UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

 

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ කඨින පූජා පින්කම මෙම මස 28 හා 29 යන දිනයන්හි ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 28 වන දා උදෑසන කිරිවෙහෙර වහන්සේට මල් පහන් කිරි ආහාර පූජා කිරීමද එදින කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ දුටුගැමුණු ධර්ම ශාලාවේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවද පැවැත්වේ. මධ්‍යම රාත්‍රියේ පූජා නගරය, සෙල්ලකතරගම, නවනගරයේ ගමන් කර ප්‍රධාන දායිකාවගේ නිවසේ සිට කඨින පූජා පෙරහර නවනගරය පූජා නගරය හරහා කිරිවෙහෙර රාජ මහා විහාරයට පැමිණේ.

අනතුරුව කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වා චීවර පූජාව සිදුකැරේ. 29 වන දා දවල් අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.

ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල සංඝමිත්ත කුළඟන සමිතිය ‘මහජන සිල් සමිතිය’, කතරගම බෞද්ධ සංගමය හා විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.
 


බම්බලපිටියේ මෙත්තාරාමය

බම්බලපිටියේ මෙත්තාරාමයේ කඨින පින්කම නොවැම්බර් මස 11 – 12 දිනයන්හිදී ශ්‍රී වේදැනන්ද ගුණානුස්මරණ කාන්තා සමිතියේ මෙහෙයවීමෙන් සිදු කැරේ. ඒ නිමිත්තෙන් ඔක්තෝම්බර් 18 වැනි දා ඇරැඹි ධර්ම දේශනා පින්කම් මාලාව නොවැම්බර් 10 වැනි දා දක්වා රාත්‍රී 7 ට පැවැත්වේ.

ඒ අනුව ඔක්තෝබර් 28 බොරැල්ලේ අතුල හිමි, 29 ඇරැව්වල සුධම්ම හිමි, 30 කොරතොට වෙස්සභු හිමි, 31 කිරම රාහුල හිමි, නොවැම්බර් 01 කැටයාපතනයේ පඤ්ඤාලෝක හිමි, 2 ද, නාබිරිත්තන්කඩවල ඤාණරතන හිමි, 3 දා මොරවක සෝරත හිමි, 4 පන්නල ඤාණාලෝක හිමි, 5 රජවත්තේ වප්ප හිමි, 6 හක්මන සුමනසිරි හිමි, 7 බලංගොඩ සෝභිතනා හිමි, 8 කොටපොල අමරකිත්ති හිමි, 9 මිරිස්සේ ධම්මික හිමි, 10 කොත්මලේ දිස්සාග හිමි, 11 දා සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන අතර පසුදා අලුයම කඨින චීවරය සඟසතුකොට පූජා කැරේ. මෙදින දහවල් මහසඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමෙන අතර පස්වරු 5 ට කඨිනානිසංස ධර්ම දේශනාව රණස්ගල්ලේ ඤාණවීර හිමියන් විසින් පවත්වනු ලැබේ.
 


 

උණවටුන ගල්කැටිය පුරාණ රාජමහා විහාරය

උණවටුන ගල්කැටිය පුරාණ රාජමහා විහාරයේ (ද්වි භූමිකාරාමය, කඨින පින්කම නොවැම්බර් 8 – 9 දිනවල විහාරාධිපති අහංගම සුමනවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි අහංගම සිරි විජය හිමියන්ගේ සංවිධානයෙන් පැවැත්වේ.


 

විද්‍යෝදය පිරිවෙනේ කඨින පින්කම

මරදාන මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 31 සහ නොවැම්බර් 1 වන දා විද්‍යෝදය පරිවෙනාධිපති බළංගොඩ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. එම පින්කමෙහි ප්‍රධාන දායකත්වය කොළඹ ආනන්ද බාලිකා විදුහලේ බෞද්ධ සංගමය දරනු ලබන අතර 31 දින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ.

නොවැම්බර් මස පළමු දින පාන්දර 4.30 කඨින චීවර පූජා පෙරහර ද නොවැම්බර් 03 දින උදේ 08.00 ට ධර්ම දේශනාවක්ද පැවැත්වේ.


බද්දේගම දුටුගැමුණු විහාරය

බද්දේගම හැඩිදෙමළකන්ද දුටුගැමුණු විහාරස්ථානයේ කඨින පූජා පින්කම නොවැම්බර් 1 සහ 2 දිනවලදී පැවැත්වේ. 1 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පසුදින අලුයම කඨින චීවර පූජාවෙන් පසු සංඝගත දක්‍ෂිණාවක්ද සිදු කැරේ.


කොබවක සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ කඨින පින්කම් මාලාව නොවැම්බර් 6, 7, 8 යන දිනවලදී පැවැත්වේ.

6 වන දා සවස 3 ට සංඝ අභිමාන චීවර පූජාවද සවස 6 ට බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් විසින් පවත්වනු ලබන දහම් දෙසුමද 7 වන දා සවස 5 ට ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන්, රට වාසීන්ට සෙත් පතා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 7 ට ගෝවින්නේ පඤ්ඤාලෝක හිමියන් විසින් පවත්වනු ලබන දහම් දෙසුමද 8 වන දා උදෑසන කඨින පූජාවද දවල් අර්ධ ශතාධික සංඝගත දක්‍ෂිණාවද පැවැත්වේ. එදින සවස 06.30 ට කඨිනානිශංස ධර්ම දේශනාව මාවරලේ භද්දිය හිමියන් විසින් ද පවත්වනු ලැබේ. එම පින්කම් මාලාව දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කැරේ.
 


උණවටුනේ රූමස්සල කන්ද ශ්‍රී සමුද්‍රගිරි පිරිවෙන

උණවටුනේ රූමස්සල කන්ද ශ්‍රී සමුද්‍රගිරි පිරිවෙන් ආරම්භක විහාරාධිපති ශාස්ත්‍රපති සිරි සුදස්සී රූමස්සල නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 08 දින රාත්‍රී බෝධි පූජාව ඇතුගල්පුර ධම්මානන්ද හිමියන් විසින් ද විශේෂ ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ශ්‍රී සුදර්ශනගිරි විහාරාධිපති රතනසාර පරිවේණාධිපති හිමියන් විසින් ද පවත්වනු ලැබේ.

9 වන දා පෙරවරු 9 ට දහම් පාසල් සහ පිරිවෙණෙහි සිසුන්ට තෑගි සහතික බෙදාදීමේ කෙටි දහම් හමුවෙන් අනතුරුව දවල් 11 ට කඨින මහා චීවරය සහිත සියලුම පූජා භාණ්ඩ මහා සංඝරත්නය වෙත පූජාකර දායකකාරක සැමට පුණ්‍යොනුමෝදනය කැරේ. 34 වෙනි වතාවට වස්කාලයේ දායකත්වය වැල්ලම්පිටිය දහම්පුර ආර්යවංස පුෂ්පසිරි මහතා ප්‍රධාන ඥාති හිතමිත්‍රාදීන්ගේ අනුග්‍රහයෙනි.
 


ගල්දූව ආරණ්‍ය සේනාසනය

ශ්‍රී සම්බුද්ධ සාසනානුග්ගහ සමිතිය මගින් සංවිධානය කරනු ලබන ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම නොවැම්බර් මස 02 දින පැවැත්වේ. නොවැම්බර් මස 01 වෙනි දින සවස සත්බුදු පූජා පින්කම පවත්වා රාත්‍රී ධර්ම දේශනයද පැවැත්වේ.
 


කුඹල්ඔලුව ශ්‍රී සුදර්ශනාරාමය

කුඹල්ඔලුව ශ්‍රී සුදර්ශනාරාමයේ කඨින පින්කම නොවැම්බර් 1 – 2 දිනවලදී පැවැත්වේ. 1 වන දා සවස 5 ට දහම් දෙසුම අතුරලියේ රතන හිමියන් විසින් ද 6.30 ට ආශිර්වාද බෝධි පූජාව අස්සජි හිමියන් විසින් පස්වරු 7.30 ට ශ්‍රී පුණ්‍යවර්ධන දහම් පාසලේ ගුරු සිසු ත්‍යාග ප්‍රදානයද රාත්‍රී 08.30 ධර්ම දේශනාව සීනිපැල්ලේ ධම්මවිජය හිමියන් විසින් ද 02 වනදා උදෑසන කඨිණ චීවර පූජාවද දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවද 06.30 මල්පූජාවද කඨිනානිශංස ධර්ම දේශනාව මිල්ලෑවේ මහින්ද හිමියන් විසින් ද පවත්වනු ලැබේ.
 


මාතලේ බෝගහකොටුව ශ්‍රී විජයතිලකාරාමය

මාතලේ බෝගහකොටුව ශ්‍රී විජයතිලකාරාමයේ කඨින පූණ්‍යෙීත්සවය නොවැම්බර් මස 01 හා 02 යන දෙදින පැවැත්වේ.
 


මාතලේ රත්තොට ගනේතැන්න ශ්‍රී පූර්වාරාම රාජ මහා විහාරස්ථානය

මාතලේ රත්තොට ගනේතැන්න ශ්‍රී පූර්වාරාම රාජ මහා විහාරස්ථානයේ කඨින පුණ්‍යෙීත්සවය නොවැම්බර් මස 01 – 02 දෙදින පවත්වයි.
 


වැලිගම පැළෑන ගංගාරාමය

වැලිගම පැළෑන ගංගාරාමයේ කඨින පින්කම මෙම 31 දින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනයද අලුයම කඨින වස්ත්‍ර පූජාවද පවත්වා නොවැම්බර් 01 දින දවල් අර්ධ ශතාධික මහා සඟරුවන විෂයෙහි දානය පිරිනැමීම විහාරාධිපති පැළෑනේ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැල්පොල සුසීම හිමියන්ගේ සංවිධානයෙන් සිදු කැරේ.

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]