UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාරයීය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේ කඨින පින්කම නොවැම්බර් 4, 5 දිනයන්හි, අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාවේ කාරක සභික පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ගෙඩිගේ විහාරාධිකාරී ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නොවැම්බර් 05 වන දා දවල් අස්ගිරි මහ නා හිමි අනුනාහිමි ප්‍රධාන මහා සංඝරත්නය විසි පස් නමක් විෂයෙහි පිරිනමනු ලබන කප්රුක් පූජාව සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. මෙම අවස්ථාවට තායිලන්ත බෞද්ධ නියෝජිත පිරිසක් ද සහභාගී වෙති.


බොරලැස්ගමුව

බොරලැස්ගමුව දෙහිවල පාරේ පිහිටි දවුල්දෙන ඥාණිස්සර භික්‍ෂු ගිලන් හලේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් 05 වන දින පැවැත්වේ. ඒ නිමිත්තෙන් නොවැම්බර් 01 වන දා උඩපේරුවේ රතනසාර හිමි, 02 වන දා පැපිළියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 03 වන දා ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරාධිපති මහමෙව්නාවේ මංගල හිමි දම් දෙසුම් පවත්වන අතර 04 වන දා සවස 7 ට සෙත් පිරිත පැවැත්වේ. 05 වන දා කඨින පින්කම සිදු කැරේ.


මදුරන්කුලිය

මූන්දලම, මදුරන්කුලිය කීරිතිසිංහගම ශ්‍රී රතනජෝති විහාරස්ථානයේ කඨින පින්කම මුදලක්කුලියේ රතනජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 8 – 9 දිනවලදී ප්‍රදේශයේ සම්භාවනීය මහ සඟරුවනෙහි සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් නිරුතල්වේලි බෝධිධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.


ගැමුණුපුර

කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 4 සහ 5 යන දිනවලදී පැවැත්වේ. 05 වන දා අලුයම 02 ට 2/1 බී ගැමුණුපුර එන්.ඩී. අල්විස් මහතාගේ නිවසින් කඨින පෙරහර පිටත් වනු ලැබේ.


හෝකන්දර උතුර

හෝකන්දර උතුර පුරාණ විහාරයේ කඨින පින්කම පොළොම්මාරුවේ හේමාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 05 – 06 දිනවලදී සිදු කැරේ. 05 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනාවද ජයගත් මාවතේ දයා ජයවර්ධන මහත්මියගේ නිවසින් අලුයම 03 ට කඨින චීවර පෙරහර ආරම්භ වේ. 06 වන දා උදෑසන හා දවල් සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]