UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කමක්

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි 12 වන වරට මේ මස 21 – 22 දිනවල විශේෂ පින්කම් මාලාවක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වේ. නොවැම්බර් 21 වන දින සවස 6.30 ට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රණීත ගිලන්පස බුද්ධ පූජාවකි. 22 වන දින උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වනු ලබන අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාවකි.

ඉතිරිය»

සිව්මහල් ධාතු මන්දිරය විවෘත කැරෙන කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධ‍ාලෝක විහාරය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිකළ සිව් මහල් ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය හා කෞතුකාගාරය සහිත බුද්ධ මන්දිරය හා සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමේ පූජෝත්සවය නිමිත්තෙනි

ඉතිරිය»

ධර්ම දේශනාව:

අවිදු අදුර දුරලන නැණ පහන

බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුබණ ඉතාම පිරිසුදුයි, පිවිතුරුයි. මුලින් ගත්තත් මැදින් ගත්තත් අගින් ගත්තත් පිරිසුදුයි, සත්‍යයි. ඒ වගේ පරම පිවිතුරු සත්‍ය ධර්මයක් අහන්න ලැබීමත් වාසනාවක්. ඒ ධර්මය ඔබේ මතකයේ තබා ගෙන ඒ අනුව ජීවත්වෙන්න ලැබීමත් වාසනාවක්. ඒ නිසා ධර්මයට හොඳට සවන් දෙන්න. සවන් දුන් ධර්මයට අනුව සිතන්න. කතා කරන්න. කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ නමක් බුදු බවට පත් වී දේශනා කරන ධර්මය සසර දුකට ඖෂධයක්. ඒ ඖෂධයෙන් සදා නිවී සැනසුන උතුමන් වහන්සේට මහ රහතන් වහන්සේ යැයි කියනවා. ඒ ධර්මය අනුගමනය කරන හැමෝම බෞද්ධයෝ. හැමෝම සැනසිල්ලට පත්වෙනවා.

ඉතිරිය»

පිරිවර පින්කම් රැසකින් සැරැසෙන කඨින චීවර පූජාව

කඨින වස්ත්‍ර පූජා කරන විහාරස්ථානවල උදෑසන කාලයේ සිටම චීවරය මැසීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කෙරේ. කඩ කැපීම සඳහා දක්‍ෂ ස්වාමීන් වහන්සේ නමක හෝ ගිහි පින්වතකු ඉදිරිපත් වීම සිදු වේ. සිවුර සඳහා නියමිත අංග ඇතුළත් කර චීවරය මැසීම අනතුරුව සිදු කෙරේ. කඨින චීවරය මැසීම සඳහා දායක වීමට මහජනයා දක්වන්නේ විශාල කැමැත්තකි. නාගිතාපදානයෙහි සඳහන් වන පරිදි ඉදිකටු පාරක් පාරක් පාසා චක්‍රවර්තී රාජ සම්පත් ලැබෙන පින්කමක් වන හෙයින් කඨින සිවුර මැසීමට බොහෝ දෙනෙක් කැමැති වෙති.

ඉතිරිය»

රාජගිරිය, ධර්මපාල පෙදෙසේ සිරි විජයාරාමයේ අභිනව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අද බුදුසරණ මුල්පිටුවෙහි පළ කර ඇත.
විහාර මන්දිරය ඉදිකිරීම සඳහා මූලික ධන පරිත්‍යාගයන් මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න හා වෛද්‍ය කුමුදු කරුණාරත්න මහත්මිය විසිනි.
ඡායාරූපය – නන්ද ඒකනායක, කෝට්ටේ මධ්‍යම සමූහ

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]