UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කරුණාභාරය අනුග්‍රහයෙන් පැවැති බුදුසරණ කෙටිකතා තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග බෙදා දුන් දා

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බුදුසරණ පුවත් පත හා කරුණා භාරයේ අනුග්‍රහයෙන් පවත්වන ලද කෙටිකතා තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම හා ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ‘සඳකඩපහණ’ කෙටිකතා සංග්‍රහය එළිදැක්වීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ දී පසුගිය 26 වන දා පැවැත්විණ.

එම අවස්ථාවට වැඩම කළ ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමියෝ අනුශාසනාවක්ද ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ‘බෞද්ධ සාහිත්‍ය’ යනුවෙන් දේශනයක්ද පැවැත්වූහ.

ලේක්හවුස් සහාපති බන්දුල පද්මකුමාර මහතා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා, කරුණා භාරයේ සභාපති මහින්ද කරුණාරත්න මහතා හා එම මහත්මිය, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් ‘සඳකඩ පහණ’ කෙටිකතා සංග්‍රහය යනුවෙන් විශේෂ දේශනයක් ද පැවැත්වීය.

එම කෙටිකතා තරගයේ ප්‍රථම ස්ථානය දිනු අයි.ඩබ්ලිව්. ජී.යූ.කේ. වීරසිංහ දෙවන ස්ථානය දිනූ බණ්ඩාර වැවගෙදර හා තෙවන ස්ථානය දිනූ කුමාර කවිරාජ ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා අතින් ත්‍යාග ලබාගත්හ.

නෙල්සන් එස්. පෙරේරා විසින් සංස්කරණය කරන ලද සඳකඩ පහණ කෙටිකතා සංග්‍රහයේ ප්‍රථම පිටපත මහින්ද කරුණාරත්න මහතාගේ බිරිය විසින් ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියන්ට එහිදී පිළිගන්වන ලදී.

 


ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා තිරුකුණාමලේ ආනන්ද අනු නා හිමි

“සඳකඩ” පහන පිළිගන්වමින්

පොල්තෙල් පහන දැල්වූ අවස්ථාව

ප්‍රථම ස්ථානය

පැමිණ සිටි පිරිසෙන් කොටසක්

දෙවන ස්ථානය

තෙවන ස්ථානය

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]