UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලේ රජ මහා විහාරවාසී සාමණේරයන් වහන්සේ සත් නමක් අධිසිල් ලබති


වහමල්ගොල්ලෑවේ
පේමරතන හිමි

සුරුක්කුලමේ
ඉන්දරතන හිමි

වෙරුප්පන්කුලමේ
පියරතන හිමි

සුදුක්කුලමේ
චන්දරතන හිමි

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මිහින්තලේ රජ මහා විහාරවාසී සාමණේර භික්‍ෂූන් වහන්සේ සත් නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ පුණ්‍යෙීත්සවයක් ඉකුත් 19 වැනි දින මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී සිදු කැරිණි. ඓතිහාසික මිහින්තලා විහාරාධිපති උතුරු මධ්‍යම නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ශ්‍රී රතනජෝති රතනසාර නා හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ හත් නමක් මෙසේ උපසම්පදාව ලැබූහ.

ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති විහාරස්ථ සිරි කාලපාසාද පිරිවෙන්හි කෘත්‍යාධිකාරී උතුරු මධ්‍යම නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති නාමල්වැවේ රතනසාර නාහිමියන්ගේ ශිෂ්‍යයන් වන දැනට හඟුරන් කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙන්හි උසස් අධ්‍යාපනයෙහි නියුක්ත වෙරුප්පන්කුලමේ පියරතන, වලවාහැංගුනවැවේ උපරතන, වහමල්ගොල්ලෑවේ පේමරතන, සුරුක්කුලමේ ඉන්දරතන, පුදුක්කුලමේ චන්දරතන සහ අනුරාධපුර විජය විදර්ශන මහ පිරිවෙන්හි උසස් අධ්‍යාපනය ලබන මිහින්තලේ සීලරතන, වලවාහැංගුනවැවේ සිරිරතන යන සාමණේරයන් වහන්සේ මෙසේ උගතමනා බණ දහම් සපුරා උපසම්පදා ලැබූහ.

මිහින්තලා විහාරාධිපතින් වහන්සේම මිහින්තලා රජ මහා විහාරාධිකාරී වලවාහැංගුනවැවේ ධම්මරතන, විහාරවාසී දුන්නබිඳුනවැවේ පඤ්ඤාරතන, වලවාහැංගුනවැවේ මහින්දරතන යන හිමිවරුන්ගේ අභිමුවේ පැවිදි දිවිය ගත කරමින් මෙසේ උපසම්පදාව ලැබූහ.

වලවානැංගුනවැවේ
උපරතන හිමි

වලවානැංගුනවැවේ
සිරි රතන හිමි

මිහින්තලේ
සීලරතන හිමි

මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී එදින පැවැත් වූ උපසම්පදා උත්සවයේ දී මල්වතු විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී වෑ උඩ මංගල කීර්ති ශ්‍රී විපස්සි වනරතන හිමි, මල්වතු විහාරාධිවාසි ශාස්ත්‍රපති හේනේපොල ධර්ම කීර්ති ශ්‍රී දේවරක්ඛිත නන්ද හිමි, මල්වතු විහාරාධිවාසි උඩුගොඩ ශ්‍රී සරණංකර සුමංගල පේමානන්ද හිමි යන නාහිමිවරුන්ගේ උපසම්පදා අපේක්‍ෂිත සාමණේර හිමිවරුන්ගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කළහ. මල්වතු විහාරවාසි අඹන්වැල්ලේ සුමංගල හිමි, මල්වතු විහාරවාසි පණ්ඩිත ශාස්ත්‍රපති වැලිවිට සෝරත හිමි, මල්වතු විහාරවාසි කැටයාපතනේ ශ්‍රී ධර්ම රක්ඛිත පියදස්සි හිමි, මල්වතු විහාරවාසි ශාස්ත්‍රපති නැහිනිවෙල ශ්‍රී සුමන පියදස්සි හිමි, මල්වතු විහාරවාසි මන්දාරම්නුවර රාහුල හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කර්මාචාර්යන් වහන්සේ ලෙස කටයුතු කළහ.

මිහින්තලා රජ මහා විහාරයට වැඩම කළ උපසම්පදාලාභී හිමිවරු මහත් භක්ති ප්‍රණාමයෙන් පිළිගැනීමේ පෙරහරක් ඉකුත් 20 වැනි දින මිහින්තලා නගර මධ්‍යයෙන් ආරම්භ විය. මිහින්තලා රජ මහා විහාරස්ථානය වෙළෙඳ සංගමය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ත්‍රීවිලර් රථ සංගමය සහ මිහින්තලේ කඳුපාමුල වෙළෙඳ සංගමය එක්ව එම පෙරහර සංවිධානය කරන ලදී.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]