UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අප්‍රමාණ වූ තුනුරුවන් ගුණ

 

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයත්, උන්වහන්සේ විසින් සුවහසක් සත්ත්වයා කෙරෙහි පතළ අනුකම්පාවෙන් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයත් , බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දහම් මඟ අනුගමනය කරන මහා සංඝ රත්නයත් අපගේ සිංහල බෞද්ධ සමාජයට ලැබුණ අගනා රත්න තුනක් ලෙස හඳුන්වා ඇත. මැණික් හෙවත් රත්න යන වචනය තුළ ඉතාම වටිනා යන අර්ථය අන්තර්ගත ව පවතී. බෞද්ධ සමාජයෙහි ත්‍රිවිධ රත්නය විෂයයෙහි උතුම් අර්ථයකින් සලකනු ලැබේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හැර බෞද්ධයකුට වෙනත් සරණක් නැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පතළ මහා විශ්වාසයෙන් බෞද්ධයෝ ත්‍රිවිධ රත්නය සරණ යති. මිනිස් සිත් සතන් තුළ පවතින විශ්වාසයට අනුව එය සිදු කෙරේ. බෞද්ධ ගීත සාහිත්‍යය තුළ බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ගීත වෙන් වෙන් වශයෙන් දක්නට ලැබුණ ද, එකම ගීතය තුළ බුද්ධ , ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන ගීත දක්නට ලැබෙනුයේ අල්ප වශයෙනි. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය බුද්ධ , ධම්ම, සංඝ යන තුනුරුවන් අන්තර්ගත වන ලෙස රචනා වී ඇත. ඉදිරි පැය කිහිපය තුළ මරණයට පත්වන බව දැන මරණය ට පත්වන අවස්ථාවෙහි දී මරණයට පෙර ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරමින් කටයුතු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකට වදාළ සේක.

ඉතිරිය»

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]