UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

 

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස පවත්වනු ලබන ශ්‍රී දකුණු දළදා ඇසළ පෙරහර ජූලි 25, 26, 27 දිනයන්හි පැවැත්වීමට සෝමවතී රජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. දේව පෙරහරත් මෙම දකුණු දළදා පෙරහරට සමගාමීව පැවැත්වේ.

ඉතිරිය»

 

ගිරිහඬු සෑ වන්දනා පින්කමක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ජූලි මස 20, 21, 22 යන දිනයන්හි පින්කම් මාලාවක් ත්‍රිකුණාමලය, තිරියාය, ගිරිහඬු සෑ රජුන් අභියස දී පැවැත්වේ. ජූලි මස 21 දින දවස පුරා සීල සමාදාන වැඩසටහන පැවැත්වෙන අතර කොබවක ධම්මසීවලී හිමියන්ගේ මෙහෙයවීමෙන් රාත්‍රී 7.00 ට ගිරිහඬු සෑ රජුන් අභියස දී අසිරිමත් ස්තූපාභිවන්දනාවක් පැවැත්වේ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

සරණාගමනයෙහි විපුල ඵල

දඹදිව සොළොස් මහ ජනපදයන් අතර කෝසළ රාජ්‍ය පාලක වූ කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතා ප්‍රසන්න තාවයෙන් ආශ්‍රය, නිශ්‍රය, භජනය, පයිරුපාසනය කළහ. මෙම රජතුමාගේ අනුශාසක හෙවත් පුරෝහිත අග්ගිදත්ත නම් බමුණා මහරජුගේ අභාවයෙන් පසුව පුත්‍ර රාජකුමාරයාටද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කළේය. ක්‍රමයෙන් මහලුවයසට පැමිණි විට රජතුමාගෙන් අවසර ගෙන තාපස පැවිද්දෙක්ව සහපිරිවරින් ආශ්‍රමයක විසූහ. මගධ හා කූරුරට ආශි‍්‍රතව විශාල පිරිසක් මොහුගේ තවුස් පිළිවෙතට පැහැදී ශ්‍රාවක බවට පත්වූහ. අග්ගිදත්ත තාපසතුමා තම ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ, යමෙකුට රාගාදී කෙලෙස් හැඟීමක් පහළවූවිට එය සිතින් බැහැර කිරීමට නියමිත ස්ථානයකට වැලිගොටුවක් දැමිය යුතුය යන සම්මතය නියම කළහ. තම තමන්ට බියක්, සැකයක්, ත්‍රාසයක් ඇති වූ විට ආරාම, වෘක්ෂ, පර්වත, චෛත්‍ය සරණ යන ලෙස ද දේශනා කළේය.

ඉතිරිය»

අප්‍රමාණ වූ තුනුරුවන් ගුණ

 

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයත්, උන්වහන්සේ විසින් සුවහසක් සත්ත්වයා කෙරෙහි පතළ අනුකම්පාවෙන් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයත් , බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දහම් මඟ අනුගමනය කරන මහා සංඝ රත්නයත් අපගේ සිංහල බෞද්ධ සමාජයට ලැබුණ අගනා රත්න තුනක් ලෙස හඳුන්වා ඇත. මැණික් හෙවත් රත්න යන වචනය තුළ ඉතාම වටිනා යන අර්ථය අන්තර්ගත ව පවතී. බෞද්ධ සමාජයෙහි ත්‍රිවිධ රත්නය විෂයයෙහි උතුම් අර්ථයකින් සලකනු ලැබේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හැර බෞද්ධයකුට වෙනත් සරණක් නැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පතළ මහා විශ්වාසයෙන් බෞද්ධයෝ ත්‍රිවිධ රත්නය සරණ යති. මිනිස් සිත් සතන් තුළ පවතින විශ්වාසයට අනුව එය සිදු කෙරේ. බෞද්ධ ගීත සාහිත්‍යය තුළ බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ගීත වෙන් වෙන් වශයෙන් දක්නට ලැබුණ ද, එකම ගීතය තුළ බුද්ධ , ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන ගීත දක්නට ලැබෙනුයේ අල්ප වශයෙනි. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය බුද්ධ , ධම්ම, සංඝ යන තුනුරුවන් අන්තර්ගත වන ලෙස රචනා වී ඇත. ඉදිරි පැය කිහිපය තුළ මරණයට පත්වන බව දැන මරණය ට පත්වන අවස්ථාවෙහි දී මරණයට පෙර ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරමින් කටයුතු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකට වදාළ සේක.

ඉතිරිය»

 

මහලු බමුණෙකු වෙත පිහිට වීම

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]