[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සියවස සපිරෙන  දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරය

රුහුණේ අසිරිමත් සිංහරාජ වනපෙත ආසන්නයේ පිහිටි ඉපැරැණි සුන්දර ගම්මානයක් ඇත. ගාලු දිසාවේ අන්තය ද වෙමින් ගාල්ල සිට සැතපුම් පනහක් පමණ ඈතින් පිහිටි එම ගමට නෙළුව කඩිහිංගල මාර්ගයේ පොල්ගම්පලින්, මොරවක නෙළුව මාර්ගයේ දංගල මංසන්ධියෙන් පිවිසිය හැකි ය. ඉපැරැණි සිංහල ගමක හැඩරුව අත්දැකිය හැකි එම සුන්දර ගම්මානය දෙල්ලව නමින් හැඳින්වේ.  එම ගමමැද කඳුගැටයක පිහිටි ශ්‍රී නාථාරාම විහාරය වසර සියයකට පෙර ආරම්භ වූ සිද්ධස්ථානයකි. තිහගොඩ ඌරාපොළ පුරාණ විහාරාධිපති අකුරුගොඩ රතනජෝති මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි ආරම්භ වූ මෙම විහාරය ‘අභිනවාරාමය’ නමින් මුලින් හඳුන්වා ඇත. මුල්කාලයේ ස්ථිර වශයෙන් භික්ෂූන් වහන්සේ නමක් වැඩ නොසිටි මෙම විහාරයේ දායක පිරිස මාතර ගල්කන්දේ පුරාණ රාජමහා විහාරස්ථානයේ වැඩසිටි දෙල්ලව පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේට ආරාධනා කර වඩමවා නතර කරගෙන ඇත. උන්වහන්සේ විසින් අභිනවාරාමය යන නම වෙනස්කර නාථාරාමය යන නම තබා ඇත. මෙම ස්ථානයේ මුලින්ම පූජනීයත්වයට පත්වූයේ පාරිභෝගික චෛත්‍යය වූ බෝධින් වහන්සේ ය. එය දඹදිව ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඵලරුහ බෝධියක් වශයෙන් 1932 වර්ෂයේ රෝපණය කළබවත්, එය ලබාදීමට පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ මූලික වූ බවත් පැරැණි සටහනක සඳහන් වේ.


පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]