UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උත්සවය 29 දා

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධි සත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 104 ගුණානුස්මරණ උත්සවය මෙම 29 වැනිදා සවස 3 ට ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ හා මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙනාධිපති බළංගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ බී ශාලාවේදී පැවැත්වීමට විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

ඇඟිලි තුඩයි ගල් කටුවයි සැදැහැබවයි එක්වෙලා මහ ගල්කුළු සිඳ බිඳ එයි සම්බුදු ගුණ ගල ගලා

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් මහාවිහාරයෙහි පිහිටි මහාගල් පර්වතයක නෙළන ලද ශෛලමය සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ අප්‍රේල් මස 30 වන දා පස්වරු 3.30 ට  දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මහජන පූජෝපහාරය පිණිස නිරාවරණය කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

භය හා ශෝකය නැති කිරීමේ මඟ

බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්වෙහෙර වැඩ ඉන්න කාලයේ දී ඒ මිසදිටු බමුණා ගඟක් අසබඩ කුඹුරක් සකස් කළේ ය. පසුකාලයේදී ඔහුට බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වීමට හේතු සම්පත් ඇති බැව් උන්වහන්සේ දුටු සේක. එබැවින් බුදුන් වහන්සේ පාසිවුරු ධාරීව මොහු කුඹුර සකස් කරන තැනට වැඩි සේක. දුරදීම බුදුන් වහන්සේ වඩින බැව් දුටු බමුණ නොදැක්කාක් මෙන් බිම්බලාගෙන තම කටයුතු කරගෙන ගියේ ය. බුදුරජාණන් වහන්සේ කුඹුර අසළටම වැඩ මවා නැවතී බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ සේක. මාකුඹුරක් සකස් කරන්නෙමියි පිළිතුරු දුන්නේ ය. හොඳයි බමුණ මා වඩින්නම් කියා විහාරයට ආපසු වැඩි සේක.

ඉතිරිය»

වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය

දකුණු පළාතේ ගාල්ල සහ මාතර යන පුරාණ නගර දෙක අතර පිහිටා තිබෙන පැරැණි වරායක් ලෙසින් වැලිගම හඳුන්වාදිය හැකිය. කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ රැසකම වැලිගම පිළිබඳ සඳහන් වී ඇත. ඊට අමතරව කඩයිම්පොත්වල වැලිගම හඳුන්වා ඇත්තේ “වැලිගම දහස්ගම්” යන නාමයෙනි. ගාල්ල – මාතර මහා මාර්ගය අසළ ඇති ස්වභාවික ගල් පර්වතයක උන්නත රූපයක් ලෙසින් (ගලෙන් වෙන් නොකර පිහිටි ගලෙහිම නෙළා ඇති.) නෙළා ඇති මෙම මූර්තිය එකල මෙන්ම මෙකලද ප්‍රකටව ඇත්තේ ‘කුෂ්ට රාජ ගල” යන නාමයෙනි. මෙම පුදබිම මුල් කාලයේ දී වැලිගම අග්‍රබෝධි විහාරය නමින් ප්‍රකට වූයේ ය. මෙම වැලිගම අග්‍රබෝධි විහාරයත් වැලිගම පිහිටි කුෂ්ට රාජ ගලත් පුරාණයේ තිබුණේ එකම බිම් කඩකය. බ්‍රිතාන්‍ය යුගයේ දී සාදන ලද දුම්රිය මාර්ගය නිසා මෙම පුදබිම අද වනවිට දෙකඩ වී ඇත. ඒ නිසා මෙම පුදබිම එකක් ලෙසින් පුරාණ කාලයේ දී පැවති බව ඉතා පැහැදිලි කරුණකි.

ඉතිරිය»

 

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීමට පෙර යශෝධරා දේවිය සහ රාහුල පුතු බැලීම - සිතුවම සරත් නන්ද කුමාර

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]