UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යටිනුවර – හීරැස්සගල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිධානෝත්සවය

යටිනුවර උප ප්‍රධාන සංඝනායක, හීරැස්සගල, ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති හා වත්මන් කෘත්‍යාධිකාරි , ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමියන්ගේ අනුශාසනාවෙන් යටිනුවර හීරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙන් භූමියේ ඉදිකරගෙන යනු ලබන අඩි 120 ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂ ගර්භයේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම වෙසක් මස 29 වන දා ජනාධිපතිතුමාගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

ඉතිරිය»

 

73 වන ජන්ම සමරුව නිමිත්තෙනි: 

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි


වෙසක් මස උපත ලද ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමියන්ගේ හැත්තෑ තුන්වන ජන්ම දිනය මෙම මස 30 වන දාට යෙදී ඇත. මල්වතු මහා විහාර පාර්ශ්වයේ 26 වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස 2004 වසරේ ජුනි මස 20 දින උන්වහන්සේ පත්වූයේ එම පාර්ශ්වයේ විංසත්වර්ගික කාරක මහා සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ කැමැත්තෙනි.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

සැපත ගෙනෙන දහම් මඟ

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ රැස්වී සැප පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවට වැඩමකොට ඉහත ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. එම භික්ෂූන් වහන්සේලා තම තමන් විසින් ගිහි ජීවිතය ගතකරන සමයේ ලැබූ සැප සම්පත් පිළිබඳව ආවර්ජනා කරමින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට වූහ. බුදුරජාණන්වහන්සේ මෙම භික්ෂූන්ගේ අදහස් දැනගෙන මහණෙනි, ඔබලා අදහස් කරන සැප සම්පත් නිමක් නොමැති සසර දුකටම හේතුවන අතර එහෙත් මෙම කාරණා හතර නිවනේ සැපතට හේතු කාරණාවන බව දක්වා වදාළ සේක.

ඉතිරිය»

පොසොන් සති පිරිත් පින්කම

සෑම වසරක් පාසාම අනුරාධපුර පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන “පොසොන් සති පිරිත් පින්කම” මෙවරද පැවැත්වීමට මහා විහාර සති පිරිත් පින්කම් කමිටුව තීරණය කරන ලදී. මෙම තීරණය ගනු ලැබුවේ අටස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරි නිවාස නා හිමියන්ගේ අනුශාසනා මත පිරිත් පින්කම් කමිටුවේ සභාපති මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය ලේකම් ජී. ඒ. කිත්සිරි මහතා සංවිධානය කළ බෝමළුව මහා විහාර පුස්තකාල ශාලාවේ පැවැති පිරිත් පින්කම් කමිටු රැස්වීමක දී ය.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]