UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංහිඳියාවේ පණිවුඩය ලෝකයට ගෙන යමු

සංහිඳියාවේ පණිවුඩය ලෝකයට ගෙන යමු

මීට වසර ගණනකට පෙර, 1998 වර්ෂයේදී රාජ්‍ය අනුග්‍රහය මත ලංකාවේ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයක් පැවැත්වුණි. එවකට නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසූ කුරුණෑගොඩ පියතිස්ස නායක හාමුදුරුවෝ ද ඊට සහභාගි වූහ.සම්මේලනයේදී උන්වහන්සේ අවධාරණයෙන් ප්‍රකාශ කළ කරුණක් වුයේ ලෝකයේ විවිධ ආගම් මුල් කරගනිමින්, ඒ ඒ ආගම්වලට විශේෂිත වු දින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කොට ඇතත් බෞද්ධාගම වෙනුවෙන් එවැනි නිවාඩු දින වෙන්කර නැති බවය. ඉන්පසු 1999 වසරේ එවක ලංකාවේ විදේශ අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා අබෞද්ධයකු වුවද එම ඉල්ලීමේ යුක්ති සහගත බව සලකා හේතු සාධක සහිතව එක්සත් ජාතින්ගේ සම්මේලනයට ඉදිරිපත් කළේය. එය සලකා බැලීමෙන් අනතුරුව කැමැති අයට පමණක් එම නිවාඩු ලබාගත හැකි බවට සම්මතයක් ඇති කරගත්තේය. එක්සත් ජාතීන්ගේ පළමුවැනි වෙසක් සමරු රැස්වීම බෞද්ධ රටවල සම්බන්ධීකරණය ඇතිව 2000 වසරේදී පවත්වන්නට යෙදිනි.

ඉන්පසු 2004 වසරේ සිට මෙම වෙසක් සමරු රැස්වීම වාර්ෂිකව පැවැත්වු අතර තායිලන්තයේ සමුළු එකොළහක්ද, වියට්නාමයේ සමුළු, දෙකක්ද පැවැත්විණි.

පසුගිය වසරේ තායිලන්තයේ වෙසක් සමරු උළෙල පැවැත්වු අවස්ථාවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඊළඟ සම්මේලන වාරය, ලංකාවට ලබාදෙන ලෙස කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර අන්තර්ජාතික වෙසක් උළෙල අප රටේ පැවැත්වීමේ සුවිශේෂි අවස්ථාව උදාවුණි. ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කරමින් ආගමික ශාසනික උන්නතිය වෙනුවෙන් ඇප කැපවන ගිහි පැවිදි බෞද්ධයින්ගෙන් සපිරි රටක් වුවද අන්තර්ජාතික වෙසක් උළෙලකදී ලංකාවට ගෞරවයක් ලැබෙන ලෙස ඉස්මතු වීමක් සිදු වූයේ නැත. එම නිසා ලෝකයටම දැනෙන ලෙස මේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබීම ඉතා වැදගත් සංසිද්ධියකි. 1998 සම්මේලනයේදී වැදගත්, නිර්දේශ අදහස් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූයේ සෑම කාලයටම ප්‍රයෝජනවත් වන ලෙසය. එම යෝජනා, නිර්දේශ නැවත විශේෂ වන ලෙස විශේෂයෙන් අපේ මූලික සම්ප්‍රදාය අන්තර්ජාතික ප්‍රජාවට අවබෝධ කරලීමට මේ උදාවී තිබෙන්නේ ඉතා වැදගත් අවස්ථාවකි.

ථෙරවාදී කේන්ද්‍රස්ථානයක් ලෙස සම්භාවනාවට පාත්‍රවූ ලංකාවේ ථෙරවාදි ධර්මය හා සංස්කෘතික සම්ප්‍රදාය ලෝකයට ගෙනයාමට අවස්ථාවක් කරගැනීමද වැදගත් වේ.

මෙවර වෙසක් දින සම්මේලනයේ ප්‍රධාන තේමාව වී තිබෙන්නේ ‘ලෝක තිරසර සාමය උදෙසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්, යන්නය. ලෝකය පුරා පැතිර යන යුද්ධය වෙනුවට තිරසාර සාමයක් අපේක්ෂා කරමින් ලෝකය නොයෙක් සැලසුම් සකස් කරන යුගයක සාමය පිළිබද බෞද්ධ දෘෂ්ඨි කෝණය ලෝකයට ලබාදීමට, හැකිවීම වැදගත්ය.

එමෙන්ම මෙම සම්මේලනයේදී සාකච්ඡාවට බඳුන්විය යුතු තවත් වැදගත් අංශ ගණනාවක් වේ. බුද්ධ වර්ෂ භාවිතයට ගැනීමේ වැදගත්කම ගැන තවමත් අප රටේ අවධානයක් යොමු වී නැත. තායිලන්තයේ වුවද රාජ්‍ය වර්ෂය ලෙස භාවිතා වන්නේ බුද්ධ වර්ෂයයි. එහෙත් අපට තවමත් එතැනට එන්නට හැකි වී නැත.

මහාවංශයේ ඉතිහාස කතා ආරම්භ වන්නේ විජය කුමරුගෙනි. විජය කුමරු ලංකාවට එන්නේ බුද්ධ පරිනිර්වාණය සිදුවු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේය. ඒ අනුව බුද්ධ වර්ෂ භාවිත කිරීම තුළ ජාතික සංස්කෘතික අනන්‍යතාවක්ද තිබේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශිත ශී‍්‍ර සද්ධර්මයේ ඉස්මතුවන සාමය පිළිබඳ පණිවුඩය සියලු ආගමිකයන්ට, සියලු ජාතීන්ට අවිවාදයෙන් යතුව පිළිගත හැකි පණිවුඩයක් නිසා මේ අවස්ථාවේ ඒ පිළිබඳ වැඩි උනන්දුවක් ලබා දීම වැදගත්වේ.

ලෝක මට්ටමින් තිරසර සංවර්ධනයක් උදෙසා ආර්ථික හා භෞතික වශයෙන් සැලසුම් ක්‍රියාත්මක කළද සාමයක් උදා නොවන්නේ නම් ඒ දියුණුව අර්ථවත් වන්නේ නැත. තිරසර වන්නේද නැත. බුදුරජාණන් වහන්සේ දේශිත සාමය පිළිබඳ පණිවුඩය සියලු ආගමිකයන්ට, සියලු ජාතීන්ට අවිවාදයෙන් යුතුව පිළිගත හැකි පණිවුඩයක් නිසා එය ලෝකයට සන්නිවේදනය කිරීමට මාහැඟි අවස්ථාවක්ද වන්නේය.

මෙම සම්මේලනයේදී දේශීය වශයෙන්ද බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරගැනීමට කල්පනා කිරීම සියලු රට වැසියන්ගේ වගකීමකි. එහිදී පංචශීල ප්‍රතිපදාව මුල්කරගත් ශ්‍රී ලාංකීය සංස්කෘතික සන්දර්භය තුළ අප දියුණූ කරගත් සාමය,ආර්ථික ප්‍රවර්ධනය, මානව සංවර්ධනය කෙබඳු වූවක්ද යන්න ප්‍රතිරූපණය කිරීම කළ යුතුය.


 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]