[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

මහා මංගල සූත්‍රයෙහි සඳහන් වන අයුරෙන් “සමණානංච දස්සනං” ශ්‍රමණයන් වහන්සේලා දැකීම සැනසීම උදාකරවන මංගල කරුණකි. දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවමින් මෑත යුගයේ මිහින්තලා පින්බිම කසාවතින් බැබළී ගිය, ඓතිහාසික පින්කම් මාලාවක් පසුගියදා ඓතිහාසික මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. උත්තිය රාජ්‍ය සමයේ දී පිරිනිවන් පා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසම සම ගුණ සමුදාය මෙනෙහි කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුණ්‍ය භූමියේ දී ඓතිහාසික පින්කම් මාලාවක් පැවැත්විණි. අනුබුදු මිහිඳු පෙරහර ඉකුත්දා(04) පැවැති අතර පසුදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් අලුදෙණියේ සුබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජාව මිහින්තලා සේල චෛත්‍යය මළුවේ දී පැවැත්විණි. මහමෙව්නා භාවනා අසපු සංචිතයේ හිමිවරුන් අටසිය නමකගේ සහ සිල්මෑණිවරුන්ගේ සහ ලක්ෂ සංඛ්‍යාත මහ පිරිසකගේ සහභාගිත්වයෙන් එම පින්කම සිදු කෙරුණි. ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය මිහින්තලා රජමහා විහාරයේ දී 6 වනදා පස්වරුවේ පැවැත්විණි.


වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]