[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගිහි ගෙදරට දහම් වැටක්:

සිදු නොකළ යුතු දුසිරිත්

දිනක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ආනන්ද හිමියෝ බුදුහිමියන් වැඳ එකත්පස්ව වැඩහුන්හ. ආනන්ද, පුද්ගලයකු විසින් ඒකාන්තයෙන් ම නොකළ යුතු කිසිවක් පිළිබඳව අසා තිබේද? යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් විමසූ සේක. බුදුරජාණන් වහන්ස, එබඳු දහමක් පිළිබඳව මා අසා නැත. බුදුහිමියනි, එබඳු දහමක් තිබේ නම්, දේශනා කරනු මැනවි යි ආනන්ද හිමියෝ ඉල්ලා සිටියහ.  ආනන්ද, ඒකාන්තයෙන්ම පුද්ගලයා විසින් වැළකිය යුතු දුශ්චරිත තුනක් වෙයි. එනම්, කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය සහ මනසේ දුශ්චරිතය යන්නයි. එනිසා ඒවායින් වැළකිය යුතු ය. බුදුරජාණන් වහන්සේ එම දුශ්චරිතයන්ගෙන් වැළකී පුද්ගලයා කටයුතු කළ යුතු බවට දේශනා කර තිබුණ ද, ඇතැමුන් එයම පුරුදු පුහුණු කරයි. නොකළ යුතු දුශ්චරිතයන් සිදුකරන පුද්ගලයන් විසින් තමන්ට විඳින්නට සිදුවන ආදීනවයන් ද බලාපොරොත්තු විය යුතු ය. එනම් අයහපත් ක්‍රියාවල යෙදෙන පුද්ගලයා විසින් බලාපොරොත්තු විය යුතු ආදීනව පහකි.


පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]