UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා මංගල සූත්‍රයෙන් බොදු දිවියට

මහා මංගල සූත්‍රයෙන් බොදු දිවියට

ලිපි මාලා 1

බුදු දහම ලොකෝත්තර අභිවෘද්ධිය සඳහා පමණක් මග පෙන්වන දර්ශනයක් නොවන අතර භෞතික අභිවෘද්ධිය සාධනය කරමින් ලොකෝත්තර අභිවෘද්ධිය සඳහා මඟ පෙන්වන්නකි. බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, අරහත්වය යන උත්තරීතර තත්වයන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය වන්නේ ද මනුෂ්‍යත්වයයි. එම නිසා බුදු දහමේ ලෞකික ජීවිතයට සුවිශේෂි වැදගත්කමක් හිමි වේ. එම නිසා ම ගෘහස්ථ ආචාර ධර්ම සංවර්ධනය උදෙසා සූත්‍ර ධර්ම රාශියක් දේශනා කර ඇත. ඒ අතර මංගල, වසල, පරාභව, ව්‍යාග්ඝපජ්ජ, වාසෙට්ඨ ආදි සූත්‍ර වැදගත් වේ.

මේ අතර මහාමංගල සූත්‍රය බෞද්ධයන් නිරන්තරයෙන් සජ්ඣායනයට ලක්කරන තුන් සූත්‍රයන්ගෙන් එක් සූත්‍රයකි. සෙත් පිරිතක් ලෙස මහා මංගල සූත්‍රය බෞද්ධයාට සමීප ය. මෙහි ඉතිහාසය විමසීමේ දී මංගල කරුණු මොනවා ද? යන්න පිළිබඳව මනු දෙවි බඹුන් අතර ඇතිවු ගැටලුවකට පිළිතුරක් ලෙස බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇති බව පැහැදිලි වේ. එකල දඹදිව ජනයා අතර ඇතැමෙක් කනට ඇසෙන දෙය ( සුත මංගලික) ඇසෙන් දකින දෙය ( දිට්ඨ මංගලික) පහස විඳින දෙය ( මුත මංගලික) මංගල කරුණු යැයි සම්මත කර එකිනෙකා වාද විවාද කරන්නට විය. මෙම වාදයට මිහිකත රක්නා දෙවිවරු අතර ද, ඉනික්බිති අකනිටා දෙවිවරු අතරද සුදස්සි දෙවිවරු අතරද ආදි වශයෙන් දසදහසක් සක්වළ දෙවිවරු අතර පැතිරුණු බව මහා මංගල සූත්‍ර අට්ඨකථාව හා පරමත්ථජෝතිකාවෙහි සඳහන් වේ. මෙසේ සැබෑ මංගල කරුණු කවරෙක්ද යන්න පිළිබඳව වාද විවාද වූ අතර එය පදනම් කර මංගල කෝලාහලය සිදුවිය. පරමත්තජෝතිකාවට අනුව බුදුදහමේ කෝලාහල පහකි.

කල්ප කෝලාහලය – ලොව වැනසෙන බව දක්වමින් ගුණ ධර්මයන්හි හැසිරෙන ලෙස දෙවියන් මිනිස් ලොව සැරිසරමින් දැක්වීම

චක්කවත්ති කෝලාහලය – අවුරුදු සියයකින් සක්විති රජෙකු පහළ වන බවට දෙවියන් මිනිස් ලොව සැරිසරමින් දැක්වීම

බුද්ධ කෝලාහලය – වසර දහසකින් බුදු කෙනෙකු පහළ වන බව දෙවියන් මිනිස් ලොව සැරිසරමින් දැක්වීම.

මංගල කෝලාහලය – බුදු කෙනෙකුගේ පහළ වීමෙන් වසර දොළහකින් පසුව බුදුරජාණන් වහන්සේ මංගල කරුණු දේශනා කරන බවට දෙවියන් මිනිස් ලොව සැරසරමින් දැක්වීම

මෝනෙය්‍ය කෝලාහලය –බුදු කෙනෙකුගේ පහළවීමෙන් වසර හතකට පසු එක්තරා හිමි නමක් සම්බුදුවරයෙකු හමුව උසස් හික්මීමේ පිළිවෙත අසයි. ඒ බව දෙවියන් මිනිස් ලොව සැරිසරමින් දැක්වීම යනුවෙනි.

මංගල කරුණු පිළිබදව මනු, දෙවි, බඹු අතර ඇතිවු ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන් විසින් එම පැනය බුදුහිමියන් වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ,

ඇස, පිරිසුදු යහපත් දේ , අයහපත් දේ ද දකින බවත් එසේ දකින විවිධ රූපත්, කන විවිධ වූ යහපත් අයහපත් දේ අසන බවත්, ඒ සියලු ශබ්දත්, ශරීරය විවිධ ස්පර්ශයන් ලබන අතර ඒ සියලු පහසයනුත් මංගල ලෙස සම්මත කළ නෙහැකි බවයි. ඉනික්බිතිව බාලයන් ඇසුරු නොකිරීමේ පටන් කරුණු තිස් අටකින් යුක්ත උතුම් දේශනයක් සිදුකරන ලදී. එය මහා මංගල සූත්‍ර දේශනයයි.

ඉතිරි කොටස ඇසළ පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවේ.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]