UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අව අටවක 2016.05.29

විපතේ දී පිහිටවීම

පසුගිය දා ඇතිවූ ධාරානිපාත මහ වැස්සෙන් මහත් පීඩාවක් ඇතිවිය. නායයාමෙන් ජීවිත ගණනක් අහිමි විය. ජල ගැල්මෙන් පීඩාවට පත් වුවද උත්සාහයත්,අධිෂ්ඨානයත් කැපවීමත් මගින් අහිමි වී ගිය ජීවිත හැර අනෙකුත් සියලු දේ යථාතත්ත්වයට පත් කරගත හැකිවේ.

අසල්වැසි ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ටේ‍්‍රලියාව, නේපාලය ඇතුළු රටවල් රැසක් නන් අයුරෙන් අපේ රටේ ඇති වූ පීඩාවට මේ වනවිටත් උපකාර කරමින් සිටී. එසේ විදේශයන් අප වෙත ලබා දෙන සහායෙන් පෙනී යන්නේ රටක් ලෙස අප හුදකලා වී නැති බවය. පෙරට වඩා ජාත්‍යන්තර වශයෙන් විශාල සහායක් අපේ රටට ලැබෙමින් පවතින බවද ඉන් පෙනී යන සත්‍යයකි. ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය ප්‍රධාන අපේ රටේ සම්භාවනීය පූජනීය මහ සගරුවන ද විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් විවිධ සමාජ සද්කාරයන් සිදු කිරීමට ක්ෂණිකව ඉදිරිපත් වූහ. විවිධ ආයතන, විවිධ වූ ස්වේච්ඡා සංවිධාන මගින් ද ක්ෂණිකව ආපදාවට සහන සැපයීමට ඉදිරිපත් වූහ.ජනතාව තම තමන්ට හැකි පමණින් ආධාර උපකාර කිරීමට නොපැකිලව ඉදිරිපත් වූහ. විපතට පත්වූවන්ට පිහිට වී ඒ විපත බෙදාහදාගනිමින් ඊට පිහිටවීම උසස් මානුෂික ලක්ෂණයකි. නැති වූ ජීවිත හැර අනෙකුත් සියලු දේ උපයා ගත හැකිවේ.

ජනාධිපතිතුමන් , අගමැතිතුමන් ප්‍රධාන රජය ආපදා සහන සැලසීමට කඩිනමින් ඉදිරිපත් විය. ජනාධිපතිතුමන් සහ අගමැති-තුමන් ඇතුළු මැති ඇමැතිවරුන් විවිධ ස්ථානවලට ගොස් සිදු වූ විපත පිළිබඳ සියැසින් දැක බලා ගනිමින් ඒවා නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහන සැලසීමට වහා ක්‍රියාත්මක වූහ. කුමන තත්ත්වයක් යටතේ වුවද ස්වාභාවික විපත්වලට මුහුණ දිය යුතුය. වෙසක් සමයේ දී කල් ඇතිව යොදාගත් කටයුතුවලට අමතරව දන්සැල් ආදිය පැවැත්වීම අවලංගු කරමින් උද්ගත වූ තත්ත්වයට ඒ මගින්ද පිහිටවීමට කටයුතු යෙදුහ.

විපතක් කාටවුවද විපත්මය. එහෙත් ඒ විපතට පත්වූවනට පිහිටවීම උදාර මිනිස්කමකි. පීඩාවට පත්වූවන්ගේ පීඩාව දුරුකිරීමට රජය වහා ඉදිරිපත් විය. ඊට කඩිනමින් සහන ද සැපයූහ. රජය මගින් පශ්චාද් ආපදා ප්‍රතිසංස්කරණ වැඩසටහන් මාලාවක් සිදු කිරීමට ද මේ වන විටත් කටයුතු යොදා තිබීම අගය කළ යුතුය.

පසුගිය දා ඇති වූ ඒ පීඩාවෙන් අහිමි වූ දේපළ අතර ඇතැම්විට තම ජීවිත කාලය පුරාම හරි හම්බ කරගත් ධනය වීමට ද ඉඩ ඇත. එහෙත් අහිමි වූ ඒ දේපළ යළි ගොඩනගා ගැනීමට ශක්තිමත්ව ධෛර්යවන්ත විය යුතුය. පීඩාවට පත්වුවද ශක්තිමත් ජනකොටසක් බව අපි අමතක නොකළ යුතු වෙමු.

නායයාම් ආදියෙන් ජීවිත හානි වූ සියල්ලන් වෙනුවෙන් සංවේගය පළකරන අතර අපගේ දහම් මඟට අනුව ඒ හැමට නිවන් සුව පතමු.

ඉතා ඉවසීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කරමින් සිදු වූ විපත මඟ හරවා ගැනීමට සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කළ යුතුවේ. මෙවන් ආපදාවක දී පිහිටවන මනුෂ්‍යත්වය හඳුනා ගත් බොහෝ මනුෂ්‍යයන් අප සමාජයේ කවදත් විරල නොවන බවද අප අවබෝධ කරගත යුතුය. හදිසි ආපදාවෙන් එක් එක් පුද්ගලයාට සිදු වු අලාභය විවිධාකාරය. එහෙත් සොබාදහම යථාතත්ත්වයට පත් වූ විට ඒවා එකිනෙකට නිශ්චය කරගත හැකිය.

දුකට විපතට පත්වූවන්ට පිහිටවීම උසස් මානව ගුණාංගයකි. පීඩාවට පත් ජනතාවගේ දුක බෙදා හදා ගනිමින් ඔවුනට ශක්ති පමණින් ඉදිරියටද පිහිටවීම සියලු දෙනාගේ යුතුකම වේ. තම තමන්ට කළ හැකි දෑ වෙනුවෙන් ඉදිරිපත් වී පීඩාවන්ට ලක්වූවන්ට සහන සලසා ඔවුන්ගේ ජීවිත යථාතත්ත්වයට පත් කිරීම කාලෝචිත වගකීමක් වනු ඇත. විපතට පත්වූවකු ඒ විපතෙන් මුදාව ගත හැකි වෙතොත් එය මහත් පුණ්‍ය කර්මයක්ද වනු ඇත. උදව් උපකාර අවශ්‍ය හැමවිට ඒවා නොපිරිහෙලා ඉටු කිරීමට තරම් මෙරට ජනතාව ගුණ දහම් මගින් පෝෂණය වී ඇත. අනෙකාට පැමිණි විපත තමාට වූ විපතක් යැයි සිතා විපතට පිහිට වී උපකාර කිරීම සමස්ත සමාජයේ ම යහපතට එය හේතු වන්නකි. ක්ෂණිකව පිහිට වී උපකාර කළාක් මෙන්ම මතුවටද ඒ විපතට පත්වූවන්ගේ යහපත වෙනුවෙන් මෙහෙවර කිරීමට හැමට ශක්තිය ධෛර්ය සැලසේවා.

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]