UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දුරුතු මහ පෙරහරට තිස් පෑ හතේ පිරිත් දේශනාව

කැලණියේ දුරුතු මහ පූජෝත්සවය නිමිත්තෙන් ශශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ ධර්ම දේශනා මාලාව මෙම ජනවාරි 18 වැනි දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා පැවැත්වේ.

ඉතිරිය»

ශාසනාලංකාරයෙහි ලෝ සසුන් මෙහෙවර

කුලියාපිටිය ‘දුරුතු පෙරහර’ වර්තමානයේ සත්කෝරලයේ ප්‍රධානතම සංස්කෘතික කලා මංගල්‍යය බවට පත්ව ඇත්තේ පල්ලේකාගම මාහිමියන්ගේ කාර්යශූරත්වයේ ප්‍රතිඵලයක් නිසාවෙන් බව කිව යුතුය. විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, නව විහාර අංග එකතු කරමින් ශාසනාලංකාරය ප්‍රසාදජනක විහාරස්ථානයක් බවට පත් කිරීම, සියලු සමිති සමාගම් පුනර්ජීවනය කොට යාවත්කාලීන කිරීම, තරුණ බෞද්ධ සංගමයේ අනුශාසකත්වය හා උපදේශකත්වය ඔස්සේ නව ආරක සුබසිද්ධිදායක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම උන්වහන්සේගේ සේවා අතර වේ. එසේම රාජ්‍ය ආයතන, විවිධ සමිති සමාගම් ආදිය සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් පුද්ගලයන්ගේ දක්‍ෂතා නිසි මඟෙහි යොමුකර ගැනීම ශාසනාලංකාරයෙහි මෙහෙවර අනාගත පරපුරට ලබා දීමට විශාල පිටිවහලක් වී ඇත

ඉතිරිය»

ධර්ම දේශනාව:

ගුණ හැඳින නමදිමු තුනුරුවන

සකල ජන මනානන්දකර අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුලොව පහළවීමෙන් බුද්ධරත්නයද, තමන්වහන්සේ විසින්ම අවබෝධ කරනු ලැබුවා වූ නවලොව්තුරා ශ්‍රී සද්ධර්මය බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කිරීමෙන් ධර්මරත්නයද තත්ධර්මය ප්‍රථමයෙන් දැනගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආර්ය ශ්‍රාවකයන් වහන්සේගෙන් පසුව සංඝරත්නයද යන ත්‍රිවිධරත්නය ඇතිවීමෙන් ලොව ඒකාලෝක විය. මෝහාන්ධකාරය දුරුකරමින් ප්‍රඥාලෝකයෙන් සිත් ප්‍රභාමත් කරන ලොව්තුරු දහම් අමාවෙන් ශාන්තිය ඇති වී මෙලොව උතුම් පුණ්‍ය භූමියක් බවට පත් විය.

ඉතිරිය»

යුද ජයග්‍රහණයෙන් ලද තිළිණය සංඛපාල රජ මහා විහාරස්ථානය


රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්දටත් ඇඹිලිපිටියටත් අතර මහා මාර්ගය අසල සංඛපාල රජ මහා විහාරස්ථානය පිහිටා තිබෙයි. කඳු වැටියක් පාමුල ගල් පර්වතයක් ආශි‍්‍රතව පිහිටි විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුක්තය. එසේම පිහිටි පරිසරය රමණීය වෙයි.

ඉතිරිය»

කුලියාපිටිය ඇස්සැද්දුම  ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා සිතුරාදා ය.

 මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]