UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

කැලණි රාජ මහා විහාරයේ ඇසළ පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෙරවරු 6 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී රන්දිලිගම මහින්ද හිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණී උභයරාජ මහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9 – 10 දහම් දෙසුම පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10- 11 ධම්මපදයෙන් බිඳක් ලුණුගම්වෙහෙරේ නාරද හිමි 11 – 11.30 දවල් බුද්ධ පූජාව මෙහෙයවීම ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2 සීල භාවනා සමිතිය 2 – 3 වෛද්‍ය දේශනය, 3 – 4 දහම් දෙසුම දළුගම සමිතඤාණ හිමි, 4 – 5 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මහ සඟරුවන සහ සිල් පිරිස 5 – 6 භාවනාව වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6 – 6.30 වස් ආරාධනාව 6.30 – 7 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7 – 8 දම් දෙසුම ඇතිමලේ සීලානන්ද හිමි.

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ ඇසළ පුන් පොහොය වැඩසටහන මෙම ජූලි මස 19 වැනි පොහෝ දින දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී කණුබිච්චියේ රතනජෝති හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව 01 මාතෘකාව ‘ධම්මචක්කපවත්තන සූත්‍රය’දේශකයාණෝ, ශාස්ත්‍රපති, බෝගහමුල්ලේ සුමන හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30 දවල් බුද්ධ පූජාව දහවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි පස්වරු 1.00 ධර්ම දේශනාව දර්ශනපති විල්ගමුවේ සීලරතන හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සබා මණ්ඩපය, සහභාගිත්වය, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, මෙහෙයවීම, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය ප.ව. 6.00 නිමාව.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී ඇසළ පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම තෙරුවන් වන්දනාව වැලිකල පඤ්ඤාසාර හිමි, 7.30 – 9.45 දහම් දෙසුම වතුරුගම නන්දසිරි හිමි, 10 – 11.15 දහම් දෙසුම තීනියාවල ඤාණින්ද හිමි, පස්වරු 1 – 3 දේශනය ශාන්ත දිසානායක මහතා, 3.15 – 5.15 දහම් දෙසුම මාරඹේ කුසලධම්ම හිමි, 5.30 – 7 දහම් දෙසුම ගම්පහ මහානාම හිමි, 7.15 – 8 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වූ බෝධි පූජාව 8.15 – 9 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරාදී පහන් පූජාව.

බම්බලපිටිය වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහානා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි, 9.00 – 11.00 භාවනාව / අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.30 – 01.30 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 02.30 ධර්මානුශාසනාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 3.00 – 4.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 4.00 – 5.00 ගිහි දේශනය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.15 වස් ආරාධනාව, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා, 06.15 – 06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී ඇසළ පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලැබේ.

පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 – 9.00 දහම් දෙසුම කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 9.00 – 10.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ආටිගල අමිතදේව හිමි, 10.00 – 11.00 භාවනා වැඩසටහන මෙහෙයවීම උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව මධ්‍යහ්න 12.00 පස්වරු 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1.00 – 2.00 දහම් දෙසුම මණ්ඩලගිරියේ භද්දිය හිමි, 2.00 – 3.00 දහම් දෙසුම කොට්ටාවේ සුදිරා දසසිල් මෑණියන් 3.00 – 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අතුරුගිරියේ ධම්මිවිහාරි හිමි, සවස 6.00 ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඇරැව්වල තිසරණ දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මැතිණියගේ සාදර අනුග්‍රහයෙනි.

ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30- 6.00 කිරි ආහාර බුද්ධ පූජාව 6.00-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව.මෙහෙයවීම :–බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි. 08.00-09.00 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරද හිමි, 09.30-10.30 ධර්ම දේශනාව අක්මීමන ධම්මපාල හිමි, 11.00-11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, මෙහෙයවීම ,ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි. පස්වරු 12.30-2.00 ‘දම්සභා මණ්ඩපය’ සාකච්ඡාව දරණාගම කුසලධම්ම නාහිමි. වී.වෛ.අනුරුද්ධ පාදෙනිය මහතා මෙහෙයවීම, ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතා,2.00-3.00 ධර්ම දේශනාව, මිරිස්සේ ධම්මික හිමි,3.30-4.30 ධර්ම දේශනාව ,වරකපලහේනේ සුගතඥාන හිමි. 4.30-5.30 ධර්ම දේශනාව, දොඩංදූවේ සිරිකර නාහිමි. 5.30-6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, වතුලියද්දේ රතනසීහ හිමි, 08.00-09.00 භාවනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ආචාර්ය මඩිහේ සුගතසිරි නාහිමි, 10.00-11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා, 11.00-11.15 බුද්ධ පූජාව ඕපනායක ධම්මවිරාග හිමි, පන්නිපිටියේ සමිත හිමි.

පස්වරු 12.30-12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, වලස්මුල්ලේ සුදස්සි හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණගම මුදිත හිමි, 3.00-03.45 ධර්ම දේශනය, වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 04.00-05.00 වස් ආරාධනා පින්කම, 05.00-06.00 ධම්මපදය , ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත. පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.

ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

ඇසළ පෝදා පෙරවරු 6.15-7.00 කිරිපිඩු පූජාව සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 8.00-9.00 ධර්ම දේශනාව කැලණියේ විපුලඥාන හිමි, 9.00-9.30 භාවනාව 9.30-10.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15-1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00-2.30 ධර්ම දේශනාව ඇල්ලේ කුසලඥාන හිමි. 2.30-3.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 4.00-5.00 වස් ආරාධනාව පින්කම පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 6.15 -7.00 සිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව, මීතලාවේ විනීත නාහිමි, 8.00-9.30 ධර්ම දේශනාව මීතලාවේ විනීත නාහිමි. 9.30-11.00 ධර්ම දේශනාව නාමල්ගමුවේ පඤ්ඤාසේකර හිමි, පස්වරු 12.15-1.00 පිරිත් සූත්‍ර දේශනා, 1.00-2.30 ගිහි දේශනය, වෛද්‍ය කුමුදු කුරුප්පු මහතා 3.00-4.00 ධර්ම සාකච්ඡාව දිගන සුගතවංශ හිමි, 4.00-5.00 වස් ආරාධනාව.

තෙලවල – විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති,රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන සිදුකරනු ලැබේ.

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය, සමාදන් කරවීම,සම්බුද්ධ පූජාව, සහ කෙටි අනුශාසනාව , දම්පහළ ඤාණරතන නාහිමි , 8.00-8.30 ධර්ම දේශනාව, හපුතලේ ඤාණවිසුද්ධි හිමි , 8.30-9.00 ධර්ම දේශනාව වැලිමඩ ඤාණාරාම හිමි ,9.30 -10.30 ජාතක කථා දේශනාව, දම්පහළ ඤාණසුධීර හිමි , 10.30-11.00 භාවනාව ,වදුරඹ ඤාණාලෝක හිමි, 11.00-11.30 දහවල සම්බුද්ධ පූජාව ,දම්පහළ ඤාණසුධීර හිමි.12.30-1.00 සක්මන් භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, පස්වරු 1.00-2.00 ඇසළ පුර පොහොය පිළිබඳ විශේෂ දේශනය, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00-3.00 ගිහිදේශනය, ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00-4.00 සුධර්මා කුළඟන සමිතියේ රැස්වීම, 4.00-4.30 ධර්ම දේශනය, වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.30-5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහ පිරිත් දේශනාව, ධර්මායතනාවාසී ස්වාමින් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදුකිරීම දම්පහළ ඤාණරතන නාහිමි, 6.00-7.00 අෂ්ඨපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පුජාව හා පුණ්‍යානුමෝදනාව, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 7.00 වස් ආරාධනා පින්කම, බුදුසරණ පුවත්පත බෙදාදීමේ දායකත්වය බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඇසළ පුර පසළොස්වක පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 9.00 ධර්ම දේශනාව දීයකඩුවේ සෝමානන්ද හිමි, සවස 1.00 ධර්ම සාකච්ඡාව ප්‍රේමරත්න ගමගේ මහතා සවස 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ සවස 4.00 වස් ආරාධනා පින්කම පැවැත්වේ.

කුරුණෑගල ශ්‍රී සාරානාත් විහාරය

පෝදා පෙරවරු 6.30 – 7.45 සීල සමාදානය, කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව උප්පලවත්තේ විමලානන්ද හිමි, 8.15 – 10.15 භාවනාව මෙහෙයවීම, විශ්‍රාමික නිමල් රාජපක්ෂ මහතා, 11.00 දවල් සම්බුද්ධ පූජාව බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව, තුන් සූත්‍ර දේශනාව සියලුම සිල් පිරිස, පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී චරිත වික්‍රමසිංහ මහතා, 4.00 විශේෂ ධර්මානුශාසනාව, 6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පූජාව මෙහෙයවීම විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඇසළ පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 5.30 අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම, සිරිගුණසේකර ධර්මයතානාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි, 6.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පුජාව සහ කෙටි අනුශාසනාව, සිරිගුණසේකර ධර්මායතනාධිපති රම්මලේ අරියවිසුද්ධි හිමි, 8.00 ධර්ම දේශනය, කොහුලියද්දේ දේවානන්ද හිමි, 9.30 ධර්ම දේශනය, විදුරපොල ආනන්ද හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව පොල්වත්තේ ධම්මවිසුද්ධි හිමි, පස්වරු 12.45 පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසී සඟරුවන සමගින් සිල් පිරිස 1.30 වෙසෙසි දෙසුම ආචාර්ය රවීන්ද්‍රනාත් මහතා .1.45 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීම 3.00 ධර්ම දේශනය දරණාගම කුසලවිසුද්ධි හිමි, 4.00 ධර්ම දේශනාව, රම්මලේ අරියවිසුද්ධි හිමි 7.00 අටවිසි බුද්ධ පුජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි සමගින් ධර්මායතනවාසී සගරුවන ,රාත්‍රී 7.30 වස් ආරාධනාව සිදුකිරීම මෙදිනද බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ ජයතිස්ස කොඩිතුවක්කු මහතා සහ සුජාතා ගුණතිලක මහත්මිය වේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සෙනසුන

පෝදා පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය,ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15-10.00 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00-11.00 ධර්ම දේශනාව 11-11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 -3.00 ධර්ම සාකච්ඡාව, පිටකන්දේ ආනන්ද විමලකීර්ති මාහිමි, 4.00-5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, 5.00-6.00 ධර්ම දේශනය, ශාස්ත්‍රපති මීගොඩ සුඛිත හිමි, 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

කැලණිය තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මගින් ඇසළ පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන ,9.15 ධර්ම දේශනය මහියංගනයේ ධම්මකුසල හිමි, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය බොරැල්ලේ කෝවිද හිමි, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.30 බෝධි පූජාව, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.30 සිල් පවාරණය.

බෙල්ලන්විල රජ මහා විහාරයේදී ඇසළ පෝදා දවස පුරා පින්කම්

බෙල්ලන්විල රජමහා විහාරයේදී දවස පුරා පින්කම් පැවැත්වේ. පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 07.00 බුද්ධ පූජාව පැවැත්වීම .8.30 ධර්ම දේශනාව, මත්තේගොඩ සරණධම්ම විහාරාධිපති, ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නාහිිමි, 10.00 භාවනා – සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති , තලාවේගම සද්ධාතිලක හිමි, පෙ.ව. 11.00 බුද්ධ පූජාව පැවැත්වීම

පස්වරු 01.00 ජාතක ධර්ම දේශනාව, කරගහවල චන්දානන්ද හිමි, 03.00 ධර්ම සාකච්ඡාව, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය ජී.ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී.වීරතුංග මහතා, 04.30 ධර්ම දේශනාව, කොළඹ 07, දරණාගම කුසලධම්ම හිමි, 06.00 සිල් පවාරණය කරවීම, 06.30 බුද්ධ පූජාව පැවැත්වීම, දායකත්වය ශ්‍රී බෝධිරාජ දහම්පාසල, බෙල්ලන්විල .07.30 ධර්ම දේශනාව, නැදිමාල ශ්‍රී මහා විහාරවාසී දෙදියගල ඤාණින්ද හිමි.

සංකල්ප විහාරයේදී දින සියයක අටවිසි ගිලන්පස බුද්ධ පූජා පින්කම් මාලාවක්

පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරයේ වස් ආරාධනා පින්කම සමඟ දින සියයක අටවිසි ගිලන්පස බුද්ධ පූජා සහිත බෝධි පූජා පින්කම් මාලාවක් ඇසළ පුර පසළොස්වක පෝදා රාත්‍රී 7 ට ආරම්භ කෙරේ.

ඊට සමගාමීව දහසකට අධික පිරිසක් සහභාගිවන සීල භාවනා වැඩසටහන පෝදා පෙරවරු 6ට ආරම්භ වේ. පෝදා එම සිල් වැඩසටහන සඳහා ගොමිබද්දල දමිත හිමි, පාමංකඩ ඉන්දජෝති හිමි, බේරුවල ආනන්ද හිමි, මිරිස්වත්තේ ඉන්දසිරි හිමි, කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, කහපල නන්දරතන හිමි යන හිමිවරුන්ගේ දම් දෙසුම් හා මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ දෙසුමක්ද ඇතුළත් වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව ප්‍රධාන විහාරස්ථ සංවිධාන ජාලය එම පින්කම් මාලාව සංවිධානය කරයි.

ගල්කිස්ස බෞද්ධායතනයෙන් අභය දාන පින්කමක්

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි ප්‍රධාන ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා ප්‍රධාන විහාරස්ථ දායක සභාව රුපියල් හතළිස් ලක්ෂයක් පමණ වැය කොට මරණයට කැපවී සිටින පැටවුන් සහිත කිරි එළදෙනුන් නිදහස් කොට මුදවා හැරීමේ මහා පින්කමක් ඇසළ පුන් පොහොයදා පෙරවරු 9.00 ට බෞද්ධායතනයේ දී පැවැත්වේ.

එකොළොස් වන වරටත් සංවිධානය කර ඇති එම අභය දානමය පින්කමෙන් නිදහස ලබන ගවයන් අම්පාර මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ටැම්පිටිය, හුලාවල, මංගලගම යන ගම්වලත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලාඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියපුල්ලුමලෙයි, කෝපාවලි, වැලිගහකණ්ඩිය යන දෙමළ ගම්මානවලත් ජීවත්වන ආර්ථික අපහසුතා ඇති ගොවියන් අතර බෙදාදීමට බලාපොරොත්තු වේ. මෙයට අමතරව සිංහල හා දෙමළ ගම්වල රජයේ හා දහම් පාසල්වල සියලු සිසුන් සඳහා අගනා පොත් බෑගයක් සහිත රු. තුන්දහසකට වැඩි වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් පිරිනැමීමත්, මහඔය, ටැම්පිටිය රාජමහා විහාරස්ථානයට අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍රයක් ඇතුළු ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමත් එම වැඩසටහනට ඇතුළත් ය.

මෙම ඇසළ පොහොය දා නිදහස ලබන ගවයන් සහ ත්‍යාග ටැම්පිටිය පුරාණ රාජමහා විහාරාධිපති ටැම්පිටියේ ඤාණානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වාගෙන යන සංහිඳියාව එකමුතුව සංවිධානයේ සභාපති ඉෂාන් උග්ගල්ල මහතා සහ ලේකම් අජිත් බන්දුල මහතා ප්‍රධාන එම සංවිධානය ජූලි මස 23 දින මහඔය ප්‍රදේශයේ දී බෙදාදීමේ උත්සවයක් සංවිධානය කොට ඇත. එම අවස්ථාවට ගල්කිස්ස බෞද්ධායතන දායක සභාවේ සභාපති මහාචාර්ය රාජා ගුණවර්ධන මහතා ප්‍රධාන නියෝජිතයන් සහභාගී වන බව දායක සභාවේ ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා කීය.

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වස් පින්කම් ඇරැඹේ

ජූලි මස 20 වන දා සිට වස් විසීම සඳහා බෞද්ධ මණ්ඩල සංඝාවාසයට වැඩම කරනු ලබන ගරුතර මහා සංඝරත්නය සභාපති එච්.එම්. කුලසේකර සහ සම ලේකම් අනුලා විජේසිරි යන මහත්ම මහත්මීන් විසින් ගෞරවයෙන් පිළිගෙන දැහැත් ගොටු සහ වැසිසළු පිරිනමා වස් සමාදන්වීමට ආරාධනා කරනු ඇත. එතැන් සිට පුරා තුන් මාසයක් මුළුල්ලේ පවත්වනු ලබන වස් පින්කම් මාලාව, එදින සිටම ආරම්භ කෙරේ. ඒ අනුව දිනපතා සවස පාන වර්ග 32 කින් යුත් ගිලන්පස බුද්ධ පූජාවත්, පසුදා උදෑසන දිය නොමුසු කිරි පිඬු දානයද දාවල වෑංජන වර්ග 32 කින් සමන්විත මහා බුද්ධ පූජාවද, උතුම් වූ විජය ශ්‍රී ජයසිරිමහා බෝධි රාජාණන් වහන්සේ අභියස නොකඩවා පැවැත්වෙයි. ඒ අතර වස්සමාදන්ව වැඩ සිටින ගරුතර මහා සංඝරත්නය වෙත දන් පැන් පිළිගැන්වීම උපස්ථාන කිරීම, ධර්ම දේශනා හා භාවනා පින්කම් පැවැත්වේ.

පන්නල ඇසළ තොරණ දෙකක්

පන්නල ශ්‍රී දේවරාජාරාමයේ දී ඇසළ තොරණ දෙකක් ප්‍රදර්ශනය කෙරේ. ඇසළ තොරණ ප්‍රදර්ශනය ප්‍රදර්ශනය ආරම්භකර දසවසරක් සපිරීම නිමිතිකරගෙන මෙවර මහා සුපින ජාතකය සහ කතක්ක ජාතකය මෙම 19 සිට 23 දක්වා ප්‍රදර්ශනය කෙරේ. මීට අමතරව පහන්කූඩු, බැති ගී ප්‍රසංගයක්ද පැවැත්වේ. විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ ඇසළ තොරණ් කමිටුව සංවිධානය කර ඇත.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමයේ ඇසළමස පුරපසළොස්වක පොහෝ දා , ශීල, භාවනා, ධර්ම දේශනා, මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 8.00 – 9.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 -10.15 ධර්මදේශනය, සෙවණගල අජිත හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාම වාසී, ස්වාමීන්වහන්සේලා 1.00 – 2.00 ට මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ප.ව. 02.15 – 3.15 ධර්මදේශනය ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 කන්තලේ සුමිත්ත හිමි, 6.00 ට සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නා හිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 දක්වා ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

ඇසළ පුන් පොහෝදින කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානයේ සිදුකෙරෙන ආගමික වැඩසටහන මෙසේ ය. අලුයම 05.45 ට කිරිපිඬු බුද්ධ පූජාව, 6.00 ට සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව, 8 ගුවන්විදුලි ධර්මදේශනාව, 9 විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමිගේ ධර්මදේශනාව, 10 ධර්ම සාකච්ඡාව 11.00 බුද්ධ පූජාව, ප.ව. 1.00 රූපවාහිනී ධර්මදේශනාව, 4 හේවාවිස්සේ විමලධම්ම හිමිගේ ධර්මදේශනාව, 5.30 වස් ආරාධනා පින්කම 6 සිල් පිරිසගේ සාමූහික පිරිත් දේශනාව, රාත්‍රී 7 ට අටවිසි ගිලන්පස පූජාව හා ධාතුන්වහන්සේලාට පිදෙන විශේෂ අෂ්ඨපාන පූජාව

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ 175 සංවත්සර සමරුවට පින්කම්

රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ 175 වන සංවත්සර සමරු උළෙල වෙනුවෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ තවත් එක් පින්කමක් වශයෙන් නීලගිරි සෑරදුන්ගෙන් ලබාගත් සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සහ වන්දනාව විහාරාධිපති මාඉටිපේ විමලසාර හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී ජූලි 18,19,20 තෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජූලි 18 දින සවස 3.30 සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් පෙරහර ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ සිට පිටත්වීම සවස 5.00 සර්වඥධාතුන් වහන්සේලා පරම ධම්ම චේතිය පිරිවෙනට වැඩම කරවීම . සවස 5.30 සර්වඥධාතුන් වහන්සේලා රැගත් කරඬුව විශේෂිත ආසනය මත තැන්පත් කිරීම සහ ගිලන්පස බුද්ධ පූජාව .සවස 06.00 සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ආරම්භ කිරීම. ජූලි 19,20 දවස පුරා සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය පැවැත්වේ.

ශාන්ති පදනම මෙහෙයවන පිච්චමල් පූජාව 23 වනදා අනුරාධපුරයේ දී

කොළඹ බෞද්ධාලෝක මාවත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම සංවිධානය කරන වාර්ෂික පිච්ච මල් පූජාව අනුරාධපුරයේ දී ජූලි 23 සවස 3 ට පැවැත්වේ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන්, කොටපොල අමරකිත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ. 27 වන වරට පැවැත්වෙන මෙවර පිච්චමල් පූජාව 23 වනදා සවස 3 ට අනුරාධපුර මහ බෝ සමිඳුන්ට සහ රුවන්මැලි මහ සෑ රදුන් උදෙසා පැවැත්වේ. ජූලි 24 වනදා උදේ කල්ප වෘක්ෂ පූජාවක් සහ විශේෂ භාවනා වැඩසටහනක්ද පැවැත්වේ.

විශ්වකලා විහාරස්ථානයේ දී කිරි අම්මාවරු 560 ක් සඳහා දානමය පින්කමක්

රටටත්, ජනතාවටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ශ්‍රී පත්තිනි දේව මෑණියන් ඇතුළු සියලු දේවමෑණිවරුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ජූලි මස 23 වැනි දින පිළියන්දල විශ්වකලා විහාරස්ථානයේ දී අලුයම 3.00 සිට කිරි අම්මාවරු 560 ක් සඳහා දානමය පින්කමක් පැවැත්වේ. විහාරාධිපතින් වහන්සේ ගේ ආශිර්වාදය පරිදි මාම්පේ පරෝපාකාර අසරණ සරණ සංවිධානයේ කරුණාරත්න, මණ්ඩාවිල ජනහද පදනමේ විජේරත්න සහ සාමවිනිසුරු චන්ද්‍රසේන යන මහත්වරු පින්කම සංවිධානය කර ඇත.

දෙහිවල නව පොළොන්නරු ගල්විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ගල්විහාර පාරේ බන්දුසේන ලියනාආරච්චි මහතා සහ චින්තා අබේවික්‍රම ලියනාරච්චි මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් ඇසළ පෝදා සිදු කෙරේ.

විහාරස්ථ බෝධින් වහන්සේ රෝපණය කර වසර 55 ක් සපිරීම නිමිත්තෙන් තෙසැත්තෑඥාන පූජා, පිච්චමල් පූජාව, ඖෂධ සහ චීවර පූජාද පැවැත්වේ. එදින සවස 5 ට බුද්ධ පූජාව සහ මල්පෙරහර බණ්ඩාරනායක මාවතේ ඒ. කේ. ලීලාවතී මහත්මියගේ නිවසින් ඇරැඹේ.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]