UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි

බුදු හිමියන්ටත් හමුවූ මාරයා ඔබටත් කවදා හෝ මුණ ගැසේවි

බක් අමාවක පත්‍රය හා සම්බන්ධයි

උස අඩි පහක් පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළු හරකෙකි. මොහුට අං පිහිටියේ නැත, මෙම කුළු හරකගේ සම වෙල්වට් සමකි. එම සතාගේ සම දිලිසෙන ගී‍්‍රස්වල ඇති කළු පැහැයක් ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිව්රක් සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්කඩ සිව්රක්සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක් පමණ වට රවුමකින් යුත් වළල්ලක් දමා තිබුණි. එය මාපට ඇඟිල්ලක් තරම් මහතය. දැන් ඔබ මොහොතක් සිතන්න. නාසයට රිදී වළල්ලක් දැමූ දහස්කඩ චීවරයක් බඳු වෙල්වට් සමක් සහිත මෙම ප්‍රතාපවත් කුළු හරකාගේ ස්වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්ෂුවට මීටර් 25ක් ඉදිරියෙන් පහළ වෙච්ච තැනදීම වේගයෙන් හිස වරක් කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්ෂුව දෙස බලා සිටියා.

ඔබ දැකලා ඇති මල්ලව පොර තරඟවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙන කොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක් ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බිය ගන්වන්න. ඉහත කුළු හරකාද පහළ වූ නිමේශ-යේම ගාම්භීර ලෙස නාසයේ රිදී වළල්ලක් පැළඳි හිස කරකවා තේජස්බව තව දැඩිකරගෙන සමාධියෙන් පසුවන භික්ෂුව දෙස වියරු බැල්මක් හෙළා නාසයේ කුහර දෙකෙන් දූවිලි පැහැදුමක් පිටකරමින් වියරුවෙන් මෙන් භික්ෂුව ඉදිරියට හඹා පැමිණියහ. හරියටම භික්ෂුවට මීටර් පහක් පමණ ඉදිරියෙන් මෙම කුළු හරක් රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිම වූ පසුව භික්ෂුව සමාධියෙන් අවධිවිය. භික්ෂුවගේ මුහුණට සිහින් සිනාවක් නැගිණි. සිහින් සිනාවක් සමඟ මේ සිතිවිල්ල භික්ෂුව තුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්ෂුව ඉදිරියේ කුළු හරකෙක් වීමට තරම් දීන වූවා නේද යන සිතිවිල්ල භික්ෂුවට පහළ විය. භික්ෂුව බිය ගැන්වීම සඳහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේ දී භික්ෂුව බියගැන්වීමට මාරයාට අවශ්‍ය විය.

මාරදිව්‍ය පුත්‍රයාගේ නිවට භාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බියගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්ෂුව බියගැන්වූයේ සමහරවිට භික්ෂුව අවබෝධ කළ යම් ධර්මයක් වේද එම ධර්මය ලෝකයාට දේශනා කිරීම වැළැක්වීමටය. බිය ගැන්වීමටය. එම අවස්ථාවේ භික්ෂුව වැඩ සිටියේ ලොකු ප්‍රපා-තයක් අසලම තිබුණු කඳු බෑවුමක කුටියකය. භික්ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්ෂුව බාග බිත්තිය බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකි යැයි සිතුවාද විය හැකියි. එසේ වූවා නම් මෙම සටන ඔබ අතට පත් නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූයේ එහි අනෙක් පැත්තය. භික්ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක් කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්ෂුවගේ සමාධිමත් ස්වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්තිය භික්ෂුවගේ ආශ්චර්යයක් නොව ධර්මයේ ආශ්චර්යයි.

(මහරහතුන් වැඩිමග ඔස්සේ, අත්හැරීම 3, සතර අපායෙන් මිදෙමු, චැනල්ලින්ක් පුද්ගලික සමාගම පන්නිපිටිය, 2013 ජූලි)

ලංකාවේ පමණක් නොව වර්තමානයේ ලෝකයේ වැඩවසන වෙනත් භාවනා-නුයෝගී භික්ෂූන් වහන්සේලා ද ඇතැම් අවස්ථාවල මාරයාගේ බලපෑම අත්දැක ඇති බව උන්වහන්සේලා විසින් ප්‍රකාශ කරන ලද තොර-තුරු වලින් අවබෝධ වේ. වර්තමානය මියන්මාරයේ (බුරුමයේ) දකුණු මයිං යං ප්‍රදේශයේ සුන්ලුන් නම් ග්‍රාමයේ උපන් මව්’ ක්යව් දින් නමැති දරුවා සුන්ලුන් සයාඩෝයුකවි නමින් පැවිදි වීමෙන් අනතුරුව භාවනා කරන විට ලැබුණු මාරයා පිළිබඳ අත්දැකීමක් මෙසේ ය.

“රාත්‍රී කීපයකට පසු කවි සාමණේරයන්ට” ඔබේ ජීවිතය අත්හරින්න යනුවෙන් පාලි භාෂාවෙන් කියන හඬක් ඇසුණි. එහි තේරුම ඒහිමියන්ට මරණයට පත් වීමට ආරාධනා කිරීමයි. (ආයු සංස්කාරය අත්හරින්න) කවි සාමණේරයෝ ‘නැහැ මම එහෙම කරන්නේ නෑ’ යනුවෙන් දැඩිව කීවේ ය. එවිට එම හඬ අතුරුදන් විය. පසුදා උදෑසන එහිමියෝ සිදුවූ දෙය පිළිබඳ ව යේ ලෙයි සයාඩෝ හිමියන්ට සැළ කළහ. එවිට උන්වහන්සේ, “ඔබ “ඔව්” කියල කිව්වද ඒ අයගේ ඉල්ලීමට?” යනුවෙන් ඇසූහ. “නැහැ ස්වාමීනි මම ඊට එකඟ වුණේ නැහැ. “කවි සාමණේරයෝ පිළිතුරු වශයෙන් කීහ. “ඒ අයගේ කීම පිළිගන්න වත් ඊට එකඟවෙන්නවත් එපා. ඒ අය තවම ආපහු ගිහින් නෑ. මාරයෝ (නපුරු ආත්ම) ආපසු ඒවි. පරිස්සම් වන්න’යි යේ ලෙයි සයාඩෝ හිමියෝ අනතුරු හඟවමින් කීහ.

රාත්‍රී කීපයකට පසුව, එක්තරා භූතාත්මයක් තනිවම අවුත් කවි සාමණේරයන්ගෙන් ඉල්ලා සිටියේ කරුණාකර චතුරාර්ය සත්‍ය දේශනා නොකරන්න, කියාය. "මම එය දේශනා කරනවාමයි" කවි සාමණේරයෝ පිළිතුරු ලෙස කීහ. "ඔබ මම කියන දේ අහන්නේ නැද්ද? යනුවෙන් ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව අවධාරණය කරමින් ඇසුවේය. භූතාත්මය තුළ පවතින තරහ තේරුම් ගත් කවි සාමණේරයෝ මෛත්‍රිය කිරීමට තීරණය කළහ. "ඔබ මගේ මෛත්‍රිය භාරගන්නේ නැද්දැ"යි කවි සාම- ණේරයන් ඇසූ විට " ගරු ස්වාමීනි, එහෙයි, මම භාර- -ගන්නවා" යැයි කියමින් අඳුරට දුකින් සුසුමක් හෙළා අයියෝ ! බොහෝ සත්ත්- වයෝ ධර්මය අවබෝධ කරගෙන මිදෙන්න යි යන්නේ" යැයි කීවේය.

ඊළග දවසේ උදේ මේ කතාව ඇසූ යේ ලෙයි සයාඩෝ හිමියෝ ඒ භූතාත්මය පසුපස හඹා යන්නැ'යි කීහ. ඉන්පසු සාමණේරයසන් ඒ භූතාත්මය අරමුණු කර බැලූ විට ආයුසංස්කාරය අත්හරින්න ආරාධනා කළ, ඒ වගේම චතුරාර්ය සත්‍යය දේශනා නොකරන්නැයි තමන්ට බලකළ ඒ භූතාත්මය කවුදැයි හඳුනා ගත්තේය. උන්වහන්සේ තමන් සොයා ගත් දේ පිළිබඳව යේ ලෙයි සයාඩෝ හිමියන්ව දැනුවත් කළහ. '් භූතාත්මය මාරයගේ ගැත්තෙකු පමණයි යනුවෙන් මම තේරුම් ගත්තා. මාරයා දැන් හොඳ කෙනෙකු බවට පත්වෙලා' දින කීපයකට පසුව රතු මල් හිසේ ගසා ගත්ත දෙවඟනන් දෙදෙනෙක් මැදියම් රෑ කවි සාමණේරයන් බැලිමට පැමිණියහ. කවි සාමණේරයන් 'නුඹලා මෙහෙ ආවේ මොනවා කරන්නද? " යැයි කියා ඔවුන්ට තරවටු කළ විට පමණක් ඔවුහු පලා ගියහ."

මෙම ලිපියෙහි ඉතිරි කොටස මැයි 11 වනදා පත්‍රයේ පළ වේ.

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]