UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

කැලණි රාජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30, 7.00 සීල සමාදානය, උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව, ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව ආචාර්ය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව මාඋස්සාගොල්ලේ මුදිත හිමි, පස්වරු 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය විද්‍යා දේශනය, 3.00 – 4.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති උඩුවෙල කෝලිත හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව සූරියවැව සාරානන්ද හිමි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ උඳුවප් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාරපූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කළුතර මිත්ත හිමියන් විසින් විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනාව කිරිවෙහෙර චෛත්‍යය මලුවේ පැවැත්වේ.

සවස මල් පෙරහර කිරිවෙහෙර චෛත්‍යය මලුවේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි. රාත්‍රි 7.00 ට අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


අනුරාධපුර මහා විහාරය

ඵෙතිහාසික මහා විහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ ජය ශී‍්‍ර මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදිි, බෝමළුව විහාරවාසී කහල්ලේ ඤාණින්ද හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු, 06.00 අටසිල් සමාදන් වීම, 06.30 උදෑසන බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි. 09.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම. 09.15 ගිිහි දේශනය, ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම. 10.30 දහවල් බුද්ධ පූජාව දහවල් 12.00 ජාතක කතා දේශනාව, භාණක පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 01.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත කිරිගල්වැවේ ඥානාලෝක හිමි. 02.00 ධර්ම දේශනාවට අදාල ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය කල්ලංචියේ රතනසිරි නාහිමි,ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මැතිතුමා. 04.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි. 05.00 බෝධි පූජාව, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි.


කළුතර බෝධිය

පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පුජාව වැලිකල පඤ්ඤාතර හිමි. පෙරවරු 7.30-9.45 භාවනාව සහ ධර්ම දේශනය වතුරුගම නන්දසිරි හිමි, 10.00-11.15 ධර්ම දේශනාව කොබවක ධම්මසීල හිමි, පස්වරු 01.00-2.30 ධර්ම දේශනය ගම්පොළ සංඝවංශ හිමි .03.00-4.30 ධර්ම දේශනය මොරකැටිආරේ ධම්මික හිමි. 4.45-6.00 ධර්ම දේශනය ගම්පහ මහානාම හිමි 6.15-7.15 ධර්ම දේශනය කොස්ගම ධම්මදස්සන හිමි. 7.20-7.35 පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ පැවැත්වූ බෝධිපුජාව (පටිගත කළ එකකි) 9.00-9.40 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පුජාව 9.40 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදානය

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මාහිමි. 8.00-9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද නාහිමි. 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි , පස්වරු 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ මහියංගණයේ ධම්මසිද්ධි හිමි. 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි. 2.00-3.00 ගිහි දේශනය –කථිකාචාර්ය රංජීව හේරත් මහතා , 3.00-4.00 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 4.15-5.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව ඇල්පිටියේ විපුලඤාණ හිමි, 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන

පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම , ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක මෙල්බර්න් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දිගාමඩුල්ලේ විමලානන්ද හිමි. 08.00-9.00 භාවනාව – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 විශේෂ දේශනය – පියදාස මුතුගම මහතා 11.00-11.15 බුද්ධ පූජාව, පන්විල සරණ හිමි පැනසිහගම ඛේම හිමි. පස්වරු 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ මහගම සුජාත හිමි ඕපනායක ධම්මවිරාග හිමි, 01.00-02.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.30-03.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ.04.00-05.00 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ නාහිමි. 05.00-06.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 ට උපෝසථශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්මදේශනය කන්තලේ සුමිත්ත හිමි, 10.30 – 11.00 දවල් අටවිසි බුද්ධ පූජාව සෙවණගල අජිත හිමි, සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාම විහාරවාසි ස්වාමීන් වහන්සේ පස්වරු ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 3.30 – 4.30 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, සෙවණගල අජිත හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 දක්වා ගිලන් පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයකි)


තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 6.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්. බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවික පුජාව, කඩවත විමුක්ති දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 8.00 9.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.45 – 10.45 භාවනාව වැලිවේරියේ ගෝතමි දසසිල් මාතාව 11.00 දහවල් බුද්ධ පූජාව පස්වරු. 12.00 -12.45 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 ධර්ම දේශනාව පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි, 2.15-3.00 ධර්ම දේශනාව නුගේගොඩ මෙතභාණී දසසිල් මාතාව පස්වරු 3.00- 4.00 ධර්ම දේශනාව දංකොටුවේ ඉන්ද්‍රරතන හිමි,4.00-5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකිය පණ්ඩිත දිව්රුම්වෙල විනීත හිමි . තුන්සූත්‍ර සජ්ඣායනයෙන් පසුව සවස 6.00 ට මල් පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පුජාවක්. බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් බදුල්ලේ අරියදස්සනා දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. පසළොස්වක පොහොය දිනයෙහිද ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් සඳහා වැඩම කෙරේ.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

පෙරවරු – උපෝසථ ශීලයෙහි පිහිටුවීම, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම තුසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන් . 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත වතුරවිල සුජාත හිමි. 11.00 සම්බුද්ධ පුජාව,පස්වරු 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මුරතුවෙල සීවලී හිමි 3.00 ධර්ම දේශනාව බතීගම මෙත්තජි හිමි 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ශාස්ත්‍රපති වෙරළුගොල්ලේ උදයනන්ද හිමි 4.00 ගංගොඩවිල සෝම හිමියන් වෙනුවෙන් පවත්වනු ලබන ගුණානුස්මරණ දේශනය ත්‍රිපිඨකාචාර්ය කහටපිටියේ ප්‍රඥාසාර හිමි .


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය බටලන්දේ චන්දකිත්ති හිමි,10.30 බුද්ධ පුජාව, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි .

පස්වරු 1.15 ධර්ම දේශනය , 4.00 ධර්ම දේශනය 5.30 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි 6.30 සිල් පවාරණය .


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම,අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, 08.00-09.00 ධර්මානුශාසනාව – ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි, 09.00-10.00 ධර්මානුශාසනාව කොහොලානේ වසුබන්දු හිමි, 10.00-11.15 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව, ගම්පහ පාසාදික හිමි, පස්වරු 01.00-02.00 භාවනාව සහ අනුශාසනාව තලාවේ සුමනරතන හිමි, 02.00-03.00 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි , 03.15-04.00 අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ පටිගත කළ ධර්ම දේශනාව 04.00-05.00 ගිහිදේශනය – මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා 05.00 -06.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලලලේ චන්දකිත්ති හිමි 06.00-06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසි ස්වාමින් වහන්සේලා


විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර පෙරවරු 6.30 – 9.00 කාව්‍යමය ධර්ම දේශනාව බතලයායේ විමල හිමි. 9.30 -10.30 දක්වා ජාතක කථා දේශනාව නිමල් අමරවංශ මහතා 10.30-11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි. 11.00 -12.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි. පස්වරු 12.30 -2.00 ධර්ම දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00-3.00 ධර්ම දේශනාව නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි 3.00-4.00 ධර්ම දේශනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 4.00 -5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහ පිරිත් දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 6.30 ට අෂ්ඨපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි පස්වරු 12.15 ට “බුදුසරණ පුවත්පත” බෙදාදීම දායකත්වය බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය .


කොබවක ශ්‍රී සුමනාරාමය

හෝමාගම, මාගම්මන ‘දම් සාර විදහන’ පදනමේ සංවිධායකත්වයෙන් එල්.එච්.සී. ලොරොන්සුහේවා මහතාගේ මෙහෙයවීමෙන් කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන් ගේ අනුශාසනා පරිදි මෙම පෝය දා කොබවක, ශී‍්‍ර සුමනාරාමයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. මෙයට සමගාමීව ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සෙත් පිරිත් දේශනා ඇතුළු තවත් ආගමික වැඩ සටහන් රැසක් ඇතුලත් වේ.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා වැඩසටහන මෙහෙයවීම – සමරවර්ධන නිශ්ශංක මහතා.පෙරවරු 6.45-7.00 බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරි බී.එම්. එස්.බී. බස්නායක මහතා 7.00-7.45 අටසිල් සමාදන් කරවීම,බුද්ධ පූජාව ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමි,9.00-9.45 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී එම්.ආර්. මද්දුම බණ්ඩාර මහතා 9.45-11.00 දේශනය ශාස්ත්‍රවේදී එස්.එම්.කේ. සිරිවර්ධන මයා 11.00-12.00 බුද්ධ පූජාව. පස්වරු 12.00-1.30 ධර්ම දේශනය කථිකාචාර්ය ශාස්ත්‍රපති මැණික් කඩවර ධම්මරංසි හිමි 1.45-2.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී යූ.ජී. එම්. බණ්ඩාර උඩගෙදර මහතා, 3.15-4.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි 4.00-5.00 ධර්මානුශාසනාව මිගලෑවේ නන්දරතන හිමි.


වේවැල්දෙණිය සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 6.30 – 7.30 ශීල සමාදානය සහ අනුශාසනාව, පොල්ගහවෙල මිතභාණි හිමි, 7.30 – 8.30 භාවනාව, 8.30 – 9.30 ධර්ම දේශනාව කඩවත ගුණානන්ද හිමි, 10.30 – 11.15 බුද්ධ පූජාව, බලන්ගොඩ සුශීල හිමි, 12.45 – 2.00 ධර්ම දේශනාව අම්පාරේ නිරෝධ හිමි, 2.00 – 3.00 ධර්ම සාකච්ඡාව, 3.00 – 4.15 භාවනාව, හා අනුශාසනාව පොල්ගහවෙල මිතභාණි හිමි, 4.15 – 5.00 පිරිත් දේශනාව සිල් පවාරණය.


කුරුණෑගල ශ්‍රී සාරානාත් විහාරය

පෙරවරු 6.30-7.45 සීල සමාදානය , කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි. 8.15 -10.15 භාවනාව නිමල් රාජපක්ෂ මහතා 11.00 දවල් සම්බුද්ධ පූජාව බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව , තුන් සූත්‍ර දේශනාව – සියලුම සිල් පිරිස පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම – විශ්‍රාමික අධ්‍යාපන නිලධාරි චරිත වික්‍රමසිංහ මහතා ,4.00 විශේෂ ධර්මානුශාසනාව , 6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පුජාව මෙහෙයවීම – උප්පලවත්තේ විමලානන්ද හිමි.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]