UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් නිල උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව මෙරටදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබේ - අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් නිල උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව

මෙරටදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබේ - අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය

ථේරවාදී නිර්මල බුදුදහම ස්ථාපිත රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝක බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම, බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවතින කැපවීම පිළිබඳ ලෝක බෞද්ධ ජනතාව වෙත නැවුම් පණිවිඩයක් දීම හා ලෝක බෞද්ධ රටවල් අතර පවතින ආගමික සබඳතා ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට නිල අනුමැතිය ලැබී ඇති බැවින් එම උළෙල සංවිධානය කිරීම සඳහා සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා නිල සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා 2016 මැයි මස 22 වන දින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත් වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ඒකමතිකව සම්මත කර 2017 මැයි මස 12 හා 13 යන දිනයන්හි මෙම උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා නිල අනුමැතිය ලබා දී ඇති බැවින් උළෙල සංවිධානය කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් ඉදිරි සතියේදී ප්‍රධාන මෙහෙයුම් කමිටුව පත් කිරීමට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිත බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ලෝක බෞද්ධ මහා සම්මේලනයක් බිහි කිරීමේ පුරෝගාමි රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින්, මෙහි මූලික සංකල්පය ඉදිරිපත් කළ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ මූලිකත්වයෙන් ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රථම සමුළුව 1950 වසරේ මැයි මස 26 වන දින මහනුවර දී පවත්වමින් ලබා දුන් නායකත්වය ශ්‍රී ලංකාවේ ථේරවාදී බුදුදහම පිළිබඳව ලෝක බෞද්ධ මතය අවදි කළ සුවිශේෂී වැඩපිළිවෙලක් බවට පත් වූ අතර එම ලෝක බෞද්ධ සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් බුදුදහමේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රාශියක් ගැනීම ශ්‍රී ලංකාවේ ථේරවාදී බුදුදහම පිළිබඳව ලෝක බෞද්ධ මතය අවදි කළ සිදුවීමක් වන අතර 1999 දී වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව පිළිගනිමින් මේ වන විට වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම ද ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙන දුන් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ලෝක මහා බෞද්ධ සම්මේලනය හා එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ ප්‍රධාන උත්සව අවස්ථා දෙකම ශ්‍රී ලංකාවේදී එකවර පැවැත්වෙන ප්‍රථම අවස්ථාව වශයෙන් සැලකෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සඳහා ලෝක බෞද්ධ ජනතාව නියෝජනය කරමින් මහානායක ස්වාමින් වහන්සේලා හා ඉහළ පෙළේ බෞද්ධ නියෝජිතයින් 700 කට අධික පිරිසක් සහභාගි වන අතර ලෝක බෞද්ධ සම්මේලනයන් නියෝජනය කරන බෞද්ධ නායකයින් 1500 කට අධික පිරිසක් මෙම සමුළුව නියෝජනය කරන අතර මේ සඳහා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

එම උත්සවය සංවිධානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කෙරෙන ප්‍රධාන මෙහෙයුම් කමිටුව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධිකරණයෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යංශය, සංචාරක අමාත්‍යාංශය, ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලද සහයෝගය මත මෙම නිල උත්සවය සංවිධානය කරන අතර ප්‍රධාන මෙහෙයුම් කමිටුවට සහය වීම සඳහා අනු කමිටු කිහිපයක්ද පත් කිරීමට නියමිත බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]