UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 26,27,28 මිහින්තලා පුදබිමේ දී... සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි ප්‍රතිමාවහන්සේ වැඩම කිරීම ජුනි 6 වනදා ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා පුරා දින තුනක් රිය පෙරහරකින්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේදී ජුනි මස 26 වන දා සිට 28 වනදා දක්වා පස්වරු 6 සිට පැවැත්වේ. ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙනුයේ 56 වන වරටය. ඩයලොග් සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙවර සැදැහැති දායකත්වය සපයනු ලැබේ.අනුබුදු මිහිඳු වාර්ෂික පෙරහර ජුනි 26 වනදා රාත්‍රී වීදි සංචාරය කෙරේ. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය සිරස රූපවාහිනී නාලිකාව මගිනි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ඓතිහාසික ලංකා ගමනයෙන් 2325 වසර සපිරීමත්, මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවත් නිමිත්තෙන් සම්බුදු සිරිපා ශෛලමය අනුරුවක් ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් සහ පරිත්‍යාගශීලි පිරිසකගේ දායකත්වයෙන් අනුබුදු මිහිඳු මාහිමි අනුරූ දැවමය ප්‍රතිමාවක් ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා වැඩම කෙරෙන රිය පෙරහර ජුනි 06 වනදා පෙරවරු 10 ට ලේක්හවුස් මන්දිරය අබියසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඉතිරිය»

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]