UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුගම ශ්‍රී මහා බෝධි රාජ මහ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධි රාජ මහ පෙරහර

ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර මේ මස 19 දින සවස 1.00ට උඩුගම නගරයේ වීථි සංචාරය කෙරේ. ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ පමණක් නොව දස පෙරුම්දම් පිරූ බෝධිසත්ව සමයේද දිව්‍ය, මනුෂ්‍ය බ්‍රහ්මාදීන්ගේ අනේකවිධ මහාර්ඝ පූජාමය පරිහාරයෙන් හෙවත් විචිත්‍ර පුද පෙරහරින් පුදනු ලැබූ ආකාරය වංශ කතාවන්හි හා බෞද්ධ සාහිත්‍යයෙහි මැනවින් අන්තර්ගතය. මහින්දාගමනයෙන් පසු සඟමිත් තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීමත් සමඟ බුද්ධාභි වන්දන පූජෝත්සව සඳහා අසිරිමත් පෙරහර පැවැත්වීම අපට හුරු විය.

1976 දී එවකට පැවති සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හා එවකට ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි මැතිණියගේත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මැතිඳුන්ගේ මූලිකත්වයෙන් ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපතිවරයා වූ භාරත දේශයේ ප්‍රධාන සංඝනායක නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන්ගේ මැදිහත්වීමෙන් ලෝක සාම මහා සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරයා වූ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ඉන්දියාවේ සිට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රතු පලස මතින් මෙරටට වඩම කරවන ලදහ.

එවකට ගාල්ල මහ දිසාපති බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ සුරතින් මෙම බෝධි ශාඛාව 1976 ඇසළ පොහෝදින උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ රෝපණය කෙරිණි. ඊට උපහාර දක්වනු වස් නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණෝ 1977 ජනවාරි 10 දින ඓතිහාසික උඩුගම බෝධිරාජ පෙරහර ආරම්භ කළහ.

ගා/උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමය වසර 110 කට අධික ඉතිහාසයකට නෑකම් කියන ප්‍රදේශයේ ඉපැරණිතම විහාරස්ථානයයි. මෙහි ආදි කර්තෘවරයාණන් වන්නේ පනංගල ශ්‍රී දේවරක්‍ඛිත මහා ස්වාමීන් වහන්සේ ය. ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම පින්බිම බෝධිපූජාවන්ට ඉතා ජනපි‍්‍රය විහාරස්ථානයකි.

වත්මන් පාලක විහාරාධිපති උපාධි අපේක්‍ෂක උඩුගම සාරානන්ද හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පවත්වන මෙම පෙරහරේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ බෝධීන් වහන්සේ අබියස පැවැත්වෙන විශේෂ පූජාවකින් හා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවය. අලි ඇතුන් 10 කට ආසන්න සංඛ්‍යාවක් ද, උඩරට – පහතරට හා සබරගමු නර්තනාංග ඇතුළුව මෙවර පෙරහරට සම්බන්ධවන බව පෙරහර කමිටුවේ ප්‍රධාන ලේකම් ඒ.එල්.ජී. ජයසිරි මහතා පැවසීය.

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා සිතුරාදා ය.

 මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]