UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

කල්පරුක්‍ෂ මහවිහාරය

නල්ලතන්නි කල්පරුක්‍ෂ මහ විහාරයේ වාර්ෂික කඨින පින්කම මේ මස 24 සහ 25 වැනි දින පැවැත්වේ. 24 වැනි දින ගිලන්පස පූජාව හා සර්වරාත්‍රික පිරිත් දේශනාවකි. 25 වැනිදා මහ සංඝරත්නය උදෙසා සාංඝික දානමය පින්කම සිදුකරන ලබන්නේ දෙහිපේ නන්ද හිමියන්ගේ මූලිකත්වයෙනි.

කිරුළපන පුෂ්පාරාමය

ශ්‍රී පුෂ්පාරාම වාර්ෂික කඨින පූජෝත්සවය මෙම 17, 18 දිනවලදී ඇල්කඩුවේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

මෙම 17 දින සවස 7.00 ට, සම්බුද්ධ ගිලන්පස පූජාව හා බෝධි පූජාව ශාස්ත්‍රපති දිවිතුරේ සමන්ත හිමියන් විසින් රාත්‍රී 9.00 ට පරිත්‍රාණ ධර්මදේශනාව ද , පසුදා අලුයම 6.00 ට කඨින චීවර පූජාව ද සිදු කැරේ. සවස 6.30 – 7.30 සම්බූද්ධ පූජාව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආචාර්ය පණ්ඩිත නායිම්බල ධම්මදස්සි හිමියන් විසින් කඨිනානිසංස ධර්මදේශනාව පවත්වනු ලැබේ.

ශ්‍රී බෝධිරාජ විහාරය

මාතලේ මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මේ මස 22 හා 23 යන දිනයන්හි පැවැත්වේ. 22 වන දා සවස ඇලගමුවේ විමලරතන හිමියන් මෙහෙයවනු ලබන බෝධි පූජා පින්කමකින් ආරම්භ වන මෙම පුණ්‍යෙීත්සවය 23 වනදා දහවල් පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවෙන් හා කඨින චීවර පූජාවෙන් නිමවේ. විහාරාධිපති මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

නිලන්නෝරුව පුරාණ විහාරය

මාතලේ මාදිපොල නිලන්නෝරුව පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මේ මස 20, 21 යන දිනයන්හි විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ. 20 වනදා සවස පැවැත්වෙන විශේෂ බෝධිපූජා පින්කම වැල්ගාලේ විමලකිත්ති හිමියන් විසින් පවත්වනු ලබන අතර 21 වන දින දවල් කඨින පුජාව හා සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමෙන් එය නිමාවට පත්වේ. එහි අනුශාසකත්වය දරන්නේ විහාරාධිපති මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නා හිමියන් විසිනි.

තොටගමු රත්පත් මහා විහාරය

තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් මහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ජිනරතන පඤ්ඤරාම ගාල්ල, මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පිටුවල සුමන නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් මේ මස 23 දින අලුයම 2 ට කඨින මහා පෙරහර තෙල්වත්ත, දළුවතුමුල්ල, මැටිවල, පැරෑලිය, වලකඩ ආදී ගම්මානවල සැරිසරා උදෑසන 5. 30ට තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් මහා විහාරයට පැමිණේ.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]