානුස්මරණ පින්කම ඔක්තෝබර් මසට යෙදීම නිමිත්තෙන් එතුමාට නිවන් සුව පතන්නෙමු.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]