UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වන්දනාවට  මිහින්තලා මහසෑය අබියස දී සෑම පසළොස්වක පෝදාකම කප්රුක් පූජා මහා පින්කමක්

ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වන්දනාවට මිහින්තලා මහසෑය අබියස දී
සෑම පසළොස්වක පෝදාකම කප්රුක් පූජා මහා පින්කමක්

ඌර්ණ රෝම ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත කප්රුක් පූජා කිරීමේ පින්කමක් සෑම පුර පසළොස්වක පෝදාකම සිදු කිරීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරනු ලැබේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සෑම පුරපසළොස්වක පෝදාකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් එම කප්රුක් පූජා පින්කම සිදු කෙරේ. පොසොන්පුර පසළොස්වක පෝදා එම කපුරුක් පූජා මහා පින්කම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සිදු කෙරිණි. ඌර්ණරෝම ධාතු වන්දනා කප්රුක් මහා පූජා පින්කමෙහි දායකත්වය බාර ගැනීමට කැමැති බෞද්ධ සංගම් සහ බෞද්ධ සංවිධානවලට සහ පරිත්‍යාගශීලින්ට ආරාධනා කරන අතර එම කප්රුක් පූජා මහා පින්කම මිහින්තලේ නගරයේ සිට හේව්සි ශබ්ද පුජා මධ්‍යයේ පුද පෙරහරෙන් වඩමවා සිදු කෙරේ.

සෑම පුර පසළොස්වක පෝදාකම සිදු කිරීමට නියමිත එම පින්කමට දායකවීමට සහ සහභාගීවීමට අවස්ථාව ඇති අතර කප්රුක් පුජා මහා පින්කම පිළිබඳ ලේක්හවුස් ආයතනයේ සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 න් විමසා වැඩි විස්තර දැනගත හැකිවේ.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]