UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාරියපොල සුමංගල මා හිමි

හෙළයේ නිදහස් සටනේ ආරම්භය හා වාරියපොල සුමංගල මා හිමි

මේ දිනය අපේ ජාතිය පිළිබඳවත්, වසර දෙදහස් ගණනක උදාර මානව ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් උරුමව සිටි ශ්‍රී ලංකාව පිළිබඳවත් ඓතිහාසික වූවක් ම විය. මේ දින සිංහල ඉංගී‍්‍රසි දෙපක්ෂය ම නියමිත වේලාවට උත්සවශ්‍රීයෙන් ගිවිසුම අත්සන් කොට සිංහල, ඉංගී‍්‍රසි, ධ්වජ එක්වර එසවීමටත් යුහුසුලුව සංවිධානය වූහ. කලින් ඇති කර ගත් නියමයක්ව අනුව ඩොයිලි විසින් සිංහල, ඉංගී‍්‍රසි ධ්වජ ඔසවනු පිණිස සූදානම් වන ලෙස මහනුවර මඟුල්මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගී‍්‍රසි සෙන්පති දෙපළට නියම කරන ලදී. එදා එහි එක් පසක කොඩි සහ තුවක්කු අතට ගත් සිංහල යුද්ධ සේනාව ද අනික් පසින් ආයුධ සන්නද්ධ ඉංගී‍්‍රසි යුද හමුදාව ද පෙළ ගැසුණහ. තව මොහොතකින් නියමිත වේලාවට ඉංගී‍්‍රසි ධ්වජය කන්ද උඩරට නිල්වන් අහසෙහි ලෙළ දෙන බව හොඳින් ම දැන දැනත්, නො ඉවසිලිමත් භාවයෙන් ක්‍රියාත්මක වූ එක් දඩබ්බර ඉංගී‍්‍රසි සෙනවියෙක් වහා ඉංගී‍්‍රසි රාජකීය ධ්වජය අහසට නඟාලීය. මේ වන විටත් ඉංගී‍්‍රසි, සිංහල දෙපක්ෂය විසින් ගිවිසුම අත්සන් කොට නො තිබීම නිසා එසේ ඉංගී‍්‍රසි කොඩිය එසවීම නිත්‍යානුකූල ද නොවිය. එහෙත් අවුරුදු දෙදහස් තුන්සීයක් නිදහස්ව නිවහල්ව ජීවත් වූ ශ්‍රේෂ්ඨ වර්ගයාටත්, වර්ගයාගේ අතිනිර්මණ ආගම ධර්මයටත්, ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනටයත් කරන ලද මේ අවමානයට විරුද්ධව නැගී සිටීමට තරම් සිදු වූයේ තවත් ඓතිහාසික සිද්ධියකි.

ඉතිරිය»

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]