UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංකල්ප දහම්පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා දහම් පාසල් ශාලාවට මුල්ගල තැබීම

සංකල්ප දහම්පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා දහම් පාසල් ශාලාවට මුල්ගල තැබීම

පිළියන්දල මාකන්දන වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප මහා විහාරස්ථ ශ්‍රී සංකල්ප ධර්ම විද්‍යාලයේ ඉදිකරගෙන යන තෙමහල් දහම්පාසල් ශාලාවේ තුන්වන අදියර සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2018 මැයි 28 වන දින පස්වරු 3.00 ට සල්පිටි කෝරළයේ අධිකරණ සංඝ නායක හල්විටිගල යසස්සී නාහිමියන්ගේ සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ගොම්බද්දල දමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඊට සමගාමීව සංකල්ප දහම් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් බෑග් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, සිරිනාල් ද මෙල්, පළාත් සභා මන්ත්‍රී ගාමිණි තිලකසිරි, නිරෝෂන් පාදුක්ක, ලෙනාඩි කරුණාරත්න, සුනිල් ජයමිණි, හරිස්චන්ද්‍ර ද කොස්තා, තුෂාර පෙරේරා යන මහත්වරු ද කැස්බෑව ප්‍රාදේශීය ලේකම් වයි.ඒ. ජීවමාලා මහත්මිය, කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා සහ විපක්ෂ නායක පද්මසිරි රණවන ආරච්චි මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත ය. විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම උත්සවය සංවිධානය කර ඇත.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]