UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් කමිටුවේ උප සභාපති හා
යුනෙස්කෝ මූලස්ථානයේ බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක
ආචාර්ය
තම්පලාවෙල ධම්මරතන හිමි

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවට ආශිර්වාදයකි

" අප රට තුළ සිදුකරන මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමාවත් සමඟ ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවාට කිසිම සැකයක් නොමැත. ඒ අතරම ලෝක ප්‍රජාවගේ පණීවුඩය තුළින් අප රටේ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික ප්‍රගතිය සඳහා මෙම උත්සවය මහත්සේ උපකාරි වනු ඇත."  නිර්මල සම්බුදුදහම මීට වසර 2500 කට ඉහතදී මහා භාරතයේ ආරම්භ වු අතර දැනට විසි එක්වන ශත වර්ෂය වන විට මුළු විශ්වයම පිළිගත් පිරිසුදු නිරවුල් දර්ශනයක් හා ආගමික ප්‍රතිපදාවක් බවට බුදුදහම පත්වී ඇත. ජාත්‍යන්තර ප්‍රජාවගේ අසීමිත භක්තියට බුදුදහම පත්වීමට බොහෝ හේතු සාධක ඇත. ඒ අතරින් බුදුරදුන් වදාළ ධර්මයේ අන්තර් ගත සාමය, සමාදානය, සිතීමේ හා අවබෝධ කර ගැනීමේ නිදහස වැනි උසස් මානුෂික ගුණාංග මුළු විශ්ව තලයටම සාධාරණවු හෙයින් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත්ජාතීන්ගේ මූලස්ථානයේදී 1999 දී පැවැති මහා සම්මේලන සැසිවාරයේදී බුදුරජාණන් වහන්සේට ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවය ප්‍රදානය කරන අරමුණින් වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් සැලකීමට ඒකමතිකව තීරණය කරන ලදී. මෙම ශ්‍රේෂ්ඨ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා ජනරජය මූලිකව ක්‍රියා කිරීමත්, එවකට විදේශ කටයුතු භාර අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමන් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සභාගත කරන ලද බවත් මෙහි සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික අප තුළ පවතින සාඩම්බර හැඟීම අමතක නොකරමිනි.

ඉතිරිය»

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]