UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 26,27,28 මිහින්තලා පුදබිමේ දී... සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 26,27,28 මිහින්තලා පුදබිමේ දී... සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි ප්‍රතිමාවහන්සේ වැඩම කිරීම ජුනි 6 වනදා ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා පුරා දින තුනක් රිය පෙරහරකින්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේදී ජුනි මස 26 වන දා සිට 28 වනදා දක්වා පස්වරු 6 සිට පැවැත්වේ.

ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙනුයේ 56 වන වරටය.

ඩයලොග් සමාගම, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙවර සැදැහැති දායකත්වය සපයනු ලැබේ.

අනුබුදු මිහිඳු වාර්ෂික පෙරහර ජුනි 26 වනදා රාත්‍රී වීදි සංචාරය කෙරේ. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය සිරස රූපවාහිනී නාලිකාව මගිනි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ඓතිහාසික ලංකා ගමනයෙන් 2325 වසර සපිරීමත්, මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවත් නිමිත්තෙන් සම්බුදු සිරිපා ශෛලමය අනුරුවක් ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් සහ පරිත්‍යාගශීලි පිරිසකගේ දායකත්වයෙන් අනුබුදු මිහිඳු මාහිමි අනුරූ දැවමය ප්‍රතිමාවක් ලේක්හවුස් මන්දිරයේ සිට මිහින්තලා පුදබිම දක්වා වැඩම කෙරෙන රිය පෙරහර ජුනි 06 වනදා පෙරවරු 10 ට ලේක්හවුස් මන්දිරය අබියසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එම රිය පෙරහර පළමුව ඓතිහාසික කැලණි රජමහා විහාරයේදී ආගමික වතාවත් සිදුකර අනතුරුව කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, කඩවත ශ්‍රී බිම්බාරාමය පහළ ඉඹුල්ගොඩ විජේවර්ධන ශී‍්‍රමහා විහාරය, ගම්පහ බැන්ඩියමුල්ල විද්‍යාශේකර මහා පිරිවෙන, ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය, මැදගම විහාරය එදින යක්කල සලීලදස්සනාරාමයේ දී නේවාසික වී සවස 7.00 ට දහම් දෙසුමක් පවත්වනු ලැබේ. අනතුරුව 07 වන දා මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරය, ඓතිහාසික මැද්දෙපොල රජමහා විහාරය ,දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම පිරිවෙන් රජමහා විහාරය, දඹදෙණිය විවිධසේවා සමූපකාර සමිතිය. කුරුණෑගල බමුණාවල පුරාණ ගල්ලෙන් රජ මහා විහාරය යන ස්ථානවලදී ආගමික වතාවත් සිදුකර කොහිලකොටුව පුරාණ විහාරයේදී නේවාසික වී සවස 07.00 උඩුදුම්බර සෝභිත හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වේ. 08 වන දා වාරියපොල ශී‍්‍ර විසුද්ධාරාම මහා විහාරය, පාදෙනිය පුරාණ විහාරය ආදි විහාරස්ථාන ඇතුළු අනුරාධපුර පූජා නගරය ඔස්සේ මිහින්තලා පුදබිමෙන් එම රිය පෙරහර අවසන් කෙරේ.

මිහින්තලා පුදබිමේදී ආරම්භ කෙරෙන වාර්ෂික සතිපිරිත ජුනි 17 වනදා සිට පැවැත්වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත වාර්ෂිකව ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන කථික තරගය ජුනි මස 17 වනදා රජරට විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට පියවර ගෙන ඇත. එම තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ දෙඅංශයෙන් ම පැවැත්වෙන අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදල් තිළිණ පත් පිරිනමනු ලබන අතර ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වටිනා සහතික පත්‍රය බැගින්ද පිරිනමනු ලැබේ.

දීප ව්‍යාප්ත රචනා තරගයද පැවැත්වෙන අතර ඒ සඳහාද මුදල් තිළිණපත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වටිනා සහතික පත්‍රය බැගින් ද පිරිනමනු ලැබේ.

මෙවර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රහයෙන් දීප ව්‍යාප්ත චිත්‍ර තරගයක් පැවැත්වෙන අතර එම තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් දෙඅංශයකින් පැවැත්වේ. ඒ සඳහා මුදලින් ත්‍යාග සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පිරිනමනු ලැබේ. එම සියලු තරග අංශයන්හි පළමුවන ස්ථාන සඳහා ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් කුසලාන ප්‍රදානය කෙරේ.

ජුනි මස 27 වනදා පොසොන් පුර පසළොස්වක පොහොය දිනය බැවින් ජුනි මස 24 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ පොසොන් සතිය ලෙස නම් කර ඇත.

ජාතික පොසොන් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් 14 වනදා අනුරාධපුර දිසාලේකම් ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා ඇතුළු ලේක්හවුස් සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

පොසොන් පෝදා පෙහෙවස් සමාදන් වන උවසු උවැසියන් සඳහා සිල් රෙදි දහසක් පිරිනැමීම ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් පැවැත්වේ.

උදෑසන හා දවල් සම්බුද්ධ පූජාව පැවැත්වීම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙනි. සිල්පිරිස වෙත හීල දානය පිරිනැමීම මිහින්තලේ ලංකා බැංකු ශාඛාව මගින් සහ දවල් දානය පිරිනැමීම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සම්බන්ධීකරණයෙන් ගලෙන්බිදුණුවැව, හොරොව්පොතාන,රඹෑව, තිරප්පනේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දායකත්වයෙනි.

ලංකා විදුලිබල මණ්ඩලය, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, මිහින්තලේ පොලිස් ස්ථානය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා කාර්යාලය මිහින්තලේ ආදි රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මිහින්තලා පුදබිමට පොසොන් සතිය පුරා මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පොදු පහසුකම් සැලසීමෙහිලා කටයුතු යොදා ඇත.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]