UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි මහා සෑය අභියස පින්කම් මාලාවක්

මැයි මස 03, 04 දෙදින තුළ රුවන්වැලි මහා සෑ අභියස පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ගෞතම බුදුන් වහන්සේගේ ද්‍රෝනයක් පමණ ධාතූ®න් නිදන් කර ඇති රුවන්වැලි මහා සෑය අභියස මැයි 03 වැනිදා තුණුරුවන් ගුණ සටහන් සුවිශේෂී කප්රුක් පූජාවක් ථූපාරාම පින්බිමේ සිට රුවන්වැලි මහා සෑ පින්බිම දක්වා පෙරහැරින් වටතිර, අටපිරිකර, නෙළුම් මල් රැගෙන පැමිණ පූජා කෙරේ.

ඉතිරිය»

පිරිවෙන මහා යතිවරයාණන් වහන්සේලා හෙළයට පූජා කළ අසිරිමත් තක්සලාව

මහාවිහාර පිරිවෙනින් ආරම්භ වූ මෙරට පිරිවෙන් අධ්‍යාපනය අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, කෝට්ටේ හා මහනුවර ආදි රාජධානි යුගවල විශ්වකීර්තියට පත් විය. එහෙත් බටහිර ජාතීන් ලක්දිව පාලනය නතුකරගත් පසුව පිරිවෙන් අධ්‍යාපනය පරිහානියට පත්විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දුකසේ ලැබිය යුතු සම්පත් සතරක්

මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම දුෂ්කර වූවකි. සත්වයන්ගේ ජීවිත පැවැත්වීමද දුකසේ කටයුතුයි. සද්ධර්ම ශ්‍රවණයද දුර්ලභය. බුද්ධෝත්පාද කාලය අතිශයින් දුර්ලභය. ඇස, කන ආදී අවයව විකල බවක් නැති මිනිස් ජීවිතයක් ලැබෙන්නේ සහේතුක කාමාවචර කුසල හේතුවෙනි. නිතර රූප, ශබ්ද ආදී වූ පස්කම් රසයෙන් ඉඳුරන් පිනවීමෙහි නියැළී පාප විතර්ක බහුලව වාසය කරන පෘථග්ජන සත්වයෙකුගේ මරණාසන්නයෙහිදී එබඳු කුසලයක් සිතට අරමුණුවීම ඉතාමත්ම දුෂ්කර වූ කරුණකි. මිනිස් ආත්මභාවයක් ලැබීම දුෂ්කර බව වදාළේ එහෙයිනි.

ඉතිරිය»

රැස් වෙහෙර රැස් වෙහෙරක්මයි

අනුරාධපුර රාජධානිය පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයත් එවැනිම ඓතිහාසික අගයකින් අනූන කුරුණෑගල දිස්ත්‍රික්කයත් එකට යා කරවන සමීපයේ රැස්වෙහෙර නොහොත් සැස්සේරුව නම් ඉතිහාස ගත පුදබිම පිහිටා තිබෙයි. මාර්ග කීපයකින් පිවිසිය හැකි මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්වය.

ඉතිරිය»

 

බුදුරදුන් නාගදීපයට වැඩම කළ වගයි ... සිතුවම - සරත් නන්ද කුමාර

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]