UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දොරණාගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුගම්පොළ දොරණාගොඩ ග්‍රාමසේවා වසමේ පිහිටා තිබෙන මෙම ඓතිහාසික පුරාණ රජ මහා විහාරස්ථානයේ ඉතිහාසය දෙවනපෑතිස් රජ දවස දක්වා දිවෙයි. දේවානම්පියතිස්ස රජතුමා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමගින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් එම පිරිසත් ගෞරවාදරයෙන් පිළිගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මහමෙව්නා උයනෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් අනතුරුව දඹදිවින් පැමිණි සුමිත්ත හා බෝධි ගුප්ත කුමාරවරුන් ඇතුළු පිරිස පිළිගෙන අනුරාධපුරයෙහි ටික කලක් වාසය කිරීමට ඉඩ සලස්වා පසුව ලක්දිව යම් යම් ස්ථානවල ගම්වර සහිතව පදිංචි කරවූ බව ඉතිහාසයෙහි සඳහන් වේ. මෙයින් සුමිත්ත නම් කුමාරයාට තමන්ට ලැබුණු විල්ගමුව නම් ගම්වරෙහි ජීවත්වීමට අවසර ලබාගෙන පැමිණ ඇත. එම විල පැවති ඉසව්ව විල්ගමුවයි. එම ඉසව්වට ඇතුළුවීමට තිබූ දොරටුව විල් ජලයෙන් යට වී නැතිව ගියෙන් දොර + ණෑ + ගොඩ දොරණෑගොඩ යන අන්වර්ථ නාමය තබා සුදුසු ස්ථානයක මාළිගයක් තනාගෙන ජීවත් වූ බව දොරණාගොඩ විහාර පටුනේ සඳහන් වේ.

ඉතිරිය»

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]