[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ 42 වන උපසම්පදා මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (21) ගල්ලෑල්ල පුලතිසි විද්‍යාපීඨයේ දී පැවැත්විණි. එහිදී විද්‍යාපීඨයේ ඉදිකෙරෙමින් පවතින භික්ෂු නේවාසිකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක් වූ පසුව මනම්පිටිය පාලම අසල පිහිටි පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුෂ්පෝපහාර දැක්වීමට පෙර සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු. එම අවස්ථාවට අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය වල්පොල විමලඥාන අනුනායක ස්වාමීන් වහන්සේ, ලේඛකාධිකාරී කදුරුවෙල ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිසාපති පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ. ඡායාරූප සුදත් මලවීර


පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]