[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

වප් පුර පසළොස්වක පෝදා වැඩසටහන මෙසේය

පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි , 06.30-7.00 උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 09.00-10.00 පෙරවරු ධර්ම දේශනාව දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි , 10-11 ධම්මපදයෙන් බිඳක් ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි. පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය , 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව නීලම්මහර චතුරශාන්ත හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව , 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව සූරියවැව සාරානන්ද හිමි,


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ වප් පුරපසළොස්වක පොහෝදා, ශීල,භාවනා,ධර්ම දේශනා පින්කම් මාලාව තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00-6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරි මහින්ද නා හිමි 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00-9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනාව සෙවණගල අජිත හිමි .10.30- 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි,

පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය, 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරි මහින්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් 2.15 - 3.15 ධර්ම දේශනය යටිහලගල විජිත හිමි, 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ ධම්මදේව හිමි. 5.30 ධර්ම දේශනය, ලූණුගම් වෙහෙරේ සුනීත හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී වප් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 - 9.00 දහම් දෙසුම පුහුල්වැල්ලේ සාරධ හිමි 9.30-10.30 දහම් දෙසුම පනාපිටියේ ජිනරතන හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00-12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 භාවනා වැඩසටහන ආටිගල අමිතදේව හිමි, 2.15-3.00 ධම්මපදය .5.00 දහම් දෙසුම ලේල්වල සද්ධාජීව හිමි . සවස 6.00 මල් පහන් , ගිලන්පස ,අටවිසි බුද්ධ පූජාවක්,බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලැබේ. සුපුරුදු පරිදි මෙම වප් පුර පසළොස්වක පොහොය දිනයෙහි දීද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , ලෝලුගස්වැව සුමනවංස, දෙමුන්නෑවේ සුමනරතන, ගල්කිස්සේ ධම්මිස්සර යන හිමිවරුන්ද, ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ වප් පොහෝ දින දාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී මොරගොල්ලේ සිරිරතන හිමියන් සංවිධානය කරති. පෝදා පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙන් හි ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කරම්බන්කුලමේ සිරිධම්ම හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡාව කිරීම, 9.15 ගිහි දේශනය මධ්‍යම පළාත් පිරිවෙන් ගුරු උපදේශක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ශ්‍රී සංඝරාජ මහා පිරිවෙන්හි ආචාර්ය ලලිත් අබේසේකර මහතා. 10.30 බුද්ධ පූජාව. දවල් 12.00 ජාතක කතා දේශනාව, රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව 02 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන් අංශාධිපති, අභයගිරි චෛත්‍යරාමාධිකාරී, ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි. 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, දර්ශනපති කිරම විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන යන මහත්වරු, 04.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.


ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 - 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00 - 09.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 09.15 - 10.15 ධර්ම දේශනාව හඟරංගල සුමේධ හිමි, 10.30 - 11.30 ව්‍යාංජන තිස් දෙකක් සහිත සම්බුදු පූජාව, ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි සහ උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 - 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 03.15 - 04.15 ධර්ම දේශනාව පන්නල ධම්මිස්සර හිමි, 04.30 - 05.30 ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික හිමි, 05.30 - 06.00 ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය කොඩිකාරගොඩ සුනීත හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදානය හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 08.00-09.30 ධර්ම දේශනාව හා භාවනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 09.30-10.30 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරධ හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව දවල් 12.15-1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාව , 1.00-2.00 ධර්ම දේශනාව කැලණියේ ශාසනවංශ හිමි, 2.00-3.00 ධර්ම දේශනාව හිගුරේ පඤ්ඤාසේකර හිමි, 3.30-5.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන පැවැත්වේ. අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම , සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව .8.30-9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි . 10.00-10.40 ජාතක කථා දේශනය, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව , පස්වරු 12.30- 3.00 ගිහි දේශනය හා භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ ,3.15- 4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි . 40.00-5.00 සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදුකිරීම, 6.30-7.30 ගිලන්පස බෝධි පූජාව සිදුකිරීම හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි. බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය මොරටුව කටුබැද්ද, පදිංචි ඡ්‍යොතිෂවේදී සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන වප් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේය. පෙරවරු 06.15-07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, පනාපිටියේ විජිතනන්ද හිමි 07.15-09.45 ධර්මදේශනාව /භාවනාව තපෝවනයේ සුමේධ හිමි, 10.00-11.00 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පූජාව මෙහෙයවීම, ලේනව මංගල හිමි.පස්වරු 01.00-02.45 ධර්ම දේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 03.00-04.30 ධර්ම දේශනාව දොරපනේ රතනසාර හිමි, 04.45-06.00 ධර්ම දේශනාව, සිල් පවාරණය හා අලුත් කිරීම , පරගස්තොට සුධම්ම හිමි, 06.15-07.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වු බෝධි පූජාව (පටිගත කරන ලද) 07.10-08.30 ගිහි දෙසුම ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව , රාත්‍රී 08.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි,


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00 - 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි. 08.00 - 09.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 09.00 - 10.00 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 10.00 - 11.15 භාවනාව අනුශාසනාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 12.30 - 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාරමාධිකාරී සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 - 02.30 ගිහි දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.බී. දිසානායක ශූරීහු, 03.00 - 04.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00 - 05.00 ධර්මානුශාසනාව අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංශ හිමි, 05.00 - 06.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කිරම රාහුල හිමි, 06.00 - 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.


බම්බලපිටිය ළමා සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 08.00 - 08.45 සීල සමාදානය සහ අනුශාසනාව සිරි වජිරාරාමාධිකාරී කඹුරුගමුවේ මහානාග හිමි, 08.45 - 09.45 භාවනාව මෙහෙයවීම ඉන්දිරා ආරියරත්න මහත්මිය, 10.00 - 10.45 ගිහි දෙසුම මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ධර්මාචාර්ය චතුර චින්තක මහතා, 10.45 - 11.30 දහම් කතාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බෙලිඅත්තේ විමල හිමි, පස්වරු 12.30 - 01.15 සෙත් පිරිත් සජ්ඣායනාව සිරි වජිරාරාමවාසී මුල්කිරිගල සුමංගල හිමි, 01.15 - 2.15 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී ගබ්බෙල වජිර හිමි, 02.30 - 04.00 දහම් පිළිසඳර සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, උසස් අධ්‍යාපන, ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පි‍්‍රයන්ත මායාදුන්නේ මහතා.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ දී වප් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෙරවරු 06.45 - 07.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව 08.30 - 10.30 ධර්මානුශාසනාව හා භාවනාව කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරාධිපති, නාලන්දේ පවර හිමි, 10.30 - 11.30 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 - 01.30 ධර්ම සාකච්ඡාව රණවන ජනරජ විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති, ඇකිරියේ පඤ්ඤානන්ද හිමි, 01.30 - 02.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී හුංගම චන්දවිජිත හිමි, 03.00 - 04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය මල්වතු මහා විහාරීය කර්මාචාර්ය දොරගමුවේ සද්ධාතිස්ස හිමි.


බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00- 7.00 සීල සමාදානය,07.00-07.30 තෙරුවන් වන්දනාව, 8.15-10.00 භාවනාව, 10.00-11.00 ධර්ම දේශනය, 11.00-11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනාව ,1.00-2.00 ධර්ම දේශනය පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි, 2.00-03.30 ධර්ම දේශනය අලුත්වල ධම්මසති හිමි, 4.00-5.00 ධර්ම දේශනය මැදවල සරණතිස්ස හමි, 5.00-6.00 ධර්ම දේශනය මීගොඩ සුමිත හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දී වප් පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 08.30 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත කොස්වානේ නන්දසාර හිමි, 09.30 සදහම් වන්දනාව මෙහෙයවීම ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ සවස 01.00 විශේෂ භාවනා වැඩසටහන මෙහෙයවිම වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ සවස 03.30 උපදේශන වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පේ‍්‍රමරත්න ගමගේ මහතා රාත්‍රී 07.00 සෙත්පතා පවත්වනු ලබන ආශිර්වාද බෝධිපූජා පින්කම වීරියගම අනුරුද්ධ හිමියන් විසිනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

වප් පුර පසළොස්වක පොහෝ දින කැලණි තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වනු ලබන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය,9.15 ධර්ම දේශනය,10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය , 5.00 බෝධි පූජාව, බොරලුකන්දේ ඤාණින්ද හිමි, 6.00 සිල් පවාරණය


මහනුවර ශ්‍රී වෛශාඛ දාන සංග්‍රහ සමිතිය

මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ සීමා සහිත ශ්‍රී වෛශාඛ දාන සංග්‍රහ සමිතියේ වප් පුර පසළොස්වක දින පවත්වනු ලබන 345 වෙනි දාන ශීල, භාවනා වැඩසටහන උදේ 07.00 පෙහෙවස් සමාදන් කරවීම බුද්ධ පූජාව පැවැත්වීම සහ ධර්ම දේශනාවෙන් ආරම්භ කෙරේ.


වප් පෝදා අසූමහා ශ්‍රාවක පුජාවක්

ඓතිහාසික ගල්මඩුව රජමහ විහාරයේදී වප්පුර පෝදා අසූමහ ශ්‍රාවක පූජාවක් පැවැත්වේ. විහාරාධිපති කර්මාචාර්ය ගම්මුල්ලේ ශ්‍රී සුමංගල නාහිමියන් අනුශාසකත්වයෙන් පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගබ්වෙල වජිර හිමි, 8.00 - 09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00 - 10.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උල්ලිදුවාවේ විනයධම්ම හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව හඳපාන්ගොඩ ධම්මරතන හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව, බලංගොඩ සුගතවංශ හිමි, රුහුණු දනව්වේ විමලමූර්ති හිමි, පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි ඔරුවල සුධීර හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 - 03.45 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අස්වැද්දුමේ කමලසීල හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව රත්මලාන මල්ලිකාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඥානවීර හිමි, 05.00 - 06.00 ධම්ම පදය රාජකීය පණෟඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 - 9.00 භාවනාව පිටිපන සාසනරතන හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වීරපානේ අනුරාධ හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.


රද්දොළුව අමර මහා විහාරය

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී වප් පුර පසළොස්වක පෝදා පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උදෑසන 6.00 සිල් සමාදානය මෙහෙයවීම හා අනුශාසනාව සීදුවේ සුමනවංශ නා හිමි, තෙරුවන් වන්දනාව, 8.00 - 9.00 ධර්ම දේශනාව, කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි, 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර, ධර්මාචාර්ය අනුර සිරිමාන්න, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද ඇතුළු වියතුන් සහභාගී වෙති. බුද්ධ පූජාව, 12.00 - 12.30 සක්මන් භාවනාව, 12.30 - 1.00 තෙරුවන් වන්දනාව 1.00 - 2.00 කාව්‍යමය ධර්ම දේශනාව වනාතවිල්ලුවේ විපස්සි හිමි, 2.30 - 3.30 ජාතක ධර්ම දේශනාව රද්දොළුවේ වජිර හිමි, 3.30 - 4.30 භාවනාව මොණරාගල සෝමසාර හිමි, 4.30 - 05.30 ධර්ම දේශනාව මුතුවාඩියේ උපසීහ නාහිමි,

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]