UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අරි අටඟි මඟ වඩිමින් පිළිවෙත් පුරන්නෝ

අපේ බුදුරජාණන් වහන්සේ එක් කාලයක චාතුමා නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන අවස්ථාවක භික්ෂූන් වහන්සේලා අරමුණු කොට දේශනා කෙරුණු වැදගත් වන කාරණ රැසක් සිහියට නැඟෙන සූත්‍ර පාඨයක්. ඉහතින් සඳහන් කළේ. දවසක් දා බුදුරජාණන් වහන්සේ චාතුම නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන කාලයේ සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනමත්, උන්වහන්සේලාගේ ගෝලයෝ පන්සියයක් පමණ භික්ෂු පිරිසකුත් බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩියා. මේ පන්සියයක් භික්ෂු පිරිස අලුත පැවිදිවුණු පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ දකින්නට හරි ඕන කමකුත්. ආශාවකුත් තිබුණා. මේ පිරිස බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන මේ ස්ථානයට ඇවිත් තමන්ට ඒ දවසේ කාලය ගත කරන්නට ලබා දුන්නා. ආවාස ගෙවල් ඇතුළට ගිහින් තම තමන්ගේ සයනාසන, කොට්ට, ඇඳ ඇතිරිලි තෝරා ගන්නට, වෙන් කරගන්නට, ඔවුනොවුන් ශබ්ද නඟමින් කෑගසමින් හොඳ සයනාසන ආදිය වෙන් කරගන්ට පටන් ගත්තා. මේ මහ ඝෝෂාව බුදුහාමුදුරුවන්ට ඇහුණා. බුදුහාමුදුරුවෝ කවදත් නිශ්ශබ්දතාව ප්‍රිය කළ උතුම් ශාස්තෘවරයෙක්. උන්වහන්සේ නිකරුණේ කාලය ගත කරන්නේ නැහැ. කිසියම් විවේකයක් ලදොත් ඵලසමවතට සම වැදී විමුක්ති සුවය විඳීමිනුයි කාලය ගත කරන්නේ. අනිත් හැම වේලාවක ම මොනවා හෝ පරහිත පිණිස හේතුවන ක්‍රියාවකයි උන්වහන්සේලා යෙදී වැඩ ඉන්නේ.

ඉතිරිය»

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]