UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙදහස් හයසිය වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවැත්වෙන ශ්‍රී සම්බුද්ධ කේශ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික කන්ද උඩරට අති උතුම් දළදා සමිඳු වැඩවසන දළදා පුරවරයේ දී (25) ආරම්භ විය. බැතිමතුනට වැඳපුදා ගැනීම සඳහා කේශ ධාතුන් වහන්සේ මහනුවර අස්ගිරි ශ්‍රී විජයසුන්දරාරාමයේ විශේෂ පිරිත් මණ්ඩපයක් තුළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් විසින් තැන්පත් කළ අයුරු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි ගුණ සමරුවට පින්කම්

දෙස් විදෙස් පතල කීර්තිධර අග්ගමහා පණ්ඩිත මහ නා හිමියෝ බොහෝ කලකින් පහළවන දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන්වහන්සේ නමකි. 1887 ජූලි 23 දින අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයේ උපත ලද කුමරු පොල්වත්තේ අග්ගාරාමාධිපති පෝරඹ ධම්මාධාර රාජගුරු නාහිමි වෙතින් 1899 නොවැම්බර් 02 දින පැවිදිවිය. මේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයා ලොවට බිහිකළ ඒ ගුරු හිමියෝ ද පාලි, බුදුදහම බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුම් සම්භාරයෙන් හෙබි අතර ඉන්දියාවේ විශ්ව විද්‍යාලයන්හි ඉගැන්වූ මහා විද්වතෙකි.

ඉතිරිය»

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]