UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ කල්‍යාණ ධර්ම පෙරමුණේ වාර්ෂික පින්කම

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කලා්‍යණ ධර්ම පෙරමුණේ 57 වැනි වාර්ෂික කතරගම මහා පින්කම දෙසැම්බර් මස 25, 26, 27 යන දිනයන්හි ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දෙසැම්බර් මස 25 දින සවස කතරගම පුදබිමට පැමිණෙන උපාසක උපාසිකාවන් දෙසැම්බර් මස 26 දින අලුයම අටසිල් සමාදන්වීමෙන් අනතුරුව මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාවන් කිරිවෙහෙර වහන්සේ අබියස පැවැත්වේ.

ඉතිරිය»

දුමින්දාගමනයෙන් - සංඝමිත්තාගමනයෙන් එකලු කළ උඳුවප් පුර පසළොස්වක

දඹදිව දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති මිථ්‍යා සමාජ පිළිගැනීම් දෙදරවා හරිමින් මහා විප්ලවයක් සිදුකළ ශාස්තෘන් වහන්සේ වශයෙන් බුදුරජාණන් වහන්සේට ලෝ වැසි බුද්ධිමතුන් දක්වන ගෞරවය විශාලය. එයින් එක් කරුණක් වූයේ මහත් දුබලතාවයන්ගෙන් යුක්තය යි ද, තිරිසන් සතෙකු තරම්වත් වටිනාකමක් නැතයි ද බ්‍රාහ්ණයන් විසින් හඳුන්වා දුන් පුහු මතය බැහැර කොට කාන්තාවට පුරුෂ පක්ෂය තරමට ම සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමයි. මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ නායකත්වයෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීම ඒ අතර දක්නට ලැබෙන සුවිශේෂ සිදුවීමකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

රහතන් වහන්සේ වැඩි මඟ

ලොව්තුරා තථාගත අර්හත් සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම තරම් උතුම් ශාන්තියක්, සැනසීමක් ගෙන දෙන තවත් කරුණක් නම් දෙව් මිනිස් ප්‍රජාව සහිත මේ තුන්ලෝකයටම නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුලින් තමයි අපට මේ සසර කතරින් නිදහස් වීමට අවකාශය ලැබෙන්නෙ. ඒ නිසා ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගෙන මේ සසරින් නිදහස් වෙන්න කල්පනා කරන්න ඕන.

ඉතිරිය»

අනුරාධපුර මහමෙවුනාව

“මහමෙවුනා පින්බිම” දෙවන පෑතිස් රජු විසින් මායිම් සලකුණු කොට සඟසතු කරන ලදැයි මහා වංශයේ විවරණය වේ. රජතුමා විසින් මේ සඳහා මහා පදුම සහ කුංජර යන සෙනෙවියන් දෙදෙනාට අසුන් බැඳි රන් නගුල් දී සීසාමින් මායිම් ලකුණු කිරීම් පටන්ගෙන ඇත්තේ කොළොම් ඔයේ “ගංගලතිත්ථ” නම් වු තොටුපළෙන් බව මහාවංශය කියයි. එතැනින් පටන්ගත් මහමෙවුනාවේ මායිම් ලකුණු කිරීම අවසන් කර ඇත්තේද ගංගලතිත්ථ තොටුපළෙන්මය.

ඉතිරිය»

දුමින්දාගමනය සහ කාන්තා විමුක්තිය

අදින් සියවස් විසි තුනකට පෙර අතීතයේ දී මහින්දා ගමනය නිසා අප ලද බුදුසමය නිසා මෙරට ජනතාව තුළ සිදුවී ඇති චින්තන විප්ලවය අසමසම එකක් බව පෙනේ. එයින් ලද සමානාත්මතාව සංඝමිත්තා මහ තෙරණින් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ මෙරට කාන්තා පරපුර කෙරේ ප්‍රායෝගිකවම ඇති කළ බලපෑම ඉතා විශිෂ්ට හා ප්‍රායෝගික එකකි. එය එතෙක් මෙරට බ්‍රාහ්මණ දහමින් බැඳී තිබූ බැමි හා පවුරු බිඳ හරිමින්, මෙරට කාන්තාවට සැබෑ විමුක්තිය ලබා දීමක් මෙන්ම ඇය තුළ වු නුවණ කුසලතාව මෙන්ම තත්වැසි නුවණද මනා ලෙස සමාජගත කරවන්නක් විය.

ඉතිරිය»

 

ජය සිරි මහ බෝ සමිදු සිරිලකට වැඩම කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]