UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව කඨින පින්කම්

දඹදිව බුද්ධගයා, බරණැස, කුසිනාරා, ලුම්බිණි ආදී සිද්ධස්ථානවල වාර්ෂික කඨින පින්කම් උසස් අන්දමින් සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් කටයුතු යොදා ඇත.

කල්කටාවේ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරයේ කඨින මහා පින්කම ඔක්තෝබර් මස 29, 30 දෙදින සිදුකිරීමට ශ්‍රී ධර්මරාජික විහාරාධිකාරී එගොඩබැද්දේ උපරතන හිමියන් විසින් සූදානම්කර තිබුණි.

බුද්ධගයාවේ කඨින මහාපින්කම නොවැම්බර් මස 6, 7, 8 යන දිනයන්හි සිදුකිරීමට කටයුතු යොදා ඇත. නොවැම්බර් 06 දා බුද්ධගයාවේ සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම සහ 2600 බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් වැඩමකර වූ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ රෝපණය කිරීම සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහාපණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහා නා හිමියන් අතින් සිදුවේ. මහාබෝධි සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී සඡින් වාස් ගුණවර්ධන මැතිතුමා සහ එම මැතිණිය අතින් සිදුවේ. 06 දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වේ.

නොවැම්බර් 07 දා කඨින මහා පින්කම වෙනුවෙන් සිදුවන පන්සීය නමකගේ මහාසාංඝික දානය සහ කඨින මහාපෙරහර පැවැත්වේ. නොවැම්බර් 08 දා කඨිනානිසංස ධර්මදේශනාව ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිගරු ජනාධිපති උපදේශක ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති වල්පොල පියනන්ද නාහිමියන් විසින් සිදුකරනු ඇත. ධර්මදේශනාවෙන් පසුව බුද්ධගයා මහාබෝධි විද්‍යාපීඨයේ සිසුන් විසින් සිදුකරන සංස්කෘතික වැඩසටහනයි බුද්ධගයාවේ මෙවර කඨින මහා පින්කම සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි සචින් වාස් ගුණවර්ධන මැතිතුමා සහ එම මැතිණියයි.

බරණැස ඉසිපතන මිගදායේ කඨින මහාපින්කම ඉන්දියානු මහාබෝධි සමාගමේ සහකාර ලේකම්, සාරානාථ මධ්‍යස්ථානාධිති පැල්වත්තේ සීවලී හිමියන් විසින් සූදානම් කර ඇත. නොවැම්බර් මස 9, 10, 11 සිදුකිරීමට නියමිතය. සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනය 10 දා උදෑසන කඨින මහා පෙරහර සහ සියනමකට අධික මහාසංඝරත්නය උදෙසා පිරිනමන මහා සංඝික දානය, කඨිනානිසංස ධර්ම දේශනාව සිදුකරනු ලබන්නේ පොළොන්නරුව ගිරිතලේ ප්‍රධාන සංඝනායක ඇල්. දේවානන්ද නාහිමියන් විසිනි. මෙවර බරණැස කඨින මහා පින්කමේ දායකත්වය දරන්නේ කඩවත සුරංජිත් මෝටර්ස්හි අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා ඇතුළු එම පවුලේ අය විසිනි. 11 දා ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලගන්ධකුටි විහාරයේ 75 වන වාර්ෂික උත්සවය සහ මහාබෝධි විද්‍යාල සමූහයේ ත්‍යාග ප්‍රදානය සහ සංස්කෘතික වැඩසටහන සිදුවේ.

ඉන්දියානු මහාබෝධි සමාගමේ ලුම්බිණි මධ්‍යස්ථානයේ කඨින මහා පින්කම නොවැම්බර් මස 03 සහ 04 යන දෙදින සිදුවේ. 03 දා රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනය සිදුවේ. 04 දා දවල් මහා සංඝික දානය සඳහා ලෝකයේ බෞද්ධ රටවල් නියෝජනය කරමින් සහභාගී වන සියනමකට අධික මහා සංඝරත්නය උදෙසා පිරිනැමේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් සහභාගි වීමට ද නියමිතය. මෙවර ලුම්බිණි මධ්‍යස්ථානයේ කඨින මහා පින්කමේ දායකත්වය දරනු ලබන්නේ ශාන්ත හිමියන් සහ පි‍්‍රයන්ත කේතුමතී මැතිතුමාය.

මේ අතර ඉන්දියානු මහාබෝධි සමාගමට සම්බන්ධ අනෙකුත් මධ්‍යස්ථානයන්හි ද මෙවර කඨින පින්කම් සිදු කිරීමට මධ්‍යස්ථානභාර ස්වාමීන් වහන්සේලා විසින් කටයුතු යොදා ඇත.

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]