UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2015.04.25

රම්බඩගල්ලේ ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේ

මෙරට විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කුරුණෑගල ,රම්බඩගල්ල මොනරාගල විහාරයේ නෙලීම අරඹන ලද්දේ 2002 වසරේදීයි. එතෙක් මෙතෙක් වසර දාහතරකට අධික කාලයක් මුළුල්ලෙහි නිර්මාණය කරන ලද එම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට ඓතිහාසික නිර්මාණයක් ලෙස වංශ කථාවේ මහත් ඉහළින් සනිටුහන් වනු ඇත.

ඇෆ්ගනිස්ථානයේ බාමියන් ප්‍රතිමා පදනම්ව රම්බඩගල්ලේ ශෛලමය, ප්‍රතිමා වහන්සේ කුඩා ළමුන් සිත මතුවු සිතිවිලි වැඩිහිටි මනසට නැගුණා වූ ඓතිහාසික කර්තව්‍යයකි. කුඩා කල අනවබෝධයෙන් කවර කටයුත්තක නිරතවීමට අදහස් ඉදිරිපත් වුවද, ගුරු දෙගුරුන්ගේ කාරුණික අවවාද අනුශාසනා මහත් ඉහළින් පිළිගෙන ඊට අනුව කටයුතු කරන දරුවන්ගෙන් අපේ සමාජය හිස් නොවන බවටද කදිම නිදසුනක් නම් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමය.

බාමියන් ප්‍රතිමා විනාශය මාධ්‍යයෙන් දුටු දරුවන් කිහිප දෙනෙකු ආවේගශීලිව හැසිරීමට අදහස් පැවැතියද රම්බඩගල්ල මොනරාගල පිරිවෙන් විහාරාධිපති අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා-නිකායේ මහානායක ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කෙටි අනුශාසනාවකින් පහන් සිතිවිලි උදාවීමේ මූලාරම්භයක ප්‍රතිඵලයකි මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ.

මෙම භාරදුර කටයුත්තෙහි බැරෑරුම් බව හා අසීරු බව වටහා නොගත්තද කැටවලට මුදල් එකතු කර රටට ලොවට ආදර්ශවත් ඓතිහාසික කටයුත්තක් ඉටුකිරීමෙහිලා මුලාරම්භය සලසන ලද්දේ කුඩා දරුවන් පිරිසක් බව කියැවේ.

හෙළ රජ දවස කළ දස්කම් අද පවා මහත් ගෞරවයෙන් අනුස්මරණය කරනුයේ අතීතයෙන් පැවැතීගෙන එන ඒ ඓතිහාසික උරුමයන් වත්මනෙහි දී නැරඹිය හැකි හෙයිනි. එවන් විස්මිත නිර්මාණ අද ඉදිවන්නේ නම් මහ පොළොව පවත්නා තාක් එබඳු උදාර නිර්මාණ අගය කරනු ඇත.

සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඉන්දීය නිර්මාණ ශිල්පී ඇම්.ඇම්. ස්ථපතිපතිතුමා මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණයෙහි ප්‍රධාන ශිල්පියා වේ. එම ප්‍රතිමා නිර්මාණය යථාර්ථයක් බවට පත්කිරීමෙහිලා මුල සිට ක්‍රියා කරමින් ශක්තිය, ධෛර්ය මගපෙන්වීම සිදුකර ඇත්තේ කොළඹ 14 ඊස්වරන් බ්‍රදර්ස් ආයතනයේ සභාපති දේවනායගම් පිල්ලේ ඊස්වරන් මහතාය.

රටේ විවිධ පළාත්වලින් පිළිම උන්වහන්සේ නැරැඹීමට පැමිණි සැදැහවතුන් කළ සුළු ආධාරත් සම්භාවනීය දෙස් විදෙස් ප්‍රභූන් කීප-දෙනෙකු කළ ආධාරත් උපයෝගී කර ගනිමින් එගොඩමුල්ලේ අමරමෝලි මහ නාහිමියන්ගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මොනරාගල විහාරය අපේ රටට පමණක් නොව ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවන විස්මිත නිර්මාණයක් බිහි කිරීම රට දැය සමයේ මහත් භාග්‍යයකි.

අමරමෝලි මහා නාහිමියන් ඉතා භාරදුර එහෙත් ඓතිහාසික කර්තව්‍යයක නිරතවීම උන්වහන්සේ ලද භාග්‍යයක් සේම සමස්ත සමාජය ලද වාසනාවක් ලෙසද අගය කළ යුතුව ඇත. රම්බඩගල්ල මොනරාගල විහාරයේ එම විස්මිත නිර්මාණය සියැසින් දැක බලා වැඳ පුදා ගත යුතු ඓතිහාසික නිර්මාණයකි.

එම ඓතිහාසික ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාවට නිරාවරණය කිරීම මෙම 30 වනදා තෛ‍්‍රනිකායික පූජනීය සම්භාවනීය මහ සඟරුවනෙහි සහභාගිත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

රළු මහ ගල් කුලකින් කරුණා, දයා , මෙත් ගුණයෙන් පිරි ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීම අප ලද ඉමහත් වාසනාවකි.

රම්බඩගල්ල මොනරාගල විහාරයේ දැවැන්ත සෙල්මුවා බුදු පිළිම වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමට මෙරට බෞද්ධ ජනතාව කල්පනා කළ යුතුව ඇත. ශ්‍රී බුද්ධ වර්ෂ 2559 වෙසක් පුර පසළොස්වක නිමිත්තෙන් මෙම 30 වනදා ඇරැඹෙන වෙසක් සතියේදී මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාවට නිරාවරණය වීමද තවත් ඓතිහාසික කරුණක් වනු ඇත. එබැවින් ජීවමාන බුදුරුවක් තම තමන්ගේ හදවතෙහි තැන්පත් කර ගැනීමටද මෙය ශක්තියක්, බලයක් වේවා.

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]