UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක ධුරන්දර වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නා හිමියන් වහන්සේ සහ අභිනව අනුනායක ධුරයෙන් පිදුම්ලද ආණමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනු නාහිමියන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ඉකුත් දා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව.

අභිනව මහා නා හිමියන් විසින් සම්ප්‍රදායානුකූලව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අවස්ථාව.

 

යටිනුවර – හීරැස්සගල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිධානෝත්සවය

යටිනුවර උප ප්‍රධාන සංඝනායක, හීරැස්සගල, ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති හා වත්මන් කෘත්‍යාධිකාරි , ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමියන්ගේ අනුශාසනාවෙන් යටිනුවර හීරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙන් භූමියේ ඉදිකරගෙන යනු ලබන අඩි 120 ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂ ගර්භයේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම වෙසක් මස 29 වන දා ජනාධිපතිතුමාගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

ඉතිරිය»

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]