[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කඨින චීවර පූජා පින්කම ඇරඹෙන පින්බර වප් පොහොය

වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොයෙනි. කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය වප් පොහොයෙන් ඇරඹෙන හෙයින් මෙම මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක් ව ඇත. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් අභිමත දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවත්” මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි වන්නේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයක දී එක් වරක් පමණෙකි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් වන කාලය, දෙ වැදෑරුම් ය. එය පෙරවස් හා පසුවස සමාදානය යි. ඇසළ පුර පසළොස්වක පොහොය දා පෙරවස් ආරම්භ වන අතර” පසුවස් ආරම්භ වන්නේ නිකිණි පොහෝදා ය. වප් පොහෝදා මහා පවාරණය සිදු කෙරෙයි. සාකේත නුවර වස් එළඹි භික්ෂූන් වහන්සේ තිස් නමක් මහා පවාරණය සිදු කොට බුදුරදුන් දකිනු පිණිස සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ හ. අතරමග දී වැස්සකට මුහුණ දුන් උන්වහන්සේලා වැසි දියෙන් තෙමී ගිය සිවුරුවලින් යුතුව සිටිය හ. එම අපහසුතාවට මුහුණ දුන් භික්ෂූන් වහන්සේ දෙස බලා මතු එවන් දෙයක් සිදුනොවීම කෙරෙහි සලකා බැලූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි. කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින චීවර පරිභෝග කිරීමට අවස්ථාව ලැබුණි.


වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]