UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යටිනුවර – හීරැස්සගල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිධානෝත්සවය

යටිනුවර – හීරැස්සගල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිධානෝත්සවය

යටිනුවර උප ප්‍රධාන සංඝනායක, හීරැස්සගල, ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති හා වත්මන් කෘත්‍යාධිකාරි , ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමියන්ගේ අනුශාසනාවෙන් යටිනුවර හීරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙන් භූමියේ ඉදිකරගෙන යනු ලබන අඩි 120 ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂ ගර්භයේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම වෙසක් මස 29 වන දා ජනාධිපතිතුමාගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

හීරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී , සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ යටිනුවර උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සෝමරතනාභිධාන ශාස්ත්‍රපති පණ්ඩිත ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් මෙරට විවිධ ප්‍රදේශවල සහ විදේශ රටවලද ශාසනික සේවාවන්හි නිරතව වැඩ වසති.

ඉලුක්කුඹුරේ පුඤ්ඤරතන නා හිමි

උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස් විවිධ උපාධි ලබා රට පුරා බොහෝ ප්‍රදේශවල පිරිවෙන් හා පාසල් ගුරු සේවයේද, විහාරාධිපතිවරු වශයෙන්ද ශාසනික සේවයේ යෙදී සිටිති. එසේම උන්වහන්සේගේ ශිෂ්‍ය තායිලන්තයේ වට්ලම්පෝ විහාරස්ථානයේ වැඩ වසන රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී විල්ගමුවේ අරියරතන හිමියන්ගේ සම්බන්ධතාවයෙන් තායිලන්තයේ වට්ලම්පෝ විහාරාධිපති ප්‍රා , කු. චා, වීරත් හිමියන් ඇතුළු සංඝරත්නයේ හා දායක පිරිසේද අනුග්‍රහයෙන් සහ පරිත්‍යාගශීලි දානපතියන්ගේ දායකත්වයෙන් , ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථ ධර්මෝදය පිරිවෙන් භූමියේ උතුරු බෑවුමේ ඇති ස්වාභාවික ශෛලමය පර්වතයට පිටදී අඩි 120 ක් උසැති සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමාවක් මේ දිනවල කරගෙන යනු ලැබේ.

මෙම සමාධි බුදු පිළිම වහන්සේ මධ්‍යම කඳුකරයේ ඉදිවන සුවිසාලම සමාධි බුද්ධ ප්‍රතිමාව වශයෙන් ඉතිහාසයට එක්වනු ඇත. මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව රටට දායාද කිරීමට ඉදිකිරීමේ භාරදූර කාර්යයේ නිර්මාතෘ ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරි යටිනුවර උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පණ්ඩිත ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේය.

ශ්‍රී ලාංකීය ජනතාව තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය හා ආගමික ප්‍රබෝධය ඇතිකර එමඟින් ශාසනික උන්නතිය හා දැහැමි සමාජයක් ඇති කිරීම තමන් වහන්සේගේ එකම පරමාර්ථය බවත්, මෙම උතුම් කාර්ය සඳහා ප්‍රදේශවාසී දායකදායිකා පින්වතුන්ගේ නොමසුරු උපකාර හා ශ්‍රමදායකත්වය බොහෝ සෙයින් ලැබුණ බවද ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැදැහවතුන් මෙම ස්ථානයට පැමිණ දැක බලා ගෙන ඉතිරි වැඩ කොටසත් නිමකර ගැනීම සඳහාත් තමන් වහන්සේ ගත් උත්සාහය සාර්ථක කරවන්නට උපකාර ලබා දී දෙලොව වැඩ සාදා ගන්නා මෙන් පුණ්‍යානුමෝදනා සහිතව දන්වා සිටිති.

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]