UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟමිත් යුගයක්

 සඟමිත් යුගයක්

බුද්ධ මාතාව එදා භාරත දේශයේදී ගෞතම බුදුන් වහන්සේ වෙත ගොස් මෙහෙණි උරුමය ලැබ ගත්තද, සිරිලක් දෙරණ තුළ මෙහෙණි සසුන ස්ථාපනය වන්නේ ශ්‍රී සංඝමිත්තා අර්හත් තෙරණිය වැඩම කරවීමත් සමඟය. එදා අනුලා බිසව ඇතුළු ශ්‍රී ලාංකික කාන්තාවෝ සුසන්ගත වීමත් සමඟ ඇති වූ මෙහෙණි සසුන නිසා කාන්තාව මහත් උත්තරීතර සම්භාවනාවට පත් වූවාය. එදා මෙහෙණිය ත්‍රිපිටකය ඉගෙන සමාජයට ද දහම බෙදා දෙමින් මහත් සේවයක් ඉටු කළාය.

අද ශී‍්‍ර ලාංකික සමාජය තුළ සිටින මෙහෙණි පරපුර ශ්‍රී ලාංකික දරු පරපුර වෙත ධර්මය දානය කරමින් ඔවුනට යහමඟ කියා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනු දැකිය හැකිය. නගරවල පමණක් නොව ගම් දනව්වලද හැසිරෙමින් මෙහෙණින් වහන්සේ තමනට ලැබෙන සිවුපසය ද ගමේ දරුවන් හා කුසගින්නේ පෙළෙන ජනතාව සමඟද බෙදා හදා ගනිමින් දුකසේ වුවද තම ශීලය ආරක්ෂාකර ගනිමින් තම සේවය රටටද සලසනු බොහෝවිට දක්නට ලැබේ.

එසේම ත්‍රිපිටකය දැන උනත් භික්ෂුණීන් වහන්සේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ගැඹුරු ධර්ම කාරණා වටහා දෙමින් ද භාවනාවේ නිමග්න කරවමින් ද සේවාවන් සලසනු දක්නා ලැබේ.

දෙකඳුවල දහම් පුහුණු ආයතනයද දඹුල්ල රංගිරි පුරාණ විහාරස්ථානයට සම්බන්ධිත භික්ෂුණී අභ්‍යාස ආයතනයද නැව්ගල භික්ෂුණී පුහුණු ආයතනයද කැලණිය මානෙල්වත්ත විහාර භික්ෂුණී පුහුණු ආයතනයද ආදී වශයෙන් භික්ෂුණි පුහුණු ආයතන කිහිපයක් මේ වනවිට පවත්වා ගෙන යනු ලැබේ. ඇතැම් භික්ෂුණීන් වහන්සේ ගැඹුරු ධර්මය ද දරුවන්ට උගන්වන අතරම ඔවුන්ගේ පොතපතේ ඇති විෂය මාලාවනට අයත් විෂය කරුණු ද උගන්වා දෙමින් ඔවුන් දහම කෙරෙහි මෙන්ම ලෞකික වශයෙන්ද ඔවුන්ගේ දියුණුව පතාද කටයුතු කරති. ඔවුහු වැඩිහිටියන් සඳහාද භාවනා පන්තිද පවත්වා ගෙන යති. උපාසක –උපාසිකා දෙපිරිසම සතුටින් ඒවාට සහභාගි වෙති.

දරුවන් අතර මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරවනු වස් ඔවුහු මෙත් වඩමු - සිත් නිවමු නමින් මෙත්තාව ද මෙරට තැන්තැන්වල පවත්වාගෙන යති. මෙසේ භාවනාවට පැමිණෙන දරුවනට යම් විෂය කරුණු ඉංගි‍්‍රසි , ගණිතය ආදී වශයෙන් ඉගැන්වීමෙන් එම දරුවන් කුඩා අවධියේදීම යහමඟට හැරවීමක් සිදු කිරීම මෙම වැඩසටහන් වලින් බලාපොරොත්තු වේ.

දැනට හොරණ පළාතේ මෙවැනි වැඩ සටහන් පවත්වාගෙන යන අතර කළුතර ප්‍රදේශයේ ඇතැම් පාලසල්වලටද පූර්ව ළමා විය පෙර පාසල්වලටද මෙම වැඩසටහන් සඳහා ඇරයුම් කර ඇත. ශ්‍රී සද්ධර්මයේ පිපාසයෙන් පෙළෙන දහම සොයමින් යන සෑම කොටසකටම සේවය සලසාලන පරිදි සඟමිත් යුගයක් නැවත උදාකරවීමට නිසි කාලයයි මේ එළඹ ඇත්තේ.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]