UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික උද්ධකන්දර පුරාණ රාජමහා විහාරාධිපති දෙනගම ධම්මදස්සි හිමියන් වෙත 'සද්ධර්ම කීර්ති ශ්‍රී' රේවත යන ගෞරව නාමය සහිත ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (30) එම විහාරස්ථානයේ දී පැවැත්විණි. අභිනව උප ප්‍රධාන සංඝනායක හිමියන් වෙත විජිනිපත පිළිගැන්වීම එහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. එහිදී ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරතව ආශීර්වාද ලබා ගත්තේ ය. විහාරස්ථ අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් එම උත්සව සභාවේ මුලසුන හෙබවූ අතර ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවනද ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මහජන නියෝජිතයන්ද සැදැහැවතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය 07 වනදා
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී

බෞද්ධ ආකල්ප බෞද්ධයන්ට සිහිපත් කරවීම සඳහා ශාන්ති පදනම මඟින් ‘වෙසක් මිහිර’ නමින් චිත්තාකර්ශනීය වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක කරන ලද අතර ඊට සමගාමීව 1990 වසරේ ආරම්භ වූ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි මහා සෑ රදුන්ටත් පිච්චමල් විසිලක්ෂයක් පූජා කිරීමේ මහා පුෂ්ප පූජාව වසරින් වසර ජනප්‍රිය වීමත් සමඟම, බෞද්ධ ජනතාව තුළ නව උද්‍යෝගයක් ඇති වුණි. මෙම පිච්ච මල් පූජා වැඩසටහන දැනට වසර පුරාම ක්‍රියාත්මක වන වැඩ සටහනක ස්වරූපය ගෙන ඇත. අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් සහ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී, රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වාර්ෂිකව සිදු කෙරෙන පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 29වන වතාවට ය. ඒ 2018. 07. 08 යන දෙදින තුළ ය.

ඉතිරිය»

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]