UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා -  ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ.ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් එසේ ප්‍රකාශ කළේ ඉකුත් (20දා) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේද පැවසූහ.

ඉතිරිය»

ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාරම්භය ඉන්දීය අගමැතිතුමාගේ සහභාගීත්වයෙන්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය මෙයට පෙර දහතුන් වරක් පවත්වා තිබේ. පසුගිය වසරේ තායිලන්තයේදී පැවැති 13 වන සම්මේලනයේදී අප ඉදිරිපත් කළ කරුණු අනුව ථෙරවාදී දහම, ත්‍රිපිටකය ලේඛනාරූඪ කර ආරක්ෂා කළ රට ලෙස අපේ රටට පවතින උරුමය පිළිබඳ කල්පනා කර ඒකමතිකව තීරණය කළේ වෙසක් කමිටුව මගින් ශ්‍රී ලංකාවට එම අවස්ථාව ලබාදීමටය. ඒ අනුව සියලු කටයුතු සූදානම් කර ඇත. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ආරම්භක දිනය මැයි මස 12 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය හරේන්ද්‍ර මෝදි මැතිතුමා සහභාගි වේ.

ඉතිරිය»

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවට ආශිර්වාදයකි

නිර්මල සම්බුදුදහම මීට වසර 2500 කට ඉහතදී මහා භාරතයේ ආරම්භ වු අතර දැනට විසි එක්වන ශත වර්ෂය වන විට මුළු විශ්වයම පිළිගත් පිරිසුදු නිරවුල් දර්ශනයක් හා ආගමික ප්‍රතිපදාවක් බවට බුදුදහම පත්වී ඇත. ජාත්‍යන්තර ප්‍රජාවගේ අසීමිත භක්තියට බුදුදහම පත්වීමට බොහෝ හේතු සාධක ඇත. ඒ අතරින් බුදුරදුන් වදාළ ධර්මයේ අන්තර් ගත සාමය, සමාදානය, සිතීමේ හා අවබෝධ කර ගැනීමේ නිදහස වැනි උසස් මානුෂික ගුණාංග මුළු විශ්ව තලයටම සාධාරණවු හෙයින් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත්ජාතීන්ගේ මූලස්ථානයේදී 1999 දී පැවැති මහා සම්මේලන සැසිවාරයේදී බුදුරජාණන් වහන්සේට ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවය ප්‍රදානය කරන අරමුණින් වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් සැලකීමට ඒකමතිකව තීරණය කරන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උතුම් සම්බුද්ධත්වය

අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. බෝසත් උපත, සම්බුද්ධත්වාබෝධය, පරිනිර්වාණය සිදු වූ මෙම පරම පූජනීය පොහෝ දින ශ්‍රද්ධා ශීලා දී ගුණයෙහි පිහිටා ධර්මාවබෝධයෙහි උත්සුක වීම අත්‍යවශ්‍ය වන්නේ ය. 2561 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලංකාද්වීප වාසීන්ට බෙහෙවින් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි පැවැත්වෙන හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කරගෙන විවිධ රටවල පැවැත්වූ මෙම මහෝත්සවය 14 වැනි වරට අපේ රටෙහි පවත් වනු ලබන අතර එහි තේමාව වන්නේ සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය උදෙසා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගන්නා ආකාරයයි. 

ඉතිරිය»

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය

ඓතිහාසික බොදු උරුමයකට හිමිකම් කියන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී මැයි මස 07 සිට 13 දක්වා රාජ්‍ය වෙසක් උත්සවය අතිඋත්කර්ෂවත්ව පැවැත්වේ.  තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීය දෙස් විදෙස් අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ.  වට්ටාරම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් මිලියන දහසකට වඩා වැඩි මුදලක් වැය කොට ගම්බද අතුරුපාර ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළු මංමාවත්, පානීය ජල සම්පාදන ව්‍යාපෘති විදුලිබල සැපැයුම් වැඩිදියුණූ කිරීමේ යෝජනා ක්‍රම ක්‍රියාවට නංවා තිබේ.

ඉතිරිය»

සිතුවම - සත්සර ඉලංගසිංහ

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]