UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක ජනවාරි 18 වනදා සිකුරාදා

රියැදුරු දෑත

රිය පදවන රියැදුරු සතු මූලික වගකීම හා යුතුකම වනුයේ තමා මෙන් ම තමා පදවන රථය වඩාත් සුපරීක්‍ෂාකාරීව ධාවනයෙහි යෙදවීමය.

රියැදුරෙකු වෙත පැවරී ඇති එබඳු වගකීමක් මොහොතකට හෝ අමතක කළහොත් මහ මඟ ගමන් ගන්නා වෙනත් රථයක් හෝ දේපළ පමණක් නොව මහ මඟ ගමන් ගන්නා මඟීන්ගේ ජීවිත පවා ඇතැම් විට අනතුරට ලක්වීමට ඉඩ ඇත.

එබැවින් රියැදුරෙකු වෙත නිරතුරුව පැවරී ඇති වගකීම සුළුපටු නොවන බව පැහැදිලිය. රියැදුරු දෑතට ආශීර්වාදයක් වනුයේ රියැදුරු අසුනේ ඉඳගත් මොහොතේ සිට ඉන් බැහැරවන අවස්ථාව දක්වා මහ මඟ දේපළ, රථවාහන හා මගී ජනතාවගේ ද ආරක්‍ෂාව පිළිබඳ අවධානය බලවත් සේ සිතෙහි අවධාරණය කර ගෙන අදාළ රථය පැදවීම ය.

කලාතුරෙකින් හෝ ඇතැම් රියැදුරෙකු තම මූලික වගකීම මොහොතකට හෝ අමතක කළහොත් දැයට වටිනා මිනිස් ජීවිත අකාලයේ නැති වී යාමට ඉඩ ඇත.

බොහෝ විට මහා මාර්ගයේ ගමනාගමනය කැරෙන රථවාහන අතර මහ මඟ පදික වේදිකාවේ ගමන් ගන්නා මඟීන්ගේ ජීවිත මෙන්ම අනෙකුත් රථවාහන හා දේපළ පිළිබඳ මනා සිහි නුවණින් ගමන් කරන බොහෝ රියැදුරන් අප අතර වෙසෙන බවද අමතක නොකළ යුත්තකි. එබඳු රියැදුරන් නැණවත්ව රිය පැදවීම නිසා වටිනා ජීවිත ආරක්‍ෂා වන හෙයින් එබදු රියැදුරන් වෙත සමාජයේ ප්‍රණාමය ද හිමිවිය යුතුව ඇත.

එහෙත් කලාතුරෙකින් රියැදුරෙකු තම වගකීමෙන් බැහැර වුවහොත් සිදුවන අලාභයෙන් ජීවිත හානියක් සිදු වුවහොත් වන්දියක් ගෙවීමෙන් පමණක් ම වටිනා ජීවිතයක මිල නියම කළ හැකිවේ ද?

ඇතැම් විට ස්වකීය දරු පවුලක් ආරක්‍ෂා කරමින් පෝෂණය කරන අයෙකු මහ මඟ රිය පදවන රියැදුරෙකුගේ අතපසුවීමකින් ජීවිතය අනතුරුකට පත්වුවහොත් එබඳු දරු පවුලකට උරුම වන පාඩුව වන්දියක් ගෙවා හෝ පිරිමැසිය හැකිද?

පමණක් නොව ඇතැම් විට මහා මාර්ගයේ ගමන් ගන්නා පාසල් සිසු දරුවන් ගේ ජීවිත කලාතුරෙකින් හෝ රථවාහන අනතුරුවලින් අහිමි වූ අවස්ථා නැත්තේ නොවේ.

දරුවකු පාසලකට යවා අදාළ අධ්‍යාපනය ලබා දෙමින්, එබඳු දරුවකු පෝෂණය කරන මවුපියවරු තම දරුවා කෙරෙහි මහත් බලාපොරොත්තු රැසක් ඇති කර ගනිමින් එම දරුවා රැක බලා ගනුයේ සමාජයට ද යහපත් පුරවැසියකු දායාද කරන උදාර අදහසිනි.

එවන් බලාපොරොත්තු රැසක් ඇතිව හදන වඩන දරුවකු අකාලයේ දී රථවාහන අනතුරකට ලක්වුවහොත් මවුපියවරුන් කෙතරම් අසරණ තත්ත්වයකට පත්වේදැයි රියැදුරුවරු විසින් මොහොතක් හෝ සිතා බැලිය යුතු ය. වෙසෙසින් පන්සිල් හි දැක්වෙන පස්වන සික්‍ෂා පදය ආරක්‍ෂා නොකරන රියැදුරන් අතින් සිදුවන අනතුරු බහුල විය හැකිය.

මහ මඟ ගමන් කරන මගී ජනතාවගේ ජීවිත ගැන දැඩි හා වැඩි අවධානයක් යොමු කළ යුතු බව මින් වටහා ගැනීම අසීරු නොවේ.

බොහෝ විට ජනාකීර්ණ නාගරික මාර්ගවල සිදුවන රථවාහන අනතුරු ඇතැම් විට ඉතා අවම විය හැකිය. ඇතැම් විට ජනාකීර්ණ ද නොවූ දුර බැහැර ඇතැම් ප්‍රදේශවල සිදුවන රථවාහන අනතුරු පිළිබඳ දෛනිකව මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් වන අවස්ථා දක්නට ලැබේ.

එබැවින් වෙසෙසින් රිය පදවන රියැදුරු දෑතට සියලු රැකවරණය සලසා ගැනීමට නම් මහ මඟ ගමන් ගන්නා අනෙකුත් රථවාහන මෙන්ම මගී ජනතාව හා දේපළ පිළිබඳ දැඩි අවධානයෙන් ම රිය පදවන්නේ නම් තමාගේ මෙන් ම අනෙකුත් අයගේ ද ජීවිත මෙන් ම දේපළ ද මනා ලෙස ආරක්‍ෂා වන බව කල්පනා කළ යුතු වේ.

මහ මඟ සිදුවන බොහෝ රථවාහන අනතුරු රියැදුරුවරුන්ගේ නොසැලකීම නිසා සිදුවන අවස්ථා නැත්තේ නොවේ.

තමා මෙන්ම අනෙකුත් රියැදුරන් පදවන රථවාහන ද අනෙකුත් වටිනා ජීවිත මෙන්ම දේපළ ද ආරක්‍ෂා වන අයුරෙන් රිය පැදවීම රියැදුරු අසුනේ ඉඳ ගත් මොහොතේ සිට සිහියට නගා ගන්නේ නම් සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට එය ම නිසි මඟක් වනු නියතය.

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා සිතුරාදා ය.

 මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]