[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතාමතා වැඩ කිරීම මනුෂ්‍ය ධර්මයකි

සිතාමතා වැඩ කිරීම මනුෂ්‍ය ධර්මයකි

පින්වතුනේ, අසාර වූ සංසාර ගමනේ අපි මොනවද මේ කරන්නේ. කොහේද මේ යන්නේ. හැම සිතකම ප්‍රශ්න මොනවද මේ සසර ගැන දන්නේ. "දත යුතු යමක් වේ නම් එය දනිමි මම" කවුද එහෙම කිව්වේ.

අපිට පුළුවන් ද එහෙම කියන්න. පින්වතුනේ, මේ ලෝකයේ නියම සත්‍ය සොයාගත් මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ එහෙම දේශනා කළේ මොනවද පින්වතුනි දත යුතු දේ චතුරාර්ය සත්‍ය. මේ ලෝකේ දුක අපට වටහා දුන්නා.

හළ යුතු යමක් වේ නම් එය හලෙමි මම. අත්හැරියේ ආශාවෙන්. පින්වතුන්නේ නිතරම ජීවිතේ ගැන කල්පනාවෙන් ඉන්නලු. දුස්සීලයන් ආශ්‍රයට හොඳ නැහැ. ඒ වගේම තමයි සිල්වතුන්ට, ගුණවතුන්ට ගැරහීම හොඳ නැහැ. අප යන මේ සසර ගමන සිහියෙන් යුතුව යන්න ඕනෑ. නිතරම කල්පනාවෙන් මේ ගමන නොගියොත් සසර ගමනම අඳුරු වෙනවා. ඔබේ අතට ධර්මා ලෝකය නමැති එළිය ළං කරගන්න. එහෙම නැතුව අවිද්‍යාවෙන් ගියොත් විනාසයි. ලෝකයේ මිනිසුන් නිවැරැදි වන විට අපට යන්න නිවැරැදි මාවතක් තියෙනවා. ලෝකය දිහා නපුරෙන් බලන්න එපා. ලෝකයේ මනුස්ස ධර්ම නම් හිතලා මතලා වැඩ කිරීම යි.

එදා කුණ්ඩදාන භික්ෂූන් වහන්සේ කස්සප බුදුරදුන්ගේ සමයේ රුක් දෙවි කෙනෙක්. මේ රුක් දෙවියෝ දවසක් දැක්කා භික්ෂූන් වහන්සේ දෙනමක් ඒ අසලින් යනවා. මේ භික්ෂූන් වහන්සේ දෙනම හරිම එකමුතු කමින් හිිටියා. ඔන්න රුක් දෙවියන්ට හිතුණා මේ දෙන්නා විහිළුවට බේද කරන්න ඕනය කියලා. එක භික්ෂු නමක් කැලේට ගියා වුවමනාවකට. අනේ ඒ එනකොට ලස්සන කාන්තාවක් ඒ භික්ෂූන් වහන්සේ සමඟ එනවා. මේ රුක් දෙවියා කාන්තාවකගේ වෙස් අරගෙන තමයි මේ හාමුදුරුවන්ගේ පිටුපසට පැමිණියේ. ඔන්න අනිත් දෙන්නා හොඳටම බැන ගත්තා. පස්සේ දෙන්නම කතා වුණා අප දෙන්නා දැන් මෙච්චර කල් සතුටින් හිටියට හිත් රිදෙන විදියට වචන හුවමාරු කරගත්තනේ කියලා. තවත් අප එක තැනක ඉඳීම සුදුසු නැහැ. ඒක නිසා දෙදෙනා වහන්සේ වෙන් වෙන්න තීරණය කළා.

ඔන්න දැන් එදා ඒ රුක්දෙවියා අප ගෞතම බුදුරදුන් සමයේ භික්ෂූන් වහන්සේ නමක්. අනේ මේ හාමුදුරුවෝ පසු පස නිතරම ගැහැණු කෙනෙක් යනවා. කුටියට යනකොට අර කාන්තාව ඇතුල් වෙනවා පේනවා, අනෙක් භික්ෂූන් වහන්සේලාට. ඔය විදිහට හැමෝටම මේක ප්‍රහේළිකාවක්. හැමදෙනාම මෙහෙම කියන කොට අනේ ගිහින් ඒ හාමුදුරුවන්ගේ කුටිය පරික්ෂා කළා. ඒත් කිසිම කාන්තාවක් නැහැ. බුදුහාමුදුරුවන්ටත් මේ පුවත සැළ කළා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස කුණ්ඩදාන හාමුදුරුවන්ගේ කුටියට නිතරම කාන්තාවක් ඇතුල් වෙනවා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා මේ හාමුදුරුවන්ගෙන්. අතීත කතාව කියලා දුන්නා. එදා ඒ විහිළුවට, ආශාවට අර හාමුදුරුවන් දෙනම භේද කරපු රුක් දෙවියෝ තමයි අද, කුණ්ඩදාන හාමුදුරුවෝ. දැන් තේරෙනවද ආශාවේ තිබෙන බය. රහත් වුනත් එදා ඒ කරපු පාපේ ගෙව්වනේ.

"ගත යුතු යමක් වේ නම් එය ගතිමි මම." ගත යුතු දේ කුමක්ද ? නිර්වාණය. අපට පුළුවන් ද, එහෙම කියන්න. " කළ යුතු යමක් වේ නම් එය කළෙමි මම." ඒ කියන්නෙ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අවබෝධ කිරීම, අපේ ජීවිතවල තියන වැරැදි අඩුපාඩු කම් ටික ටික හරි හදාගන්න ඕනෑ. එක සැරේම නෙමෙයි. ටික ටික වත් හැදෙමු. නිතරම හිතලා මතලා වැඩ කිරීමට ඔබට ධෛර්ය ලැබේවා!!!

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]