UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පානදුර නගරශාලා පිටියේදී ඉකුත්දා (08) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ වෙත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් විජිනිපත පූජා කළ අවස්ථාව. රාමඤ්ඤ මහා නිකායේ නිකායරක්ෂක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතාද මෙහි වෙති.

 

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

බෞද්ධ දර්ශනයේ ආභාෂය ලබන නව ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කෙරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරයයි.

ඉතිරිය»

 

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]