UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සහ මහජන බැංකුවේ 50 වන සංවත්සරය නිමිත්තෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව ඉකුත්දා මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය ආශි‍්‍රතව පැවැත්වුණි. එම පිණ්ඩපාත චාරිකාව සඳහා දිඹුලාගල, ආනමඩුව යන පිරිවෙන් වල සහ කරඬුලෙන ආරණ්‍යයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා 150 නමක් පමණ වැඩම කළහ. මෙම ස්වාමීන් වහන්සේලා වෙත මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් දවල් දානය පිරිනැමීම, පාත්‍ර ඇතුළු පිරිකර පූජා කිරීම හා පිරිවෙන් පොත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව මහතාගේ උපදෙස් පරිදි පැවැත්වුණු එම පින්කම් අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි එන්.වසන්ත කුමාර් මහතා ඇතුළු මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය හා මහජන බැංකු බෞද්ධ සංගමයේ නිළධාරින් හා අනෙකුත් ස්වේච්ඡා සංවිධාන හා වෘත්තිය සමිති නිලධාරින් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද සහභාගි වූහ. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි /සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු පිරිස පුණ්‍යානුමෝදනාවට එක්වෙමින්.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වන උපාධි ප්‍රදානෝත්සවය

ජූනි මස 10 වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රථම උපාධි (අභ්‍යන්තර) සිසුන් 249 ක් ද ප්‍රථම උපාධි (බාහිර) සිසුන් 247 ක් ද, පශ්චාත් උපාධි සිසුන් 262 ක් ද, ඇතුළුව 757 ක් උපාධි ලැබීමට නියමිත ය. මෙම සිසුන් අතර අභ්‍යන්තර විදේශ සිසුන් 53 ක් ද බාහිර ප්‍රථම හා පශ්චාද් උපාධි ලැබූ විදේශ සිසුන් 62 ක් ද සහිත ව විදේශීය සිසුන් 115 ක් මෙවර උපාධි ලැබීමට නියමිතව ඇත.

ඉතිරිය»

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]