UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර ආදි කර්තෘ සම්භාවනා 8 වන දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී

අමරපුර ආදි කර්තෘ සම්භාවනා 8 වන දා

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී

බුරුමයේ අමරපුර දේශයේ සිට මෙරටට 1802 ජූලි 08 වන දා “අමරපුර මහා නිකාය” රැගෙන වැඩම කළ බෝධිසත්ව ගුණෝපේත, මහාධම්ම රාජාධිරාජගුරු වැලිතර මහකරාවේ ශ්‍රී ඤාණවිමල තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ආදි කර්තෘන් වහන්සේලා සිහිපත් කිරීමේ උත්සවය ජූලි 08 වෙනි දින සවස 02.30 ට, කොළඹ 07 නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමිපාණන් වහන්සේගේ මූලාසනයෙන් පැවැත්වෙන එම උත්සවයට අමරපුර පාර්ශව 22 කට අයත් මහානායක හා අනුනායක මාහිමිවරු සියලු දෙනා වහන්සේ වැඩමකරවීමට නියමිතව ඇත.

එදින අනුශාසනය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහා නා හිමිපාණන් වහන්සේ විසින් ද විශේෂ දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය ටී.ජි. කුලතුංග මහතා විසින් ද පවත්වනු ලබති.

අමරපුර සංඝ සභාව මඟින් නිර්දේශිත තිදෙනෙකුට ගෞරව සම්මානද, ප්‍රාචීන අවසාන විභාගයට අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමකට “වැලිතර ශ්‍රී ඤාණවිමල ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව“ ප්‍රදානයද, අ.පො.ස. හා ප්‍රාචීන අංශවලින් උසස් ලෙස සමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තෙනමක් ඇගැයීමට ලක් කිරීමද කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ රචනා තරගයෙන් 1, 2, 3 ස්ථානලාභී ශිෂ්‍ය හිමිවරුන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමද එම උත්සවයේ දී සිදු කෙරේ.

“අමරපුර ආදි කර්තෘ සම්භාවනා” උළෙල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව“ මඟින් සංවිධානය කෙරෙන අතර සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව සංඝ සභාවේ මාධ්‍ය ලේකම් හා නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමිපාණෝ දන්වා සිටිති.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]