UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2015.02.25

දරුවාට රැකවරණය

මව්පියවරුන්ට මිහිපිට ඇති වටිනාම වස්තුව නම් ස්වකීය දරුවන් වේ. දරුවකු මව්කුස පිළිසිඳ ගත් බව දැන ගත් දා සිට එම නූපන් දරුවා මෙලොවට බිහිවන තෙක් නොඉවසිල්ලෙන් මව සහ පියාද බලා සිටින්නේ ඉමහත් සතුටෙනි. මහත් සෙනෙහසිනි. දහසක් බලාපොරොත්තු පොදි බැඳගත් ඒ මව්පිය දෙපළ දරුවා මෙලොවට බිහිවීමට පෙර පවා උපදින දරුවාගේ අනාගතය සඳහා බොහෝ දේ එක් රැස්කර තැබීමටද පියවර ගනු ලැබේ. සිය දරුවා මැසි මදුරුවන්ගෙන් පවා ආරක්ෂා කර ගැනීමට මව්පියවරු මහත් කැපවීමක් දරනු ලැබේ.

දරුවන් පිළිබඳ අනාගත යහපත් අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට නම් දරුවාට කවා පොවා ඇති දැඩි කිරීමම පමණක් ප්‍රමාණවත් නොවන බවද වටහා ගත යුතුය. දරුවා වෙත ආහාරපාන ලබාදීම මෙන්ම දරුවාට නිසි රැකවරණය සැලසීමද මව්පියවරුන්ගේ බලවත් වගකීම වේ. දරුවා වෙත ආරක්ෂාව සැපයූ තරමට දරුවාගේ ජීවිතයට රැකවරණය හිමිවේ.

සුරතල් වයසේ දුව පැන ඇවිදින දරුවකුට ජලය ගින්න, අව්ව, වැස්ස හෝ සතා සර්පයා ගැන දැනුමක් අවබෝධයක් නොමැති බවට වැඩිහිටියන් අවබෝධයෙන් පසුවේ. එහෙත් අවාසනාවකට මෙන් කලාතුරකින් හෝ එසේ එහෙ මෙහෙ දුව පැන ඇවිදින සුරතල් දරු පැටවකු ළිඳකට වැටීමෙන් හෝ වෙනයම් අනතුරකට හෝ ලක්වේ නම් එබඳු කනගාටුදායක සිද්ධියක් උදාවන්නේ කිසිවක් නොදන්නා නොතේරෙන ඒ සුරතල් දරුවාගේ වරදින්ද? නැතහොත් දරුවා වෙත වඩාත් විමසිල්ලෙන් සෙවීමෙන් බැලීමෙන් පසුවිය යුතු මව්පිය වැඩිහිටියන්ගේ අතපසුවීමකින් දැයි විමසා බැලිය යුතුය.

ඇතැම්විට ගෙදරදොර මව්පියන්ගේ අවසරයකින් තොරව ඔවුන් දැනුම්වත් කිරීමකින් තොරව හැදෙන වැඩෙන සමහර දරුවකු, දෙන්නකු, විනෝදවීමට යාමෙන් ගඟේ, මුහුදේ හෝ ජලාශයක දිය නෑමට යාමෙන් අකාලයේ සිය ජීවිතය ජලයට පිදීමට සිදුවූ කනගාටුදායක අවස්ථාද වරින්වර අසන්නට ලැබේ’.

එසේ අකාලයේ අපෙන් සමුගන්නා කලාතුරකින් හෝ දරුවකුගේ ජීවිතය එම තත්වයෙන් මුදා ගැනීමේ බලවත් වගකීමද රඳා පවතිනුයේ ආදරණීය මව්පිය දෙපළ වෙතමය.

කුඩා බිලිඳෙකු ලෙස උපත ලබා හැදී වැඩී පෝෂණයවී ලොකු මහත්වී දැනුමත්, ගුණ නුවණත් දියුණු කරගන්නා දරුවකුගෙන් අපේ රටට, සමාජයට කෙතරම් නම් සේවයක් සැලසේද? එවන් සේවාවක් සැලසීමට සුදුසු තත්වයට පත්වන තෙක් ස්වකීය දරුවාට අවශ්‍ය නිසි රැකවරණය විමසිල්ලෙන් සොයා බැලීම කළ යුත්තේ අන් කවරකුටත් වඩා සෙනෙහබර මව්පිය දෙපළ විසිනි. එසේ නිසි ආරක්ෂාව සොයා බැලීම, විමසීම, සෙවිල්ලෙන් පසුවීම තුළින් මව්පියන් ඈත් වූ විට බලාපොරාත්තු නොවූ කරදරයක් වෙත දරුවා යොමුවීම නිරන්තරයෙන් වළක්වා ගත හැකිවේ.

වෙසෙසින් මව්පියවරුන්ට තරම් ජීවිතය හෝ සමාජය පිළිබඳ දැනුමක් අවබෝධයක්, අත්දැකීමක් දරුවකු තුළ නොපවතී. ජීවිතය යනු පවත්වා ගෙන යාම තුළින් හෙවත් ජීවත්වීම මගින් අත්දැකීම් ලබමින් ඉදිරියට යන්නකි. ආවේගශීලිත්වයට වහල්වීම තුළින් යම් අඩුවක් සිදුවුවහොත් එය හැදෙන වැඩෙන දරුවා වෙතය. එබැවින් හැදෙන වැඩෙන දරුවාද නිරන්තරයෙන් ස්වකීය මව්පියවරුන්ගේ අවවාද අනුශාසනා ලැබිය යුතුය. ඊට සවන්දීම ගරු කිරීමද දරුවා සතු වගකීමය. සමාජ අත්දැකීම් අඩු දරුවා ස්වකීය හිතුමනාපයට හෝ ආවේගශීලිව කටයුතු කරන්නට යෑමෙන් දයාබර මව්පියවරුන්ට බොහෝවිට පසුතැවීමට සිදු වන බව වටහා ගත යුතුවෙයි. “දරුවා’ මව්පිය වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ලබමින් ජීවිත අභිවෘද්ධිය සලසා ගත යුතුය. මව්පියවරුන්ගේ දහසක් බලාපොරොත්තු සාර්ථක කර ගත හැකි වනුයේද දරුවන් එසේ මව්පිය ආශිර්වාදයෙන් කටයුතු කළහොත් පමණි.

මිනිසත්භවයක් ලබා ගැනීමම කෙතරම් නම් දුර්ලභ කරුණක්ද? එසේ දුර්ලභව ලබාගත් වටිනා මිනිස් ජීවිතය යහපත්ව පවත්වා ගෙන යාම මනුෂ්‍යයා සතු වගකීමකි. වෙසෙසින් කුඩා දරුවකු නිසි වයස පැමිණෙන තෙක් මව්පිය වැඩිහිටියන් ආරක්ෂාව උපරිම අයුරින් සැලසිය යුත්තේ එම දරුවාගේ ජීවිතයට බාහිරව පැමිණෙන අනතුරු වළක්වා ගත යුතු හෙයිනි. එම වගකීම මව්පියන් වෙතින් ගිලිහී යාමෙන් දරුවාට පමණක් නොව මවට, පියාටද නොසිතූ කරදර බාධකවලට මුහුණදීමට සිදුවන බව කිවයුතු නොවේ’. මෙසේ තමන්ගේ දරුවා නිසි අයුරින් ආරක්ෂා කර ගන්නේ නම් එය දරුවාට මහත් යහපතක් මිස විපතක් නොවනු ඇත. විපතකින් පසු පසුතැවෙනවාට, කනගාටුවනවාට වඩා එවැන්නක්වීමට පෙර දරුවාට අවශ්‍ය රැකවරණය හැමවිටම ලබාදීම මව්පියන් සතු වගකීම හා යුතුකම බව නැවතද සිහිපත් කළ යුතුවේ.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]